Pages

Wednesday, February 29, 2012

දකුණට අභිමානයක් වූ මහින්ද විදුහල තම 120 වසර සමරයි.. "120 Years " for Mahinda College - Galle !!


දකුණට අභිමානයක් වූ මහින්ද විදුහල තම 120 වසර සමරයි..
1892 -2012


සිසුන් 4000 ට ආසන්නව 1 වසරේ සිට 13 වසර දක්වා පන්ති පවත්වන ගාල්ලේ ප්‍රධානම බෞද්ධ පාසල වන ගාල්ල මහින්ද විද්‍යාලය 2012 මාර්තු මස 02 දිනට වසර 120 ක් සමරයි...
“ඉසව්වේ “ මේ සටහන මගේ පාසල වු
අභීමානවත් මහින්දයේ අතීත ගමන් මග ගැනයි..

ගාල්ල මහින්ද විදුහල ගැන බොහෝ දෙනා දැන සිටියත් මේ විස්තර දන්නේ ටික දෙනෙක් වෙන්න පුළුවන්..
ඒ නිසාම කියවලා බලන්න..

1892 මාර්තු මස 2 වැනිදා සවස හතරටපමණ එකල හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ පරම විඥානාර්ථ සංගමයේ බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ ව්‍යාපාරයේ පියවරක් ලෙස
හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා


ගාල්ල කොටුව ෆෙඩ්ලර් වීදියේදී සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ මහින්ද විද්‍යාලය ආරම්භ වූයේ සිසුන් හැටදෙනෙකු සමඟ හා ගුරුවරුන් අට දෙනෙකු ගෙනි..
මෙහි කළමනාකරු ලෙස කටයුතු කල මුහන්දිරම් තෝමස් ද සිල්වා අමරසූරිය මහතා කටයුතු කල අතරම පළමු විදුහල්පති වුයේ අයර්ලන්ත ජාතිකබෝල්ස් ඩැලී මහතායි..
පළමු ශිෂ්‍යයා ලෙස ජී. සී. බ්ලොක් ලියාපදිංචි විය..
එකල මහින්දය ෆෙඩ්ලර් වීදියේ පැරැණි ලංකා බැංකු ගොඩනැගිල්ලේ තිබූ අතර පසුව අරාබි විද්‍යාලය පැවැති ස්ථානයටත් ඊළගට වෛද්‍ය කුලරත්න මහතාගේ නිවෙසට විද්‍යාලය රැගෙනගියේ පාසල පැවැත්වීමට ස්ථීර ස්ථානයක් නොතිබුන නිසායි..
ගාල්ල වරායෙන් මෙරටට පැමිණි සුදු ජාතික ෆ‍්‍රෑන්ක් ලී වුඩ්වර්ඩ් මහතා
1903 වසරේදී විද්‍යාලයේ විදුහල්පති ධූරයට පත්විය..

ෆ‍්‍රෑන්ක් ලී වුඩ්වර්ඩ් මහතා

වුඩ්වඩ් මහතා විද්‍යාලාධිපති ධුරයට පත්වීමෙන් පසු විද්‍යාලය
ස්වර්ණමය යුගයක් කරායන ගමන ආරම්භ වූයේය.
විද්‍යාලයීය ධජය රන් සහ කළු පැහැයන්ගෙන් නිර්මාණය වූයේද මෙතුමාගේ කාලයේයි..
“ ඉංග්‍රීසි පාලනය තුළ බෞද්ධ අධ්‍යාපනය ලබාදීම“එමඟින් අර්ථවත් විය.
එතෙක් විදුහල් ආදර්ශ පාඨය වු ‘සුචරිතයට වඩා උසස් දෙයක් නැත’ යන්න වෙනස් කොට
‘වෑයම් කොට පණ්ඩිතයෙක් වන්න’ යන අර්ථය ලබා දෙන 
 ‘බිප්පං වායාම පණ්ඩිතෝ භව‘ යන
පාලි පාඨය විදුහල් ආදර්ශ පාඨය බවට පත් කෙරිණ.




