Pages

Tuesday, January 29, 2013

ඔබ : ) , : ( , ; ) වැනි සලකුණු භාවිත කරනවද?? එසේනම් මේ ඔබේ අවධානය පිණිසයි!! You Didn't Know About Emoticons :) ? Then, must read this!!

එදා මෙදා තුර සන්නිවේදනයට විවිධ සලකුණු, රහස් වචන යොදා ගත්තත් එම වචන,අකුරු වලින් යමක් හරියාකාරව කියවන්නාට දන්වන්නට නොහැකිකම බොහෝ විටම තිබුනා.

එය එසේ වෙද්දී පසුකාලයේ සිනාවෙන මුහුණු සමහරු Emoticons නැත්නම්
Emotive Icons යන්න කෙටි කර ගත් රූපයන් යොදා ගැනීමත් ඇරඹුනා...


එය සන්නිවේදනය ඉතා පහසු කරන හා වචන ගණනක ඇති අදහසක් තනි රූපයකින් දක්වන අයුරට සරල වී ඇත.

පරිගණක, අන්තර්ජාලය,සමාජ ජාලා වෙබ් අඩවි ෆෝරම් ආදිය භාවිතා කරන්නන් බොහෝ දෙනා මේ ගැන දන්නවා පාවිච්චි කරලත් තියෙනවා..
මේ “චාමිකයගේ බ්ලොග් එකෙත්” තියෙන්නේ....

වර්තමානය වෙද්දී නම් මේ කියන්න යන Emoticons කතා බහ කරන, සිනාසෙන විදිහටත් දියුණු කරලා..
එහේම දියුණු වෙලා තියෙන Emoticons වල ‍අතීතය නැත්තනම් පටන් ගැන්ම ගැන ඔබ දන්නේ මොනවද??

ඒ කියන්නේ මුල්ම වතාවට මේ සලකුන යොදා ගත්තේ කවුද??

මේ දේ ‍පාවිච්චි කලාට ඒ ගැන දන්නවා  බොහෝ අඩුයි නේ..
ඔව් මෙන්න ඒ ඉතිහාසයේ කතාව “චාමිකයාගේ බ්ලොග් ඉසව්වෙන් “ ඔබට ඉදිරිපත් කරනවා...

කියවලා බලන්න අදහසක් දොසක් පවසන්නත් අමතක කරන්න එපා හරිය!
මේවායේ අතීතය ගැන බොහෝ කතා සිද්ධී තිබුනත් අද අපි භාවිතා කරන
: ) ආකා‍රයේ සලකුණ මුලින්ම පරිගණක භාෂාවට ගෙන එන ලදැයි පිළිගැනෙන්නේ 1982  දි ඇමරිකානු Carnegie Mellon පරිගණක විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වු Scott E. Fahlman  විසිනි.


ඔහු විසින් එය ඉදිරිපත් කරන ලදැයි සාක්ෂි ඉදිරිපත් කිරීමට සමත් වුයේ  2002 වසරේ සැප්තැම්බර් මස 10 වැනිදා jeff Baird විසිනි.
ඒ ඔහු විසින් Carnegie Mellon පරිගණක විශ්වවිද්‍යාලයේ හිටපු අධ්‍යක්ෂකවරයකු වු Howard Wactar හා වර්තමාන අධ්‍යක්ෂක වන Bob Cosgrove හා එක්ව 1981-83 කාලයේ එහි භාවිතා කල පැරණි ටේප් පට සොයා ගැනීමත් සමඟයි.

1982 සැප්තැම්බර් 19 වැනිදා Carnegie Mellon පරිගණක විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වු Scott E. Fahlman  එදින උදෑසන ලියන ලද එම පණිවිඩය මගින් ඔහු : ) හා : ( සලකුණු ‍ඒ ඒ අවස්ථා සඳහා යොදා ගැනීමට යෝජනා කර ඇත.


