Pages

Saturday, July 23, 2011

Bliss හෙවත් Windows XP වල තියෙන “ ලුනා “ Desktop Wall paper යේ මේ කතාව දන්නවද?

දැකලා තියෙනවා නේද මේ පින්තුරය??



ම්..ම්..කොහේද? මතක් වුනා නේද?
මොකද ඉතින් වින්ඩෝස් XP පාවිච්චි නොකරපු කෙනෙක් ඉන්න බෑනේ නේද?

අද කියන්න යන්නේ XP වල තියෙන “ ලුනා “ නමින් හදුන්වන
(Desktop Wall paper )ඩෙක්ස් ටොප් වෝල් පේපර් එක ගැන..

ඒත් මොනවද කියන්නේ..
කියවලාම බලන්න අදහසක් දාන්නත් අමතක කරන්න එපා..

කට්ටිය මොකද කියන්නේ මේක හදපු පින්තුරයක්ද?
නැතිනම් කැමරාවකින් ගත්ත පින්තුරයක්ද?

මේක ඇත්තටම ගත්ත පින්තුරයක්...
මේ ඒ මම ඔබ අපි බොහෝ දෙනා නොදන්න පැත්තයි.
තොරතුරු විකිපිඩියාවෙන් හා අන්තර්ජාලයෙන් තමා සොයාගත්තේ...

වෘත්තිය ජයාරෑප ශිල්පියකු වන චාල්ස් ඕ රියර් තමා අපි මේ දකින පින්තුරය අරගෙන තියෙන්නේ..

1996 දි ඇමරිකාවේ කැලිෆොනියාවේ, සොනාමා ගමේ ගිණීකොන පැත්තේ තියෙන නාපා නිම්නයේ පරණ ක්ලෝවර් ස්ටෝනේටා සමාගමේ ගොවිපල අසල...
ඒත් චාල්ස් ඕ රියර් ගේ නම් පින්තුරයක් හොයාගන්න පුළුවන් වුනේ නෑ..

මේ Bit map වර්ගයේ පින්තුරය XP වලදි ලුනා විදියට හැදින්වුවත් මේ පින්තුරය නම් කරලා තියෙන්නේ Bliss හෙවත් සර්ව සම්පුර්ණ සතුට යන්නයි.


ඇමරිකානු ජාතිකයකු වන චාල්ස් ඕ රියර් ශාන්ත හෙලේනා හි පදිංචි අතර හයිටර්න් නැමති ඩිජිටල් සමාගම යටතේ රාජකාරි කටයුතු කරයි.1978 සිට National Geography Magazine සගරාවේ අවුරුදු 25 ට වැඩි කාලයක් වැඩ කර ඇති අතර එහිදි මිදි වගාවන් තම කාචයට හසු කර ගැනීම ඔහුගේ රාජකාරිය වු අතර 1996 මිදි වගා නොකල ස්ථානයකදි මෙම ජයාරෑපය ඔහු විසින් ගෙන ඇත. බ්ල් ගේට්ස් සතුව ඇති Stock photography ආයතනයේද කටයුතු කර ඇත.

අද වන විට මිදි හා වයින් සඳහා වන පොත් 07ට පමණ ජයාරූප සපයා ඇත.


ඒ ගැන බලන්න පුළුවන් මේ ඔහුගේ වෙබ් අඩවියෙන්..
මෙතනින් යන්න..

2006 නොවැම්බර් මාසයේදී Goldin හා tsemneby සමාගම නැවතත් මෙම ජයාරෑපය ගත් ප්‍රදේශය නරඹා එම ස්ථානය වසර 10 පසු ව ජයාරෑප ගත කරන ලදි.
මේ තියෙන්නේ ඒ ජයාරෑපය.. මොකද හිතෙන්නේ?


මිදි වගාවට හසුව තිබු එම ප්‍රදේශය ඇතුලත් වු එය 2007 වසරේ ප්‍රංශයේ La vitrine ශාලාවේ පැවති “Paris was Yesterday” ප්‍රදර්ශණයේ දී පලමු වරට එලි දක්වන ලදි.