ස්ථිර ගොඩනැඟිල්ලක් විද්‍යාලයට සොයා ගැනීමේ වගකීම භාර ගත් වුඩ්වඩ් මහතාට, ගාල්ල එළියට් පාරේ පිහිටි දවටගහ වත්ත ඉඩම ඩී. එෆ්. ද සිල්වා මහතා හා වීරසිංහ මාතාව විසින් මහින්දයට පරිත්‍යාග කලේය.

1907 පෙබරවාරි 17 දින හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා මිය යාමත් සමඟ එතුමා සිහිවීමපිණිස විදුහලේ පළමු ගොඩනැගිල්ල ලෙස ඕල්කට් ශාලාව ඉදි කෙරිණි.

ඕල්කට් ශාලාව

1910 අගෝස්තු පළමුවැනිදා එම ශාලාව විවෘත කල අතර එම ශාලාවේදීම විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය එම වසරේ සැප්තැම්බර් 9 වැනිදා ආරම්භකරන ලදි..
ආදි ශිෂ්‍ය සංගමය පසුගිය වසරේ දී තම සියවස සැමරුවේ ඒ වෙනුවෙන් ප්‍රදර්ශනයක් හා සැණකෙළියක් ද ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී අභිමානවත් ලෙසින් පවත්වමිනි.

1919 සැප්තැම්බර් මස 20 වැනිදා වුඩ්වඩ් මහතා විදුහල්පති ධූරයෙන් ඉවත් වීමත් සමඟවිදුහල්පති ධූරයට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ පඬිවරයකු වූ කාලිදාස් නාග් මහතා පත්විය.

ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියකු වූ ඔහු මහින්දයේ විදුහල්පතිධූරයේ කටයුතු කරමින් සිටියදී අධිරාජ්‍ය වාදින්ගෙන් සිය රට නිදහස් කර ගැනීමේ කාර්යයටද විශාල දායකත්වයක් සැපයූ අතර සරෝජිනී නායිදු මැතිනිය,රවින්ද්‍රනාත් තාගෝර් තුමා, ජවහර්ලාල් නේරු තුමා ද, ඉන්දිරාගාන්ධි මහත්මිය වැනි ප්‍රභූන්ගේ න්ද මහත්මා ගාන්ධි තුමාපැමිණීම ද මහින්ද විදුහලට ලැබු වැදගත් අවස්ථාවන් ලෙස දැක්විය හැක.
පාසල්වල බුද්ධධර්මය, පාලි හා සිංහල, ඉගැන්වීම ආරම්භකරමින් ඇරඹු මහින්දයේ දකුණු ලක ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම මහින්ද විදුහලෙන් බිහි කරන විට ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කළ එෆ්. ජි.පියර්ස් මහතා 1921 වසරේ සිට 1923 වසර දක්වා විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන්කටයුතු කළේය. එදින පාසලේ සිටි ශිෂ්‍යයන්තුන්සිය දෙනාගෙන් හරි අඩක්ම බාලදක්ෂයින් බවට පත් කෙරිණි.

ඒ වෙනුවෙන් මහින්දයේ තනා ඇති ස්මාරකය


විදුහලේ චිත්‍ර හා සංගීතගුරුවරයා වූ ආනන්ද සමරකෝන් මහතා


‘නමෝ නමෝ මාතා’ ගීතය ප්‍රථම වරට මහින්ද විද්‍යාලයීය තුළදී ගායනා කළේ විදුහල් සිසුන් සමගිනි.
ඒ පිළබඳ වු ඕල්කට් ශාලාවේ පිටත ඇත සටහන


සියවසකට වැඩි කාලයක් තිස්සේ මහින්ද විදුහල් මෑණියන්ගෙන් සිප් සතර හදාරා මෙරට පමණක්නොව ලෝකයම දික් විජය කළ ආදි මහින්දියන්ගේ සංඛ්‍යාව දස දහස් ගණනකි.
මහින්ද සියවස 1992 දි සැමරු අතර ඒ වෙනුවෙන් නිකුත් කල සමරු මුද්දරය

