Pages

Tuesday, April 5, 2011

“බක් හවුස්“ (Buck House) ගැන දන්නවාද??

ලෝක කුසලානයත් ඉවරයි නේද??
ඒ එක්කම ලොව තවත් මංගල්‍යයක අසිරිය විදිමට සුදානම් වෙමින් ඉන්නවා...මොකක්ද ඒ???

ඒ තමා අනාගත බ්‍රිතාන්‍ය කිරුල හිමි විලියම් කුමාරයාගේ විවාහ මංගල්‍යයයි..
එහි උත්සවය පැවත්වීමට දැන් සිටම බකිංහැම් මාලිගාව සුදානම් වෙන ආකාරය රූපවාහිනියෙන් අපටත් දකින්ට ලැබුනා!


මටත් හිතුනා මේ විවහා උත්සවය පවත්වන ඒ වගේම එංගලන්ත රජ පවුලේ නිල නිවස වන බකිංහැම් මාලිගාව විස්තර ටිකක් සොයන්න.
මොකද විවහා උත්සවයට යන්න උනත් මේ ගැන දැන ගන්න ඕනනේ!
දිග වැඩි වගේ වුනත් විස්තරය නම් ගොඩක් රසවත් කියාලා මට හිතෙනවා!
කියවලා බලලා අදහසක් දාලාම යන්න කියලා ඉල්ලා සිටිනවා!

වසර 235 ක්පුරා එංගලන්තයේ රජකම් කළ රජවරුන්ගේ හා රැජිනියන්ගේ රාජකීය නිවාසය වූයේ මෙය ලන්ඩන් නගර මධ්‍යෙය් අක්කර 50 භූමි භාගයක් පුරාම මේ මාලිගය පැතිර තියෙනවා...ඒ අක්කර 40 පමණ වු ශාන්ත ජේම්ස්, ග්‍රීන් , හා හයිඩ් යන උද්‍යාන වලිනි. උයන මධ්‍යයේ හංසයන් පිහිනායන ලස්සන විලක්ද ඇත.

1703වර්ෂයේදී බකිංහැම් ආදිපාදවරයා (Duke of Buckingham) මෙම මන්දිරය ගොඩ නැගූ අතර ඔහු චාල්ස් නම් තමපුතුට මේ මන්දිරය ලියා දුන්නා. පියාගේ මරණින් වසරකට පසුව පවුම් විසි එක් දහසකට චාල්ස් විසින් මේ මාලිගාව තුන්වැනි ජෝර්ජ් මහ රජතුමාටඅලෙවි කරනු ලැබුවා. 1762 දී තුන්වැනි ජෝර්ජ් රජු මෙය තම බිසව වු චාලට් බිසවට තෑගි කරමින් එහි වාසයට පැමිණ ඇත.
1703 බකිංහැම් ආදිපාදවරයා (Duke of Buckingham)

එහි සුන්දරත්වය වැඩිවනඅන්දමින් එය ප‍්‍රතිසංස්කරණය කරන ලද්දේ හතර වැනි ජෝර්ජ් මහරජු විසිනි. රජතුමාවිසින් ප‍්‍රතිසංස්කරණ කටයුත්ත බාර දුන්නේ
ජෝන් නාශ් ( John Nash ) නම් ගෘහ නිර්මාණ ශිල්පියාටයි.

බකිංහැම් මාලිගාවේ එක් විසිත්ත කාමරයක් නාශ් විසිත්ත කාමරය ලෙසින් ඔහුට කරන ගෞරවයක් ලෙසින් නම්කර ඇත.
1837 දි ඔටුනු පැලදි වික්ටෝරියා මහරැජිණ මෙය තම වාසස්ථානය ලෙස තෝරාගන්නා ලදි.එදා සිට අද දක්වා මෙය රැජිනගේ නිල වාසස්ථානය ලෙස නම් කෙරිනි.
වික්ටෝරියා මහරැජිණ

අක්කර 50 වු මාලිගාව වටවන ලෙස අලංකාර රන් ආලේපිත සැරසිලි හා විදුලි පහන් වලින් අලංකාර වු යකඩ වැටක් නිමවා ඇත.එය සැතපුම් 02 දිග වේ.මාලිගයේ ඉදිරියේ අඩි 20 වඩා උස වන ගේට්ටුව එහි ප්‍රධාන පිවිසුම් දොරයි.රන් ආලේපිත බ්‍රිතාන්‍ය රාජ්‍ය ලාංජනය එහි නිමවා ඇත.විශේෂ උත්සව වලදි පමණක් එම දොරටුව විවෘත වන අතර පැති ගේට්ටුවක්ද ඇත.



පිටත සිට රජ මාලිගය වහලයේ ඇති අඩි 75 උස කොඩි ගස බකිංහැම් මාලිගාවේ ප‍්‍රධාන කොඩි ගහ වේ.මුදුණේ බ්‍රිතාන්‍ය ධජය ලෙළ දෙන ආකාරය දැකිය හැකි නම් එමගින් මහ රැජිනමාලිගාවේ සිටින බව සංකේතවත් වේ. රැජින මාලිගාවේ නොමැති විට එම ධජයඅකුලා තබන බවද සඳහන් වේ.බකිංහැම් රජ මැදුරේ තුන්සීයයක සේවක පිරිසක්රාජකාරියේ නිරතව සිටිනවා. වෙනත් රටවල රාජකීය අමුත්තන් පැමිණි විට මෙම සේවක පිරිසවැඩි වෙනවා. නිත්‍ය රාජකාරියේ නිරත වන සේවකයන් තුන්සියය සඳහා වෙනම තැපැල්කාර්යාලයක් පවත්වාගෙන යන අතර ඔවුන් සඳහා වෙනම පොලිස් ස්ථානයක්ද බොජුන් හලක්දවිවේකාගාරයක් සහ කී‍්‍රඩාගාරයක්ද පිහිටුවා ඇත.


