2012 පෙබරවාරි 04 වැනිදා ...
මේ ශ්‍රී ලංකාවේ 64 වන නිදහස් දිනයයි...
ඉතින් මටත් හිතුනා ඒ ගැන ගැලපෙන විස්තරයක්
“ඉසව්ව පැත්තට” කාටත් දැන ගන්නත් එක්කම දාන්න...
ඒ ගාල්ලේ ඉපදුනු නිර්භිත කොල්ලෙක් ගැන..
“ඉසව්ව පැත්තට” කාටත් දැන ගන්නත් එක්කම දාන්න...
ඒ ගාල්ලේ ඉපදුනු නිර්භිත කොල්ලෙක් ගැන..
ගාල්ලට යන එන බොහෝ දෙනා වගේම ගාල්ල නගරය හරහා යන එන ඕනම කෙනෙක් ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය ඉස්සරහා තියෙන මේ අශ්වයා පිටේ ඉන්න පුද්ගලයා දැකලා ඇති අනන්තවත්...
මොකද ගාල්ල - මාතර ප්‍රධාන පාරෙම තියෙන හින්දා !!
මොකද ගාල්ල - මාතර ප්‍රධාන පාරෙම තියෙන හින්දා !!
ඇත්තටම අශ්වයෙක් පිට ඉන්න මේ පුද්ගලයා කවුද..??
මේ විස්තරය ඔහු ගැනයි එනම් ජාතික නිදහස් සටනේ නියමුවෙක් වුන ගාල්ලේ ඉපදුන එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ගැනයි..
විස්තර සහ ජයාරෑප කිහිපයක් ..අන්තර්ජාලයෙන් හා පොත පතින්..
සමහරක් ජායාරෑප මම ගත්තපුවා!!
ගාල්ලේ දන්ගෙදර “පේද්‍රිස් විලා” මැඳුරේ 1888 අගෝස්තු 16 වැනිදා ඩී. ඩී. පේද්‍රිස්මහතා හා මල්ලිකා ප්‍රනාන්දු මහත්මියට දාව උපන් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ට තවත් සොහොයුරියන් හතරදෙනෙකු විය.
( “පේද්‍රිස් විලා”- මෙම නිවස දැන් දන්ගෙදර හන්දියෙන් බද්දේගම පාරේ “ ප්‍රින්ට් හවුස් ආයතනයට “ වම්පසින් පාරේ වම් පැත්තේ ඇති විශාල වත්ත තුල පිහිටා ඇත.)

දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත්,තම ව්‍යාපාරික කටයුතු වඩාත් දියුණු කර ගැනීමට කොළඹ පදිංචියටපැමිණි ඩී. ඩී. පේද්‍රිස්මහතා කොළඹ ටර්ටි පාරේ “විමල් විලා” නම් සුවිසල් දෙමහල් නිවසක පදිංචි වුනා.. එකල ළමා වියේ සිටි හෙන්රි කොළඹ ඇකඩමිය,දෙහිවල ශාන්ත තෝමස් විද්‍යාලයෙන් හා රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබාගත්තා..
එකල ඔහුගේ පියා සතුව තිබු ධන බලය ගැන නොසලකමින්, අධ්‍යාපනය අවසාන කල හෙන්රි ඉංග්‍රීසීන්ගේ නගර ආරක්ෂක හමුදාවට ස්‍වේච්ජා සේවකයකු ලෙස ඇතුලත් වුනා එකල එය (Town Guard) නම් තනතුරක් වුනා.. කෙටිකලකින්ම දක්ෂතා මගින් කපිතාන් තනතුරට පත් වුයේ ඔහු රුහුණු පුත්‍රයකු ලෙස තම උපන් හපන්කම් පෙන්නුවා..
ඊට බැදුනු ප්‍රථම සිංහලයාද හෙන්රි පේද්‍රිස් විය.
ඊට බැදුනු ප්‍රථම සිංහලයාද හෙන්රි පේද්‍රිස් විය.
වරක ඔහු ගේ හීලෑ අශ්වයා වු “ලාලි “ ගේ පිට නැඟී වැල්ලවත්ත පාලම පසුකරමින් යන තේජාන්විත පෙනුමකින් යුතු තරුණ හෙන්රිට ඉදිරියට ‘සුදු පාලකයකු’ නැඟී පැමිනෙන මෝටර් රථයක් මුහුණට මුහුණලා හමු විය.
’ඒයි! නුඹේ ඔය අස්පයා පස්සට ගනින් වහාම’ රියෙහි කවුළුවෙන් එබී බැලූ සුදු පාලකයා තරුණ අශ්වාරෝහකයාට හයියෙන් කෑ ගසා විධානය කළේ ය. සුදු පාලකයා දෙස විනිවිද යන බැල්මක් හෙලූ හෙන්රි, ‘මගේ අශ්වයා මම අඩියක් පස්සට ගන්නේ නැහැ නුඹේ රිය පස්සට ගනින්’ යැයි උස්හඩින්ම පිළිතුරු දුන්නේ ය.
”මම කවුද කියල නුඹ හොඳින් දන්නවා නේද? වහා ම පස්සට පලයන්”
සුදු පාලකයා යළිත් හඬ නැඟී ය.
සුදු පාලකයා යළිත් හඬ නැඟී ය.
”මා නුඹ ව ඉතා හොඳට දන්නවා. නුඹ පස්සට යා යුතු මිස මගේ අශ්වයා පස්සට ගන්නේ නැහැ. පාලම් හදද්දි පළලින් යුක්තව හදන්නට නුඹලාගේ සුදු ආණ්ඩුව වගබලා ගන්න ඕන...”
සුදු පාලකයා තම රිය පසුපසට ගත්තේ ය.
අශ්වාරෝහකයා පවනට බඳු වේගයකින් ඔහු පසුකර යන්නට ගියේය. ඔහු යන දෙස බලා සිටි සුදු පාලකයා කෝපය නිම් හිම් නැතිවිය.
1915 මැයි 28 වැනි වෙසක් පුර පසළොස්වක දා මහනුවර පැවැති බොදු බැති ගී පෙරහරට කාසල් වීදියේ මුස්ලිම් පල්ලිය අසල දී පළමුව හූ හඩින් ද දෙවනුව ගල්මුල් ප්‍රහාරයෙන් ද බාධා එල්ල කෙරිණි. මේවා සිදුවූයේ ජාතීන් අතර බේද ඇතිකොට පහසුවෙන් ආණ්ඩු කිරීමේ අභිලාෂය මුදුන්පමුණුවා ගැනීමේ යටි අදහසිනි. ඉංග්‍රීසින් විසින් ම දියත්කළ මේ ආගමික ගැටුම් පිළිබඳ ව ඔවුන් බ්‍රිතාන්‍යයට වාර්තා කරනු ලැබුවේ වෙනත් ආකාරයකිනි. එනම් සුදු ආණ්ඩුව පෙරළා දැමීමට සිංහල ජාතිය විසින් සිදුකරන දුෂ්ට කැරළිකාරකම් ලෙස ය. සිංහලයෝ සුදු ජාතීනට එරෙහිව වීදි බැස්සාහ. මින් බියට පත් වූ පාලකයා වු එවකට ආණ්ඩුකාර රොබට් චාර්ම්ස්, මාර්ෂල් ලෝ (හමුදා යුද නීතිය) රටපුරා පැනවූහ. එනම්, කැරලිකරුවන් දුටු දුටු තැන මරා දැමීමය.