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපතිව සිටි මහාචාර්ය ඇම්. බී. ආරියපාල, මහාචාර්ය විනීවිතාරණ, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය කේ. පී. ආරියරත්න, මහාචාර්ය සිරිගුණසිංහ, මහාචාර්ය සිරිපාල හෙට්ටිගේ, මහාචාර්ය කුලතිලක කුමාරසිංහ, මහාචාර්ය කපිලගුණසේකර, ආචාර්ය දයා රෝහණ අතුකෝරළ, ආචාර්ය නිහාල් සෝමරත්න වැනි විද්වතුන් බිහිවූයේ මහින්දයෙනි.
මහින්දයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණි පිරිසත් අති විශාලය. පුවත්පත් කලාගුරු ඩී. බී.ධනපාල, එඩ්වින් ආරියදාස, ඉරිදා ලක්බිම කර්තෘ සුන්දර නිහතමානී ද මැල්, ලක්බිම කර්තෘවසිට නැසීගිය කිත්සිරි නිමල්ශාන්ත මහතා වගේම රමේෂ් වරල්ලේගම, සංජය නල්ලපෙරුම යන අයද දැක්විය හැක..
විමුක්ති ජයසුන්දර වැනි අන්තර්ජාතිකසම්මානලාභී සිනමා අධ්‍යක්ෂවරුන් ද මහින්දයෙන් බිහිවූවෝ වෙති. දැවැන්ත ව්‍යාපාරිකයන්වූ විමලධර්ම සහෝදරයෝ, ඇල්බට් එදිරිසිංහ, ආතර් සේනානායකමහින්දයේ සෙවනින් බිහි වූවෝ වෙති..

ශ්‍රි ලංකා ටෙස්ට්ක්‍රිකට් නායකයකු වූ මාවන් අතපත්තු, ජයනන්ද වර්ණවීර, අතුල සමරසේකර, උපුල් චන්දන, ලසිත් මාලිංග වැනි දෙස් විදෙස් ප්‍රචලිත ක්‍රීඩකයින් බිහිවූයේ මහින්දයෙනි.
මේ වන විටත් මහින්ද රිච්මන්ඩ් ආදරවන්තයින්ගේ හටන “ 107 වන වරටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සුදානම් කොට ඇත..
දැන් අන්තර්ජාලය පුරා මහින්ද විද්‍යාලය ගැන තොරතුරු ලබා ගත හැකි ලෙස විකිපීඩියාව තුලටත් ඇතුලත් වී ඇත..
මහින්ද විද්‍යාලයේ විකිපීඩියා පිටුව බලන්න මෙතනින් යන්න...
මහින්ද විද්‍යාලයේ වෙබ් අඩවියට මෙතනින් යන්න...

මහින්ද විද්‍යාලය ගැන වු අලුත් තොරතුරු පින්තූරෆේස් බුක් අඩවිය හරහා මෙන්න මේ පිටුවෙන් පුළුවන්..

තව තවත් අපේ රට මෙන්ම ලොවම දික් විජය කරමින්, සදා කල් වැජඹෙනු ඇත..

"මේ මහින්ද ශාස්ත්‍ර ශාලා කීර්තියෙනී වැජඹෙවා"

මහින්ද විද්‍යාලයීය පාසල් ගීය...



මේ ලිපිය සඳහා කරුනු උපුටා ගත්තේලක්බිම පුවත් පතට ආදි මහීන්දීය ජනමාධ්‍ය සංසදය ලියු ලිපියකිනිසියලු ජයාරෑප අන්තරජාලය තුලිනි.ඒ සැමට ස්තුතිය!!

Sunday, February 26, 2012

වෙනස්ම වු Windows 8 හා අපි (නො)දන්න Windows OS ඉතිහාස කතාව බලමුද?.A Short History of the Windows Operating Systems 1983 -2009

Windows කිව්වාම ඉතින් නොදන්න කෙනෙක් නෑ..
ඕන පොඩි එකෙක් දන්නවා කම්පියුටර් එකේ වැඩක් බව..
මොකද බොහෝම දෙනා වැඩකටයුතු කරන්නේ මේ වින්ඩෝස් එක්ක නිසා...
ඔන්න අලුතෙන්ම Windows 8 එනවලු..

හැබැයි ප්‍රශ්ණ දෙකක් තියෙනවා..

