Pages

Thursday, April 7, 2011

Google Doodle ගැන දන්නවද?


සමහරක් දවසට කම්පියුටරේ දාලා
Google ගියාම,
මෙන්න ඒකේ ලෝගෝ එක වෙනස් කරලා

දැක්කා නේ මේක???

ඉතින් හොයලා බැලුවා මොකද මේ??
පස්සේ තමා දන්නේ 2011-02-08 ජුලස් වර්න්ගේ උපන්දිනේ බව!

මටත් හිතුනා මේ වෙනස් වෙන ගුගල් ලෝගෝ ගැන
විස්තර ටිකක් හොයලා බෙදා ගන්න ...
ත්‍රෙඩ් එක දිග වුනාට වැදගත් වේවි කියාලා හිතනවා

සියල්ලම සොයා ගත්තේ අන්තර්ජාලයෙන්...


ඉතින් කියවලා බලලා අදහස් දාලාම යන්න...

මේවා හදුන්වන්නේ ගුගල් ඩුඩල්ස් කියාලා...

Doodles
යනු අමතක වු යමක් කිසිවක් නොලියා
චිත්‍රයක් මගින් මතක් කිරිම යන්නයි.


මුලින්ම මම ගුගල් ලෝගෝ එක ගැන කියන්නම්...
මේ තියෙන්නේ ඒක

මේක හැදුවේ
Sergey Brin 1998 දී GIMP නමින් හදුන්වපු මෘදුකාංගයෙන්...

ටික දවසකට පස්සේ ඒකට විශ්මයාර්ථ ලකුණකුත් එකතු කලා..

1999 අගෝස්තු 01 ඉදලා දෙවනියට හදපු මෙන් මේ ලොගෝ එක පාවිච්චි කලා..

ඒක තමා අපිට හුරු පුරුදු මේක හදලා තියෙන්නේ රෑත් කාඩර් කියන ස්ටැපර්ඩ් විශ්වවිද්‍යාලයේ කලා මහාචාර්යවරයෙක්

ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2010 මැයි 06 වෙනිදා මෙන්න මේ අලුත්ම ලෝගෝ එක පාවිච්චි කලා..

වෙනසක් නම් බැලු බැල්මට නොපෙනුනාට කලින් ලෝගෝ එකේ තිබුන
කහපාට O අකුරේ හෙවනැල්ල නැති කරලා..
ඒක තැඹිලි පාට කරලා..

ඔන්න ඔහෝම තමා Google ලෝගෝ එක ගැන විස්තර

දැන් මම කතාකරන්නේ මේ Google Doodle ගැන
doodles යනු අමතක වු යමක් කිසිවක් නොලියා
චිත්‍රයක් මගින් මතක් කිරිම යන්නයි.

ඒ කියන්නේ දවසින් දවස හිටපු ගමන් වෙනස් වෙන ගුගල්
ලෝගෝ එක ගැනමේ ලෝගෝ ඩිසයින් කරන්නේ ඩෙනිස් හොන්ග් සහ ඔහු සමග සිටින මෙන්න මේ හතර දෙනායි...
Micheal Lopez, Ryan Germick, Susie Sahim සහ
Jennifer Hom.


මේ කණ්ඩායම දැනටම මේ ඩුඩල් 300 කට වඩා හදලා තියෙනවා....

මුල්ම එක පටන් ගත්තේ 1999 දි ඒ ගුගල් හිමිකරුවකු වන ලැරි පේජ් හා සර්ජි බ්‍රින් ඒ ඇමරිකාවේ නෙවාඩා හි තිබුනු
Burning man festival නමින් හදුන්වන උත්සවයට මේ දෙන්නා එන බව මිනිසුන්ට දන්වන්න සඳහා ටික දවසකටයි.මෙන්න ඒ පලවෙනි එක

2000 දි ඔවුන් මේ ලෝගෝ හදන්න
ඩෙනිස් හොන්ග් භාරදුන්නා..
ඔහු හදපු පලවෙනි එක තමා මේ..

ඒ ප්‍රංශයේ ජාතික දිනය ගැනයි...


මේ ලෝගෝ හදලා මීට අදාල වු කාරණය පිළබඳ විස්තර දැනගැනීමට ඒකට Google search results
ලින්ක් එකක් දාලා හොන්ග් මේ වැඩේ ලස්සනටම කලා...
මේක ඔහුගේ රැකියාවේ 20% විතරයිලු.

මේ තියෙන්නේ අපේ ඩෙනිස් හොන්ග් කොහෝමද ලෝගෝ එකක් හදන්නේ කියාලා...