එහි මුල්ම පිටපත

ඊට අවුරුදු 13 කට පෙර ඇමරිකානු ජාතික Ray Tomlinson විසින් ඊ - මේල් ක්‍රමය සොයා ගත් අතරම ඔහු ගේ අනිත් නිමැවුම අපි කවුරුත් දන්න @ සලකුණයි.
ලොව සන්නිවේදනය වෙනසකට ගෙන ගිය පලමු ඊ-මේලයේ
Scott E. Fahlman  ට කලින් එය සොයා ගත් බවට 1979 දී
Kevin Mackenzie විසින් අන්තර්ජාල ෆෝරමයකට ලියන ලද “ - ) “ ආකාරයේ සලකුණක් Tongue in Cheek ලෙස හදුන්වන ලදි.
එහෙත් එය‍ට එතරම් ජනප්‍රියතාවක් හා සිත් ගන්නා සුළු බවක් එකල ඇති වී නොතිබුනි..

එලෙසම 1963  දෙවන ලෝක යුද්ධයේදී හමුදා නිලධාරියකු ලෙස කටයුතු කල Harvey Ball විසින් චිත්‍රයක් ආකාරයට ප්‍රථම සිනාවෙන මුහුණ නිර්මාණය කරන ලදි.
ඒ රක්ෂණ සමාගමක සේවකයන් හට ධෛර්ය ලබා දීම උදෙසායි.
එම කහපැහැති මුහුණ සලකුණ ‍බොත්තම් වල හා ‍කාඩ් වල මුද්‍රණය කරන ලදි. විනාඩි 10 කින් නිර්මාණය කල එම නිර්මාණයෙන් ඔහු ඇමරිකානු ඩො. 45 ක් උපයා ගෙන තිබුනි.

1999 දි ඔහු  විසින් “The World Smile Coporation” ලෙස සමාගමක් ඇරඹු අතරම ඔවුන්ගේ නිෂ්පාදනයන්හි ප්‍රසිද්ධිය උදෙසා ලෝක සිනාවෙන දිනයක්ද  ආරම්භ කරන ලදි.ඒ ඔක්තෝම්බර් 01 වනදායි.  වයස අවු.79 වෙද්දී 2001 අප්‍රේල් මස 12 වැනිදා ඔහු මිය ගියේය.

දන්නවාද??
1881 මාර්තු 30 පලවු US Sarical Puck නැමැති සඟරාවේ ප්‍රථම වරට මේ Emoticons පළවු බව වාර්තා වේ..

කැමතිද ඒ සඟරාවේ පිටපත බලන්න මෙතනින් පුළුවන්..

දන්නවද 1862 දී ඇමරිකානු ජනපති ඒබ්‍රහම් ලින්කන් මහතාගේ කතාවක පිටපතේද එවැනි Emoticons තිබී ඇත.

එහෙත් එය එවැනි සලකුණක්දැයි සැකයක් පවතී.

බටහිර ක්‍රමය හා පෙරදිග ක්‍රමය ලෙසටත් වෙන් වුන Emoticons තියෙනවා...
වෙනස්කම් නම් වැඩී.. එකක් ප්‍රමාණය, අනික තමා බලා තේරුම් ගත යුතු පැත්ත....
පහත පින්තූරෙන් සිද්ධිය ඉක්මනට දැන ගන්න පුළුවන්....

මේ තියෙන්නේ ජපන් ක්‍රමේ ඒවා ටිකක්...



මේ පහල ජාතියේ ඒවත් ඉදලා හිටලා තියෙනවා...
පරිස්සමින් භාවිතා කරන්න..

 
MSN Massenger , Windows Live Massenger , Yahoo Massenger , Google Talk, Skype , Face book ආදියේ එකිනෙකට ආවේනික වු මුහුණු දැකගත හැකි අතරම වෙනත් රහස් කේත මගින් එවායේ නොවන දෑ ඇතුල් කිරීමේ හැකියාවත් සමහර
වැඩසටහන් වල ලබාදී ඇත.