01.ඇත්තට ඇයි මේ WindowsOS වලට Windows කියන්නේ??
මාර ප්‍රශ්ණයක් තමා...
අනික තමා මේ WindowsOS වලින් අපි දන්නේ, නැත්නම් වැඩ කරලා තියෙන්නේ කීයකද?
එක එක ගණන් ඇති නේද??
අවංකවම මම නම් OS 03 ක් තමා... XP, Vista, Seven !!

අනිත් ඒවා දැකලා තියෙන්නෙත් 95,98 තමා!!
සමහර ඒවා දැකලාම නෑ..

අවුලක් නෑ ! මොකද දන්නවද....?

අපි දැකලා ඇති වගේම නැති Windows OSඉතිහාසය, පහසුකම්,එහි ලකුණ, මුල් පිටුවේ හැඩරුව ගැන වගේම අලුතෙන් එන්න තියෙන Windows 8 ගැනත් වැදගත් කියලා හිතෙන විස්තර ටිකක් තමා මේ “චාමිකයගේ බ්ලොග් ඉසව්වෙන් “ දෙන්න තමා මේ හදන්නේ..

කලින් මේ ගැන දැන හිටියා වගේම නොදැන හිටිය අයත් ඇති..
කොහෝම වුනත් හැමෝම කියවලා අදහසක් දාලා යන්න හොදද!!

වින්ඩෝස් මෙහෙයුම් පද්ධති ඉතිහාසය පටන් ගන්නේ 1982 ඇමරිකානු ලාස්වේගාස් නුවර පැවැත්වුනුComdex නැමති ප්‍රදර්ශණය බලන්න ගියපු බිල් ගේට්ස් මහත්තයාට VisiON කියලා නම් කරපු මෘදුකාංග මෙහෙයුම් පද්ධතියක් දකින්න ලැබෙනවා..

DOS වලට වඩා පහසු වැඩසටහනක් ලෙස පෙනුන එහි වැඩසටහන් වෙන වෙනම වට්ටු Frames තුල ආරම්භ වීමත්, මවුසය මගින් වැඩකරන හැටිත් බලන්න පුළුවන් වුනා.. ඒත් එහි අයිකන නම් දකින්න වුනේ නෑ...


IBM වර්ගයේ පරිගණකයක් තුල එය ධාවනය කරනු ලැබුනා..
VisiON ගැන තවත් දැනගන්න මෙතනින් යන්න..

මේ VisiONනැමැති මෘදුකාංගය තව දුරටත් අධ්‍යනය කරමින් සිටි එය වඩා දියුණු කරමින් බිල් ගේට්ස් ඇතුලු මයික්‍රොසොෆ්ට් සමාගම
“Interface Manager“ ලෙස එම මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කලා..
ඒ නමේ යම් නොගැලපීමක් තියෙන බව කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනාට හිතුනා...

ඒ වන විට මයික්‍රොසොෆ්ට් සමාගමේ වෙලද නාම ප්‍රවර්ධන තනතුරේ සිටි Rowland Hanson මහත්තයා මේකට නමක් යෝජනා කලා..



වෙන වෙනම වැඩසටහන් තිරය මත දිග හැරෙන නිසාWindows නම ඔහු එයට යෝජනා කලා.. බිල්ගේට්ස් ඇතුලු බොහෝ දෙනා ඒ නමට කැමති වුනා.. ඒ මෙහෙයුම් පද්ධතියත් එක්කම තම සමාගමේ නමත් ඉදිරියටම ගෙන යා යුතු යයි සිතු Rowland Hanson මහත්තයා Microsoft Windows යන නම යෝජනා කලා.. එදා ඉදලා Microsoft සමාගමේ සෑම නිපදවීමක් සමගම තම සමාගමේ නම යොදා ගනු ලැබුවා.. දන්නවනේ..
Microsoft Office, Microsoft Word වගේ....

ඔන්න ඔහෝම නම ලැබිච්ච අපි අදත් මේ වැඩකරන
Microsoft Windows පද්ධතියේ මුල්ම සංස්කරණය
1983 නොවෙම්බර් 10 වෙනිදා සමාගම සම නිර්මාතෘවරු වුන
පෝල් ඇලන් හා බිල් ගේට්ස් එකතු වෙලා නිව්යෝර්ක් හි ප්ලාසා හෝටලයේදී ලොව වෙනසකට ගෙන යමින් ලොවට හදුන්වා දුන්නා..