2001 දි ඔහුගේ මේ ජයාරෑපය යොදා ගනිමින් මයිකොසොෆ්ට් සමාගම හා වෙලද ප්‍රචාර ආයතනයක් වන මැකේන් එරික්සන් සමාගම එකතුව ඩො.මි.200 ඉතා විශාල වෙලද ප්‍රචාරයක් ගෙන ගියේ තව තවත් අය ජයාරෑප ගත කිරීම් සඳහා උනන්දු කිරිමට වු අතර එයYes you Can ලෙස නම් කර තිබුනි.

කොහෝම වුනත් පින්තුරය ගිය දුර කොහෝමද නේද?

22 comments:

  1. නියමයි මචං.. ඇත්තටම දන්නෙ නැති දෙයක් දැනගත්තා.. ආසාවෙන් කියව්වේ.. පට්ට

    ReplyDelete
  2. මෙහෙම සීන් එකක් කලින් දැනන් හිටියේ නැහැ නේ..නියමයි

    ReplyDelete
  3. අප්පට සිරි.ඉස්සර හැමදාම දැක්කා.දැන් අඩුවෙන් තමා දකින්නෙ ඕක..එලකිරි

    ReplyDelete
  4. පිංතූරෙ දැක්කට ඒක හැදුනෙ කොහොමද අනං මනං විස්තර දැනගෙන හිටියෙ නෑනෙ :) අවුරුදු 10කට පස්සෙත් වෙනස්වෙලා තියෙන්නෙ අර දකුණු පැත්තෙ පඳුර විතරයි.. කොහොම උනත් නියම ලිපිය! කවදාවත් දැනගෙන හිටපු නැති දෙයක් දැනගත්ත :)

    ReplyDelete
  5. ithama hoda post ekak.mara vedagath.thank meka demmata

    ReplyDelete
  6. ඇත්ත විස්තරේ දැන ගත්තේ දැන්නේ....

    ReplyDelete
  7. මෙ සුද්දොන්ට ඔනේ නෑති රෙද්දක් නෑහෑ.. බලන්න ඒ ලස්සන පරිසරයේ මිදි වගා කරලා කෑත කරලා.... :(

    ReplyDelete
  8. නියමයි ඇත්තටම දැනගෙන හිටියේ නෑ මේ ගැන... සික් මුං මේකෙ ලස්සන කාලනේ

    ReplyDelete
  9. perception gana hithanna meka udawwak

    ReplyDelete
  10. නියමයි ! මම දැනගෙන හිටියෙ නෑ මේක ඇත්ත පින්තූරයක් කියලා..මම හිතුවෙ හදපු එකක් කියලා..කොහොම උනත් බොහොම ස්තූතියි....නොදැන හිටපු දෙයක් ඉගෙන ගත්තා..

    ReplyDelete
  11. මරැ මචං..නොදන්න දෙයක්..කවැත් නොසොයන දෙයක් උබ අපිට කියලා දුන්නෙ එල ජය වේවා

    ReplyDelete
  12. thanks chamika mm meka uputa gaththata kamak nadda

    ReplyDelete
  13. thanks chamika mm meka uputa gaththata kamak nadda

    ReplyDelete
    Replies
    1. ඔබට වගේ ම අනෙක් අයට යහපතක් වෙනවනම් ! කිසිම ප්‍රශ්ණයක් නැහැ!!
      මේ ගැන පැවසීම ගැන ඔබට ස්තුතියි!! එවැනි පුද්ගලයන් බොහෝමත් අඩුයි!! ජයවේවා!

      Delete
  14. මාර පොරක්නෙ ඔයා...එල වැඩනෙ කරන්නෙ....

    ReplyDelete
  15. බොහෝ කලකට පසු කියවන්න ලැබුනා අඟනා බ්ලොග් ලිපියක් . බොහොම ස්තූතියි නොදත් දෙයක් කියා දුන්නාට .

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??