පිස්සු හැදෙයි කවුද මේවා හිතන්නේ...


මේ ගුගල් doodles
එක මගින් ලෝකයේ ප්‍රසිද්ධ වු පුද්ගලයන්, විද්‍යාඥයින්, ජාතික දින, ගුගල් සමාගමේ විශේෂ අවස්ථා,ථෛතිහාසික අවස්ථා ආදිය මතක් කර දෙනවා...මේවා සමහර විට ලෝකයට මත් සමහර විට එක් එක් රට වෙනුවෙනුත් ගුගල් මුල් පිටුවේ පෙන්වනවා..

මේ තියෙන්නේ 2011 දි පිට වුනු
ගුගල් doodles




මේ ගැන කතා කරද්දී තව විශේෂ අවස්ථාකුත් තියෙනවා...
ඒ 2007 වැලන්ටයින් දිනයට දාපු ගුගල් doodles එකේ L අකුරක් නෑ...
මේ තියෙන්නේ ඒක.

පෘතුවිය වෙනුවෙන් පැයක් යන තේමාව යටතේ නිකුත් වු
"the turning off of lights".
ගුගල් doodles
එක තමා මේ....
මේ පාර මේ දිනය 2001 03 26 මේ දිනයේදී පැයක් පමණ විදුලිය නිවා තැබීම සිදුකරනවා..

මෙච්චර වෙලා ත්‍රෙඩ් එක කියවපු ඔයාලටත් ගුගල් doodles නිර්මාණය කරන්න පුළුවන්..

ඒත් අපේ වයස වැඩි වගේ..
දන්න පොඩි අයට කියන්න.. මේ ලින්ක් එකේ වැඩි විස්තර තියෙනවා...
http://www.google.com/doodle4google/

මේ ඉන්නේ 2009 තරගය දිනලා තමන් ගේ ගුගල් doodles ගුගල් එකේ දාගත්ත අවුරුදු 09 වයස ඉන්දියාවේ පුරු ප්‍රතාප් සිං

26 comments:

  1. ගොඩක් වැදගත් ලිපියක්..

    ReplyDelete
  2. @ගැමුණු : ගොඩක් ස්තුතියි යාලුවා! :)

    ReplyDelete
  3. thanks a lot for ur comments!
    ස්තුතියි දෙන්නටම...තවත් හොද දේ දාන්න බලාපොරොත්තු වෙනවා!
    ඉඩ තියෙන වෙලාවට ඇවිත් යන්න..

    ReplyDelete
  4. This was very important..nice job bro..

    ReplyDelete
  5. ගොඩක් ස්තුතියි යාළුවා.. දැනුවත් කිරිමට.. :)

    ReplyDelete
  6. ගොඩක් ආසාවෙන් කියෙව්වා. නොදන්න ගොඩක් දේවල් දැනගත්තා. අපිත් එක්ක බෙදා ගත්තාට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  7. elakiri!! නියම පෝස්ට් 1

    ReplyDelete
  8. ගොඩක් වැදගත් ලිපියක් !!!
    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා

    ReplyDelete
  9. වටිනා අදහස් ටිකක් . බොහොම ස්තූතියි .

    ReplyDelete
  10. watinawa machan.. digatama karan yanna..ela..

    ReplyDelete
  11. thanks a lot for ur comments!
    upulcla = xfile
    තරු අහස
    හංසි
    චතුමිතු
    Uvindu
    මධුරංග
    Gimhani / chana ස්තුතියි හැමදෙනාටම...
    තවත් හොද දේ දාන්න බලාපොරොත්තු වෙනවා!
    ඉඩ තියෙන වෙලාවට ඇවිත් යන්න..

    ReplyDelete
  12. යකෝ මේ මූනෙ.... කවුද දන්නෙ තෝ කියල... :O

    ReplyDelete
  13. එල එල අයියේ
    නොදන්නා දෙයක් ගැන දැනගත්තා

    ReplyDelete
  14. ගොඩක් වැදගත්.. ස්තූතියි අපිටත් කියල දුන්නට.. කවද හරි මගේ ගැනත් ගූගල් ඩූඩල් එකකින් පෙන්නනවනම්.. :D :P

    ReplyDelete
  15. kauda hethuve me lorgo eke metharamarthayak ethi keyala

    ReplyDelete
  16. ගොඩක් වැදගත් ලිපියක්.

    ReplyDelete
  17. i like this article verrrrrrrry much

    ReplyDelete
  18. ගොඩක් හොදයි මචන්...

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??