එය 1983 නොවෙම්බර් 20 ජනතාවට හදුන්වා දුන්නා...
ඒ මුල්ම මෙහෙයුම් පද්ධතියේ ඉදලා මේ වෙනකොට කොච්චර දුර ඇවිල්ලද නේද??

මෙන්න අපි නොදන්න මෙහෙයුම් පද්ධති ඉතිහාසය පින්තූරත් එක්කම..


Windows 1.01 (1985)
1983 ට අවුරුදු දෙකකට පස්සේ එනම් 1985 මයික්‍රොසොෆ්ට් සමාගම මෙහෙයුම් පද්ධතිය හදුන්වලා දුන්නා...
Windows 1.01 Bit 16 මෙහෙයුම් පද්ධතියක් වු මෙහි මුලු බර වුනේ මෙගාබයිට් එකක් පමණි.
වැඩ රැසක් එකවර කල හැකි වු මෙහි වැඩසටහන MS-DOS 5.0 යොදා ගෙන නිර්මාණය කර තිබුනි..
මේ තියෙන්නේ එහි ආරම්භයේ හා මුල් පිටුවේ හැඩරුව...


Windows 1.03 (1986)
1986 දී මයික්‍රොසොෆ්ට් සමාගම Windows 1.03 හදුන්වලා දුන්නා...
කලින් පද්ධතියම ටිකක් වැඩි දියුණු කළා.. එයට හාඩ් ඩිස්කයෙන් මෙගාබයිට් 2.2 ක් වෙන් කරන්න වුනා... මේ එහි හැඩරුව...


Windows 2.03 (1987)
1987 දි ඉදිරිපත් කල මේ මෙහෙයුම් පද්ධතිය එකල භාවිතා වුන
Intel 286/386 පොසෙසර වලට ගැලපෙන අයුරින් නිපදවු අතර එහි මුල්ම වරට අපට අවශ්‍ය ලෙස ඩෙක්ස්ටොප් වොල්පේපර් වෙනස් කර ගැනීමටද පහසුකම් සපයා දී තිබුනි.. එහෙත් එහි මුලු බර වී තිබුනේ මෙගාබයිට් 2.5 ක් පමණී. මේ එහි තිබු හැඩරුව..


Windows 2.86 (1989)

Windows 3.0 (1990)
1990 මැයි මස 22 නිකුත් කල මේ මෙහෙයුම් පද්ධතිය ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස හදුන්වන මෙයට දැනටත් Windowsහි භාවිත වන ඇප්ලිකේෂන වැඩසටහන් (File Manager, Program Manager) වගේම ඩෙස්ටොප් එකේ හැමදාම දකින අයිකනයන් අලුත් මුහුණු වරකින් හදුන්වා දෙනු ලැබීය.

Windows 3.1 (1992)
Windows 3.0 හදුන්වා දී අවුරුදු දෙකකට පස්සේ හදුන්වා දීපු මෙහි වැඩි වෙනසක් දක්නට නොමැති වුවත් Windows 3.0හි
තිබු වැරදි (Bugs) නිවැරදි කරමින් හා මල්ටිමීඩියා පහසුකම් ලබාදෙමින් ඉදිරිපත් කරන ලදි.


Windows NT 3.1 (1993)
Windows NT 3.1 හෙවත්New Technology ලෙස මෙම මෙහෙයුම් පද්ධතිය 1993හදුන්වා දෙන ලදි...
නම Windows 3.1 සමාන වුනත් මෙය හදුන්වා දී තිබුනේ වෙළඳ හා නිවස යන දෙකේම යොදා ගත හැකි 32 – bit මෙහෙයුම් පද්ධතියක් ලෙස අතරමWindows 3.1යම් වෙනස් කම් දැක ගත හැකි විය.

Windows 3.11 (1993)
එම වසරේම එනම් 1993 දී හදුන්වා දුන් මෙයWindows 3.1තව තවත් දියුනු කරමින් කණ්ඩායමක් අතර පරිගණක ජාල ගත කර ඩොමේන් නාම ලබා දෙමින් කටයුතු කිරීමේ හැකියාව ලබා දී තිබුනි..
මෙය Server Machine වල ආරම්භය ලෙස හැදින්විය හැක.


