Pages

Monday, April 4, 2011

“කෆීර්“ Kfir ගැන මෙන්න... Let 's Learn about Kfir - "The Lion Cub"

“කෆීර්“ කියන වචනය දැක්ක ගමන්ම මතක් වෙන්නෙ පසුගිය දිනක
ලංකාවේ වු ගුවන් යානා අනතුරයි.
දිවි හිමියෙන් ත්‍රස්ත්‍රවාදි පැරදවීමට සටන් කල ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ දක්ෂ පියාසර නිලධාරියකු අපට අහිමිව ගියා..


ඒ බලපන්ති ලුතිනන් මොනාත් පෙරේරා මහතායි.


ශ්‍රේෂ්ඨ විරුවානෙනි.. ඔබට නිවන් සුව..

මේ ඒ සමගම වැඩි වශයෙන් කතා බහට ලක්වු “කෆීර්“ යානාව

ගැන තොරතුරු ටිකක්... අන්තර්ජාලයෙන් තමා සොයා ගත්තේ!!
බොහෝදෙනෙකුට වැදගත් වේවි කියාලා හිතෙනවා...

අනික ප්‍රහාරක යානාගැන දැනගන්න මම
වගේම අනිත් අයත් කැමති ඇති කියලා හිතනවා.


කියවාලා අදහසක් දාලා යන්න කියලත් ඉල්ලනවා...

1960 දශකයේ මැද Dassault Aviation නම් සමාගම

ඊශ්‍රායලයේ ඉල්ලීම පරිදි යානය භුමියට නිවැරදිව ප්‍රහාර එල්ල කිරීමට හැකි ලෙස Mirage 5 නම් යානය දියුණු කරමින් නිපදවන ලෙස ඉල්ලීමක් කල අතර

1967 වන විට මෙම සමාගම Mirage 5 නම් යානා 50ක් ඊශ්‍රායලයේ මුදල් ගෙවීම මත සාදා නිම කරන ලදි.

1967 දී ප්‍රංශරජය විසින් මෙම ගණුදෙනුව තහනම් කල අතර එයට පිලිතුරු ලෙස ඊශ්‍රායල බුද්ධි අංශ විසින් Mirage 5 යානයේ ප්‍රංශ සැලසුම් සියල්ල සොරකම් කරමින් ඒ ඇසුරින්ම එයට සමාන වු යානයක් නිපදවීමට කටයුතු කරන ලදි.මෙය ඊශ්‍රායලයේ ගුවන් යානා නිපැයුමේ ඇරඹුමයි.

Mirage 5



1973 ජුනි මාසයේ ඊශායලයේ IAE හෙවත් Israel Air Craft Industries ආයතනය J79 නම් ටර්බෝජෙට් එන්ජින්
සහිතව නිපද වු

මෙය “කෆීර්“ ලෙස නම් කරන ලදි.



කෆීර්යනු සිංහ පැටියායන්නයි.



මෙහි මුල්ම නිපැයුම වුKfir C1
ගුවන් යානා 27ක් ආජන්ටිනාවට විකුණු පසු
එම ගුවන් යානයට තවත් දෑ එකතු කරමින්

Kfir C2 ගුවන් යානය නිපද වන ලදි.

Kfir C2 ගුවන් යානය




ගොඩබෑම සඳහා හා ගුවන් ගත කිරීමට අවශ්‍ය වන ඉඩ කඩ අඩුකරමින් හා ඉදිරියේ ඇති හිස කොටසේ නැම්මක් ඇති කරමින් Kfir C2 යානා 185 ක් නිපද වන ලදි.මෙහිම පුහුණුවීම සඳහා භාවිතා කල හැකි ගුවන් යානයක් හදුන්වා දුන් අතර ආසන 02 යුතු වු එය KfirTC2 නම් වු අතර හැඩයෙන් අලංකාර නොවු
මෙය “Big Nose“ ලෙසද හදුන්වන ලදි.

Kfir C7



1983 දී Kfir C7 ලෙස තනි ආසනය සහිත යානය හදුන්වා දුන් අතර එන්ජිම වැඩි දියුණු කරමින් එහි බර 454Kg දක්වා අඩුකරමින් ද ආයුධ රැගෙන යාම, EL/M-2001නැතිනම් EL/M-2001B ලෙස හැදින්වු රේඩාරයක්ද යානයේ ගෙන යා හැකි බර 1540Kg ලෙස වැඩිකරමින් සාදන ලද අතර පුහුණුවීම සඳහා භාවිතා කල හැකි ගුවන් යානය ලෙස Kfir TC7 නම් යානය හදුන්වා දෙන ලදි.

පසුව

Kfir C8 ...Kfir C9....Kfir C10....Kfir C12
යනුවෙන් කෆීර් යානා දියුණු කර නිපද වීමට ද ඊශ්‍රායලය කටයුතු කරමින්
සිටින අතර මේ සඳහා Multimode රේඩාර් යන්ත්‍රද,
Python IV නම් වු ගුවනේ දි එල්ල කල හැකි මිසයිල
සවිකිරීමටද අදහස් කර ඇත.

Python IV


යානය ගැන කෙටි හැදින්වීමක්...


“කෆීර්“ යනු “සිංහ පැටියා“ යන්නයි.

දිග අඩි 53යි අගල් 08 එනම් (මීටර 16.36)

පියාපත් වල දිග අඩි 27 යි (මීටර 8.24)

උස අඩි 14 අගල් 11.25 (මීටර 4.55)

හිස් යානය 7285 Kg බර වන අතර ගෙන යා

හැකි උපරිම බර 16500 Kg වේ.

උපරිම වේගය පැ.කිලෝමීටර 2440 වේ.

6085 Kg පමණ බර වන තෙක්ආයුධ ගෙන යා හැකි වේ.

මෙහි රැගෙන යන ආයුධ ලෙස
Shafrir 2
Pyton 3R මිසයිල
රොකට්
MK80 බෝම්බ
ආදිය දක්නට ලැබේ.

මේ දක්වා මෙවැනි යානා 212 ක් පමණ නිපදවා ඇත.

ශ්‍රි ලංකා ගුවන් හමුදාව KfirTC2,Kfir C2,Kfir C7
යානා භාවිතා කරනු ලැබේ...

2 comments:

  1. කෝ කවුරුත් නැදදෝ.........????

    ReplyDelete
  2. සමහර තොරතුරු වැරදියි වුවත් සමස්ථයක් හැටියට හොදයි

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??