මාලිගය ඇතුලත....
මාලිගාව තුල කාමර 600ක් ඇත.
භාවිතයට ගනු ලබන්නේ කාමර 12 ක් පමණි.
මාලිගයේ කොරිඩෝ වල දිග සැතපුම් 03 පමණ වේ.ජනේලද 10000 ක් ඇති මේ තුල ඇති උත්සව ශාලාව මාලිගයේ විශාලම ශාලාවයි. ඇතුලත ඇති කාමර අතර ඔටුනු කාමර(එනම් සිවිලිමේ ඔටුන්නක සලකුණු ඇති),රජ පවුලේ ජයාරූප ඇති කාමර ද ඇතුලත් වේ. මාලිගයේ ගෘහ භාණ්ඩ හා පැරණි කැටයම් පිස දැමීම සඳහා “ඔස්ට්‍රිච් පැස්බරාගේ“ මටසිලිදු පිහාටු වලින් තැනු බුරුසුවක් යොදා ගනු ලබයි.



රාජකීය කාමර මාලිගයේ දෙවන මහලේ ඇති අතර පළමු මහලේ ඇති සඳළු තලය මහජන දැක්ම සදහා යොදා ගනු ලබයි.

බකිංහැම් මාලිගාවේ තවත් වැදගත් ස්ථානයක් වන්නේඅස්හල සහ රථ ගාලයි. මෙම අස්හල ඉදි කරන ලද්දේ 1762 දීයි. මෙහි ඇති රත්තරන් අස්සකරත්තය හතරවැනි ජෝර්ජ් රජුගේ කාලයේ සිට අද දක්වාම සෑම මෞලි මංගල්‍ය අවස්ථාවකදීම පාවිච්චියට ගෙන තිබෙනවා.
විලියම් ගේ එකටත් ගනීවී...


රිය ගාලේ තිබෙන්නාවූ වටිනාම මෝටර් රථය පැන්ටම්vi ( Phantom vi ) වර්ගයේ සුපිරි මෝටර් රියයි. එය ලෝක මෝටර් රථ නිෂ්පාදකවරුන්ගේ සංගමයේ 25 වැනි රජත ජයන්තියේදී මහරැජින වෙත විශේෂයෙන් පිරි නමන ලද්දකි.

සෑම දිනකම පෙරවරු 11.30දස දහසකට වැඩි සංචාරක පිරිසක් බකිංහැම් මාලිගාව ඉදිරිපිට රැස්ව සිටින බව පැවසෙනවා.
ඒ ආචාර පෙළපාලිය නැරඹීමයි.
හරියටම පෙරවරු
11.30ට එතෙක් රාජකාරියේ යෙදී සිටිපොලිස් මුර භට කණ්ඩායම ඉවත් වී යනවා. නව මුරභට පිරිසක් රාජකාරියට පැමිණෙනවා. ආචාරපෙළපාලියක් මෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් මෙය සිද්ධ වෙනවා. රතු නිල ඇඳුමෙන් සැරසීවලස් තොප්පි පැළඳ සීරු මාරුවෙන් පැමිණෙන මුර භටයෝ බොහෝම තේජසින් තම රාජකාරියේ නිරතවෙයි.





මාලිගයේ ප්‍රධාන ස්ථාන කිහිපයක්!

සේවකයන් හට මනාව සලකන ස්වාමි දුවක් ලෙස මහරුජිණ ප්‍රකටය... ලෝකයා මෙය බකිංහැම් මාලිගාව නමින් හැදින්වුවත් නිවැසියන් ලෙස ඔවුන් එය “බක් හවුස්“ (Buck House)ලෙස හදුන්වයි. බ්‍රිතාන්‍ය මහජන මුදලින් නඩත්තු වන්නා වු මෙම මාලිගයේ
වාර්ෂික වියදම ස්ටර්ලිං පවුම් මිලියන 50 ක් වේ.


ඉදිරියේ පවත්වන්නට නියමිත විවහා මංගල්‍යත් එක්ක තව තවත් මේ ගැන කතා වේවි...

6 comments:

  1. supiri wadak. Buck house eka gana godak dewal danagaththa. Thanks hode.

    ReplyDelete
  2. @isuru & Unisoft
    thanks a lot for ur comments!

    ReplyDelete
  3. දැන් ඉතින් එහෙත් ගියා වගේ තමා :))

    ReplyDelete
  4. අපේ ගෙදරත් මේ වගෙම තමයි.. ගොඩාක් වියදම්.. හි..හි..හි.

    ReplyDelete
  5. I've been there. We had the rare chance to enter to some of the rooms of the palace. What a beauty!! An experience of a life time.

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??