Windows NT 3.51 Work Station (1995)
1995 දී නිකුත් කල මෙම පද්ධතිය, මෘදුකාංග දියුණුකිරීමට, ඉංජිනේරු වැඩසටහන් සඳහා, විද්‍යාත්මක වැනි සෑම කාර්යයකට ගැලපෙන සහයක් දෙන ලෙස නිර්මාණය කර තිබු මෙහෙයුම් පද්ධතියක් ලෙස නිර්මාණය කර තිබුනි.



මේ හරියේ ඉදලා මතක තියෙන, වැඩ කරපු අය ගොඩක් ඇති නේද??



Windows 95 (1995)

1995 දීම නිකුත් කල මෙය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල තවත් සන්ධිස්ථානයකි. කලින් Chicago, Windows 95 ලෙස නම් කොට තිබු මෙය එතෙක් බිහිව තිබු මෙහෙයුම් පද්ධතිවල හොදම මෙහෙයුම් පද්ධතිය වුවා වගේම දැන් අපි භාවිතා කරන භාවිතයට ඉතාමත් පහසු

(User Friendly )මෙහෙයුම් පද්ධතිවල ආරම්භයයි.32 – bit
වු මෙය ප්‍රථම වරට ඉන්ටර්නෙට් වලට, Dial Up පහසුකම්, ජාලකරණ පහසුකම් වගේම Plug & Play පහසුව ලබා දී තිබු අතරම වෙනත් මෘදුකාංග හා දෘඩාංග එකතු කිරීමේ පහසුවද සලසා දුන්නා..




Windows Server 4.0
Windows 95 හි පහසුකම් සහිතම වු මෙහි ජාලකරණය වඩා පහසුවත්, අන්තර්ජාලය තුලදී ආරක්ෂක විධි විධාන වැඩිකර නිර්මාණය කර තිබුනි.



Windows NT Server 4.0 (1996)


Windows 98 (1998)
Windows 95 සංස්කරණය තවත් දියුණුවට පත් කරමින් නිපදවු Windows 98 මහජනයා අතරට එකල වැඩි පුරම ගිය මෙහෙයුම් පද්ධතියයි.එහි විශේෂ පාඨයක් ද විය..

එනම්

“ Works Better, Plays Better” යන්නයි.



Windows 98 Second Edition(1999)
Windows 98 ට අලුතෙන් ලබාදෙන අප්ඩේට් සහිත වු මෙය මගින් එතෙක් තිබු වැරදි නිවැරදි කරමින් Internet Explorer 4.0 වෙනුවට 5 හදුන්වා දෙන ලදි. 1999 මැයි 05 දින නිකුත් කරන ලදි.



Windows 2000 (2000)
Windows NT Server 4.0 පද්ධතිය මගින්Windows 95, Windows 98 සංස්කරණයන් තව තවත් දියුනු කරමින් මෙය නිර්මාණය කලේ සියලුම වර්ගයේ ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් පරිගණක වලට ගැලපෙන අයුරෙනි. භාවිතය වඩාත් පහසු කර තිබුනි.



Windows 2000 Server (2000)


Windows ME - (Millennium) (2000)
නිවෙස් වල භාවිතය සඳහා විශේෂයෙන් සකසා තිබු අතර සංගීතය,විඩියෝ ආදියට ඉතා හොද පහසුකම් ලබා දී තිබුනි.



Windows XP (2001)


Windows 2000 යොදා ගනමින් එය තවත් දියුනු කරමින් ඉහත සදහන් කල කරුනු තව තවත් දියුනු කරමින් ඉදිරිපත් කලා වු අපි අදටත් දන්න, පාවිච්චි කරන XP ලොව ජනප්‍රියම Windows මෙහෙයුම් පද්ධතිය ලෙස හැදින්විය හැක... 2001 සිට 2006 දක්වා මෙහි විවධ සංස්කරණයන් නිකුත් කරන ලදි.
(64-Bit Edition / Professional x64 Edition)

Bliss හෙවත් Windows XP වල තියෙන “ ලුනා “
Desktop Wall paper යේ මේ කතාව දන්නවද?


