Pages

Wednesday, July 10, 2013

අමුතුම තාලේ “කික්” එකක් තියෙන ලෝක ප්‍රසිද්ධ මංගල ඡායාරූපය - Dinosaur Wedding Photo: T-Rex Chases Bridal Party !!


විනෝදකාමී අදහසක් ජනිත කරවන මේ අමුතුම තාලේ මංගල ජායාරූපය අනිවාර්යයෙන් ඔබ දැක ඇති...

විස්තර කියන්න ඕන නෑ කියලා හිතුනත්....
 ඒ පිටිපස්සේ තියෙන පුංචි කතාව දාන්න හිතුවා!!
තොරතුරු ජයාරූප සියල්ලම අන්තර්ජාලයෙන්...

බිහිසුණු ඩයිනෝසරයකු මංගල සාදයට එකවර කඩා වැදී විවාහා උත්සවයේ මනාලයා හා මනාලිය මෙන්ම ඔවුන්ගේ යහළු යෙහෙළියන් පණ එපා කියමින් දිව යන අයුරින් දැක්වෙන මෙම සමූහ මංගල ඡායාරූපය 


 
ගෙන  නිමවා ඇත්තේ Baton Rouge, LA හි පදිංචි  ජේ.ක්වින් මිලර් (Quinn Miller) නම් ඡායාරූප ශිල්පියා විසිනි.

පසුගිය මැයි මස 26  වැනි ඉරිදා ඇමෙරිකාවේ ලුයිසියානා ප්‍රාන්තයේ  The Myrtles Plantation in Saint Francisville හි පැවැති විවාහ මංගල උත්සවයෙන් පසුව ගෙන ඇති මෙම අමුතුම තාලේ අදහස සහිත මනාලයා හා මනාලිය වූයේ විසිතුන් හැවිරිදි
කැතී යං (Katie Young)  හා විසි එක් හැවිරිදි ජේම්ස් ලව්ඩර්
( James Lowder) දෙපලයි.




ඔවුන් දෙපළම Louisiana State විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අයයි.

සජීවීව ඩයිනෝසරයකු තමන් පසු පස එලවා ගෙන අයුරු සිතේ මවාගෙන එයට බියවී කැමරාව වෙත දුව එන ලෙස පිරිසට තත්පර 30 ක උපදෙසක් ලබා දුන් මිලර්, ඔහු ගන්නා ලද ප්‍රථම ජායාරූපයෙන්ම එහි සිට 18 දෙනාම හරි ආකාරයෙන් තම කැමරා කාචයට හසු කර ගත් ඔහු

එයට T-Rex (Tyrannosaurus Rex) ආකාරයේ ඩයිනෝසරයකුගේ පින්තූරයක් Photoshop මගින් එයට එකතු කර තිබුනි.

මුලු ලොවම වෙනස් කල පවුලේ උදවියගේ “පොටෝ කඩේ“ හෙවත් අපි දන්න Photoshop! 

එන්න ඒ ගැන කියවන්න...

 විවාහයෙන් පසුව ආ බ්‍රහස්පතින්දා දිනයේ තම ෆේස් බුක් පිටුවට මේ පින්තූරය එක්කල ඔහුට ඇමරිකානු මාධ්‍ය ඒ සඳහා වැඩි ප්‍රසිද්ධියක් ලබා දී තිබුනේ "The Today Show," "Good Morning America," Yahoo!, The Huffington Post, CNN හා Fox News වැනි රූපවාහිනි හා වෙබ් අඩවි මගිනි. එලෙසම ඒ සඳහා මේ වන විට Shares 11500 වැඩි ප්‍රමාණයක් හා Like 14000 අධික ප්‍රමාණයක්  ඔහුගේ Facebook  පිටුවේ එම ජායාරූපයට ලැබී ඇත.

මේ තියෙන්නේ ඒ පින්තූරෙම වෙන වෙන ආකාරයන්ට නිර්මාණය කරන්න ගත්ත උත්සහයන්........ බලන්නකෝ ඒ ටිකත්..






මේවා හදන්න මහන්සි වෙච්ච අයට චාමිකයාගේ උපහාරය!!

ක්වින් මිලර්ගේ facebook පිටුවට මෙතනින් යන්න පුළුවන්...
මේ තියෙන්නේ ඔහුගේ වෙබ් අඩවිය..


මේ වන විට එය මේතාක් ලෝකයේ නිමැවුණු ඉතාම අනර්ඝ මංගල ඡායාරූපය බවට පත්ව තිබෙන ආකාරයක් පෙනේ.

මේ තියෙන්නේ තවත් උත්සහායක්!!



හැමදාම අපි දකින මංගල ඡායාරූපය වලට වඩා නම් මේකේ පොඩි කික් එකක්  ඇත්තටම තියෙනවා නේද??


7 comments:

  1. හරි අපූරුයි .

    ReplyDelete
  2. විවාහ ගාසිතු ඉහලට :D

    ReplyDelete
  3. කියල වැඩක් නෑ.

    ReplyDelete
  4. කලින් දැනගෙන හිටිය නං මාත් ගන්නව :-)

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං... එහෙනං අපේ බලුස්ව දාලා ෆොටෝ එකක් හදන්න තිබ්බා.... හි හි..

      Delete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??