Yahoo වල රහස් කේත ගොඩාක් මෙතනින් බලාගන්න පුළුවන්...

Emoticons දැනුත් ගොඩාක් වයසයි ගිය අවුරුද්දේ සැමරුවේ 30 වැනි උපන්දිනය..

ආ...
අමතක වුනා කියන්න මේකත් බළල් මුණු ක්‍රමයක්.......
 

ඔන්න ඉතින් ඒ ගැනත් දැනගත්තා!!
මමත් තොරතුරු පින්තූර සොයාගත්තේ අන්තර්ජාලයෙන්.....
 මොකද හිතෙන්න ලියපු සටහන් හොදයිද??
පිළිතුර : ) ද?? : ( ද??



Wednesday, January 23, 2013

ත්‍රාසය භීතිය පිරුනු චිත්‍රපටියක් නොවන විදිහට බැංකුවක යුරෝ මිලියන 10ක් කොල්ල කෑ සුපිරිම වර්ගයේ “ජර්මන් හොරු”.. The Bank Job 2 by German bank robbers (Amazing bank robbery in Germany)

බැංකුවක ඉදිරිපස භූමියේ වු ඉඩම කුලියට ගනිමින් එහි සිට බැංකුවේ සේප්පු තැන්පත් කර ඇති භුගත කාමරයට උමඟක් කපමින් සේප්පු සියල්ල තුල ඇති ආසන්න වශයෙන් යුරෝ මිලියන 10 ක් වු මුදලත් වටිනා ස්වර්ණාභරන ආදි දෑ සොරකම් කර පලා යන පිරිසකි. එය පසුපස හඹා යාමට පරීක්ෂණ කරන පොලිසියේ නිලධාරීන් පිරිසකි.

පොලීසීයට සොර පිරිස අල්ලා ගත හැකිවේද??
එන්න බලන්න...

ත්‍රාසය භීතිය සටන් ඇති නැති නමක් නැති අලුත්ම චිත්‍රපටිය



උඩ තියෙන ජාතියේ චිත්‍රපටි ඔබත් බලලා ඇති...
හැබැයි “චාමිකයා ඉසව්වට“ කියන මේ කතාව
"100% ක් ඇත්ත කතාවක්...."

ඇත්තටම මේ කතාව චිත්‍රපටියක් වගේ හින්දම “චාමිකයාට“ හිතුනා වැදගත් වෙයි කියලා කට්ටියටම දැනගන්න ඉදිරිපත් කරන එක... ැබැයි දැනුවත් වෙන්න විතරයි..


සිද්ධිය සිද්ධ වෙලා තියෙන්න පසුගිය සිකුරාදා ජර්මනියේ බර්ලිනයේ බටහිර Steglitz දිස්ත්‍රික්කයේ පිහිටි
Berliner Volks බැංකුවට...


බැංකුව ඉදිරිපස මීටර් 100 ක් ඉදිරියෙන් පිහිටි වසා දමන ලද ගරාජයක සිට පොලව මට්ටමෙන් අඩි 40 ගැඹුරින් අඩි 100 ක් දුරට බැංකුවේ සේප්පු තැන්පත් කර ඇති භුගත කාමරයට උමඟක් කපමින් සේප්පුව තුල වු ආරක්ෂිත පෙට්ටි 300ක් තුල වු, ආසන්න වශයෙන් යුරෝ මිලියන 10 ක් වු මුදලත් වටිනා ස්වර්ණාභරන ආදි දෑ සොරකම් කර ගෙන ගොස් ඇත. ආකාරය


සිද්ධිය වු ආකාරය දැක්වෙනූප සටහනක්..






ගරාජය බද්දට ගෙන ඇත්තේ මීට මාස 11 පෙර එනම් 2011 පෙබරවාරි මාසයේ බොරු නමකින් බව දැන් අනාවරණය කරගෙන ඇත.