Windows Server 2003 (2003)
2003 මාර්තු මස 28 දින හදුන්වා දුන් අතර Win2k3 ලෙසද හදුන්වනු ලැබයි.


Windows Vista (2006)
Windows XP නිකුත් වී වසර 05 ට පසු එනම් 2006 නොවැම්බර් 30 දින මයික්‍රොසොෆ්ට් සමාගම "Longhorn" නැමති රහස් නාමයෙන් හැදින් වු Windows Vista අලුත් ම මුහුණතකින් හදුන්වා දුන්නේ වසර 05 ක් තිබු මෙහෙයුම් පද්ධති නිහඩතාවට තිත තබමිනි.



ඒ ගැන ඉතින් කියන්න වැඩි දේවල් නෑ නේද?? කොහෝම වුනත් වැඩි විස්තර බලාගන්න ඕන නම් මෙතනින් යන්න..

Windows 7 (2009)
2009 ඔක්තෝම්බර් මාසයේදී 07 හදුන්වා දෙන ලදි.. දැන් නම් ඉතින් ගොඩක් අය පාවිච්චි කරනවා..


කියන්න ඕනෙත් නෑ..

වැඩි විස්තර ඕන නම් මෙතනින් යන්න..


දැන් කියන්න යන්නේ මම අර උඩ කිව්ව Windows 8 ගැන...


මේ මාසේ එනම් 2012 පෙබරවාරි 29 වැනිදා ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර Mobile World Congress හී දි මයික්‍රොසොෆ්ට් සමාගම තවත් ලොකු පියවරක් ඉදිරියට තබමින් Windows 8 beta සංස්කරණය ලොවට ඉදිරිපත් කරන්නයි හදන්නේ...
මේ තියෙන්නේ එකේ ආරාධනා පත්‍රය..


මේ මෙහෙයුම් පද්ධතිය ගොඩාක් වෙනස් කරලලු...

Start බටන් එකත් නෑ කියලයි කියන්නේ..

නිකන් ටච් ෆෝන් එකක් වගේ...
මවුස් නැතිව ටච් විදියටත් වැඩ කරන්න පුළුවන්!!


අපි වින්ඩෝස් කියලා එකපාර අදුන ගන්න ලාංජනය නැත්නම් අර පාට තියෙන කොඩිය වගේ එකත් වෙනස් කරලා...


මේ තියෙන්නේ අලුත්ම ලාංජනය..

හි.. කොහෝමද ඒක..

මේ සලකුන නිර්මානය කල Pentagram design agency යේ

Paula Scher පවසන්නේ වින්ඩෝස් නැමැති නමින් මෙතරම් කලක් තිබී ඇත්තේ කොඩියක් බවත් Windows 8 සිට එය කොඩියක් නොව නමට ගැලපෙන අයුරින්ම “ජනේලයක් “ කල බවත්..
ඒ ගැන කිසිම ගැටලුවක් නැති බවයි..


මෙහි අලුත්ම ආකාරයේ මුහුණත් සැලසුම් කරනු ලබන්නේ Pentagram design agency විසින් Metro style design නැමැති ක්‍රමවේදයට බව පැවසේ...

මේ තියෙන්නේ ඒකේ පටන් ගන්න මුණත!!



මෙන්න තියෙනවා වැඩකරන විදිහ පෙන්නන හොද විඩියෝ එකක්!!



අනේ මන්දා 29 ට පස්සේ තමා බලන්න වෙන්නේ Windows කොහෝම වේවිද කියලා...


ආ... මම දැන් ටිකකට කලින් කිව්වනේ ජනේල සලකුණු ප්‍රශ්ණයක්..


මේ තියෙන්නේ එදා ඉදලා අද දක්වා ආපු වින්ඩෝස් සලකුනු

වෙනස්කම් ටිකත් යන්න කලින්ම බලන්න...


දිග වැඩියි වගේ නේද??
වෙනදා වගේම අන්තර්ජාලයෙන් තමා කරුණු පින්තූර සියල්ල...

ඉතින් ඔබේ අදහසත් ලියලම යන්න හොදද!!


පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??