Pages

Saturday, July 5, 2014

ඌරාගේ මුත්‍ර බොක්ක පුම්බා අතීතයේ නිමැවු “ෆුට් බෝලයේ‘ (පාපන්දුවේ) විකාශණයේ වර්තමාන අසිරිය..How the Football has developed through the years!!

පාපන්දු.... නැත්නම් දන්න භාෂාවෙන් ෆුට්බෝල් ලොව ජනප්‍රියතම ක්‍රීඩාව.... මේ දවස් වල හෝ ගාලා ලංකාවෙත් ෆුට්බෝල් උණුසුම... හේතුව ඉතින් රුසියාවේ පැවැත්වුන ලෝක කුසලාන තරඟාවලිය...






මටත් හිතුනා පයින්ම ගහන මේ බොලේ නැතිනම් පාපන්දුවේ ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බලන්න.. මේ පහල තියෙන්නේ හොයා ගත්ත තොරතුරු ටික! වෙනදා වගේම අන්තර්ජාලයෙන් තමා තොරතුරු පින්තූර සියල්ලම..

1836 චාල්ස් ගුඩ්ඉයර් පදම්කරන ලද රබර් වලින් තැනු පාපන්දුවකට මුලින්ම පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා..


ඊට පෙර පාපන්දුව නිපද වීමට යොදා ගෙන තිබුනේ ඌරාගේ මුත්‍රා බොක්කයි..එබැවින් එකල පන්දුවේ හැඩය හා ප්‍රමාණයන් ඌරු මුත්‍ර බොක්ක අනුව වෙනස් වුනා.



1855 දී චාල්ස් ගුඩ්ඉයර් විසින් ප්‍රථම පදම් කරන ලද රබර් මගින් පාපන්දුව එළි දක්වනු ලැබුවා. එම පන්දුව අදත් ඇමරිකාවේ නිව්යෝක් හි පිහිටුවා ඇති ජාතික පාපන්දු ඉතිහාස කෞතුකාගාරයේ දක්නට පුළුවන්.


1862 දී එච්.ජේ.ලින්ඩන් විසින් තවත් පියවරක් ඉදිරියට යමින් ප්‍රථම වරට පාපන්දුවේ ඌරු මුත්‍ර බොක්ක වෙනුවට පදම් කරන ලද රබර් වලින් ටියුබයක් නිපදවනු ලැබුවා.

ඔහුගේ බිරිඳ මිය ගියේ පාපන්දු නිෂ්පාදනය කිරීමට සිය ගණනක් වු ඌරු බොකු පිම්බීම නිසා වු පෙනහලු රෝගයකිනි. එලෙස ඔහු නිපද වු පන්දුව ඕවලාකාර හැඩයක් හා ඉතාමත් ශක්තිමත් වුනා. එය රගර් පන්දුවට බොහෝ සෙයින් සමාන විය.

1863 දී ඉංග්‍රීසි පාපන්දු සංගමය පිහිටුවීමත් සමඟම පාපන්දු තරඟවලට නිතී රීති හදුන්වා දුන් අතර 1872 දි පාපන්දුව සඳහා වු නිතී හදුන්වා දුන් අතර එහි සඳහන් වුයේ
එහි හැඩය අඟල් 27 සිට 28 (69- 71 cm)දක්වා විය යුතු හා බර අවුන්ස 13-15 විය යුතු බවයි.1937 දී එය අවුන්ස 14-16 අතර විය යුතු බවට වෙනස් කරන ලදි.

පාපන්දු ලෝක කුසලානයේ දී හා ප්‍රසිද්ධ පාපන්දු ලීග වලදී භාවිතා කරනු ලබන්නේ “size 5”.  පාපන්දුවයි. එහි විස්තර පහත පරිදි වේ. වයස අනුව යොදා ගන්නා පන්දුවේ ප්‍රමාණයන් තීරණය වේ.


1888 ඉංග්‍රීසී පාපන්දු ලීගය ඇරඹුමත් සමඟ පාපන්දුව වැඩි වශයෙන් නිපැයුම ඇරඹුන අතර එහි ඉදිරියෙන්ම සිටියේ Mitre සහ thomlinson’s of Glasgow යන සමාගම් දෙකයි.



1930 දී ආරම්භ වුනු ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය සමඟම පාපන්දුවට වඩා විශාල තැනක් හිමි විය ඉතිහාසයේ පාපන්දුව ඉහත පරිදි වෙද්දි පාපන්දු ලෝක  කුසලානයත් සමඟ පාපන්දුව විශාල වෙනසකට පෙරලුනි.දැන් කියන්න යන්නේ පාපන්දුවේ ඒ වෙනසයි.. බලන්න ඔබට වඩාත් මතක තිබෙන පන්දුව කුමක්ද කියලා..

මැද පොල්ල නැති විකට්ටුවයි, හොකී පිත්තකිනුයි ගහන්න පටන් ගත්ත අද අපි දන්න ක්‍රික්‍රට් වල නොදන්න පැත්ත  දැනගන්න මෙතනින් එන්න.......





 
1938 පසුව නැවතත් ලෝක කුසලාන තරඟාවලියක් පැවැත්වුයේ 1950 දීයී. ඒ දෙවන ලෝක යුධ සමය නිසායි.




 




1963 සිට පාපන්දු නිෂ්පාදනය ඇරඹු adidas සමාගමේ පාපන්දුව ලෝක කුසලානයකට සම්බන්ධ වුයේ 1970 දීයී. එදා සිට අද දක්වාම ඔවුන් පාපන්දු ලෝක කුසලානයට විවිධ වෙනස්කම් සහිතව පාපන්දුව ඉදිරිපත් කරනු ලබයි.





වැස්සට සේදුනු තරඟය ඒ පිට මේ පිට පෙරලන ඩක්වර්ත්ගෙයි -ලුවිස්ගෙයි න්‍යාය හෙවත් අපි (නො)දන්න ඩක්වර්ත් - ලුවිස් ක්‍රමය ගැනයි මේ

 



පාපන්දුවටත් එසේ මෙසේ අතීතයක් නෙවි තියෙන්නේ නේද??


 

5 comments:

  1. maxxa post ekal chamikayo..... mamath danagena hitiye naa ban....

    ReplyDelete
  2. නියම පොස්ට් එක.

    තැනක් යූ!!!

    ReplyDelete
  3. එළ! නියම පොස්ට් එකක් කාලෙටම ගැලපෙනවා.. :)

    ReplyDelete
  4. පාපන්දු වගේ ක්‍රිඩාවන්ට අකමැති වුණත් පෝස්ට් එක නියමයිග ලාවට මතකයක් තියෙනවා සුදීකත් මේ වගේ එකක් දාල තිබුණා

    ReplyDelete
  5. හොද විස්තරයක් මලයා.. මම ලගදි විඩියෝ එකක් බැළුවා මේ පකිස්තානෙන් මේ පාර වර්ඩ් කප් එකට පාපන්දු හදන එක ගැන,,

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??