තමන්ගේ රටේ ආරක්ෂාව වෙන රටවල ඔත්තු සොයන බුද්ධි අංශ, ඒජන්සි ගැන දැන ගන්න කැමතිද? ඇවිත් බලන්න!

උමඟ අඩි 4.5 ක් උසට හා අඩි 3 පලලට සාදා ඇති අතර කඩා වැටීම වැලැක්වීමට ලෑලි භාවිතා කර ඇත.

එලෙස සැකසු උමගින් ගොස් ආරක්ෂිත සේප්පු කාමරයේ අඩි 3 ක් පළල වු ක්‍රොන්ක්‍රීට් බිත්තිය සිදුරු හතරකින් වීද එයට ඇතුල් වීමද පුදුම සහගත කරුණයි.



පසුගිය සදුදා උදෑසන ජර්මන් පොලීසීය මේ ගැන සොයාගෙන ඇත්තේ ගරාජයක වු ගින්නක් පිලිබඳ කරුණු සොයා බැලීමට යාමත් සමඟයි. එම ගිනි තැබිමෙන් එහි සොරපිරිසගේ ඇඟිලි සලකුනු හා DNA සලකුණු විනාශ කර දැමීම මුලික කාර්ය වී ඇති බව පොලීසිය පවසයි.

එම ආරක්ෂිත සේප්පු කාමරයේ අඩි 3 ක් පළල වු ක්‍රොන්ක්‍රීට් බිත්තිය සිදුරු කිරීමට ඔවුන් ශබ්දය නොනැගෙන ඩ්‍රිල් (pneumatic drills) යොදා ගෙන ඇති බව තහවුරු කරයි.



ගරාජයේ ඉදිරිපසින් වාහන 3 ක් ගාල් කිරීමට හැකි අතර ඉන්පසු රොලර් දොරකින් පසුපස කොටස වෙන් වී ඇත.
සොර පිරිස උමඟ හෑරීමට පටන්ගෙන ඇත්තේ පසුපස පෙදෙසේ සිටයි.


මෙම සිද්ධියට කී දෙනෙක් හවුල්දැයි තවමත් නොදන්නා අතර ජර්මන් පොලීසිය රහස් නිලධාරීන් 10 කින් යුතුව “"tunnel"නමින් මෙහෙයුමක් අරඹා ඇත.

දැනට එම ස්ථානයේ නිතර ගැවසුන සැකකටයුතු පුද්ගලයෙකුගේ අදින ලද ජායාරූපයක් හදුනා ගැනීම සඳහා ඉදිරපත් කරන අතරම දන්න යම් තොරතුරක් ලබා දීමට දුරකතන අංකයක්ද ලබා දී ඇත. ඒ 4664945107 ලෙසයි.



මෙය ඉතා පලපුරුදු සොර කණ්ඩායමක් සිදුකරන ලද්දක් බවත් මෙය ඔවුන්ගේ පළමු සොරකම් නොවන්නට ඉඩ තිබෙන බවත් පැවසේ...

මේ කතාව ඇත්තටම
2008 දී තිරගත වු Jason Statham රඟන The Bank Job චිත්‍රපටියට සමාන බව අදහස් දක්වන බොහෝ දෙනාගේ අදහසයි...




ආ...Inside man (2006) මේ චිත්‍රපටියටත් අමුතුම තාලේ බැංකු හොරකමක්.....
තව එකක් තියෙනවා ඒ Stolen (2012) චිත්‍රපටියයි. අනිත් එක Daylight Robbary (2008) චිත්‍රපටියයි.
වේලාවක් තිබුනොත් දෙක තුනම බලන්න හැබැයි බැංකු එහේම කඩන්න යනවා නෙවෙයි හරිය!!
ොරතුරු ජායරූප අන්තර්ජාලයෙන් උපු‍ටා ‍ගන්න ලදි..




පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??