ඒ 1915 ජූනි මස 2 දාය.
මේ අතර පිටකොටුවේ මුස්ලිම් කඩසාප්පු ගිනි සිළු දැල්වීමටත් තරම් වු අතර එහිවූ මුස්ලිම් කඩසාප්පුවලට පහර දී වෙඩි තබා කිසියම් ගැටුමක් සිදු වී තිබිණි.
එවේලෙහි එම ස්ථානයේ රාජකාරි කටයුතු කල හෙන්රි පේද්‍රිස් සිංහල මිනිසුන්ට මුස්ලිම් කඩසාප්පු කොල්ල කෑමට ඉඩ දුන්නේ යැයි එම නිසා බ්‍රිතාන්‍ය මහ රජතුමාට විරුද්ධව යුද්ධය මෙහෙය විමට සහය වුවාය යන අභූත චෝදනාව යටතේ පේදිරිස්ට නඩු පවරනු ලැබුවේ යුද නීතිය මඟිනි. සුද්දන් ඔහුට දුන් නිලතරු පදක්කම් සියල්ල ආපසු ගත්තේ ය.

මුස්ලිම් මිනිසුන් මරා දේපළ කොල්ල කෑමට ඉඩ සැලැසුවේ ය. යන සාපරාධී චෝදනාව යටතේ අභීත තරුණ සෙන්පති “එඩ්වඩ් හෙන්රි පේදිරිස්” ජුලි මස 01 වනදා සිර භාරයට ගන්නා ලද්දේ ඔහුගේ නිර්දෝෂි බව පුන පුනා පවසද්දී ය.
සිර භාරයට ගත් හෙන්රි දින 03ක් වැනි කෙටි කලක දී යුද්ධාධිකරණය මඟින් නඩු අසා ඔහුට ජුලි 08 වැනිදා උදෑසන 8.00 වෙඩි තබා මැරීමට නියම කෙළේ
එතෙක් සුද්දන්ගේ සිතේ නැෙඟමින් තිබූ පළිගැනීමේ නරුම චේතනාව මුදුන් පත් වෙද්දී ය.

ඉන් පලක් නුවූ තැන තම පුතු නිදහස් කරගැනීමට ශෝකයට පත් පියා පුතුගේ බරට තුන් ගුණයකට වැඩි රත්තරන් රාත්තල් 1000ක් පමණ දෙන බවට සහතික වී පුතු නිදහස් කරන්නැයි කළ ඉල්ලීම ද පලක් නොවීය.මහජන අප්‍රසාදය වීදි බැස ඇවිලිණි. ඉන් කලබලයට පත් පාලකයෝ ජූලි මස 8 දිනට නියමව තිබූ මරණ දඬුවම 7 දින එනම් පෙර දින පෙරවරු 8ට නියම කරමින් ඉක්මන් කළහ.පෙ.ව 8.00 වෙද්දි එම ආසනයට පැමිණි ඔහුට වෙඩි තැබිමට පෙර ඇස් බැඳීමට සැරසෙන විට
"මගේ දැස් බඳින්නේ කුමටද, නුඹ මට වෙඩි තබන හැටි බලන්න මම කැමතියි" යෑයි කෑගසා කීවේය.
නීතිය ක්‍රියාත්මක කළයුතු නිසා තම සාක්‌කුවෙන්ම ලේන්සුව ගෙන ඇස් බැඳගත්තේය. "මම සූදානම්" යෑයි කීය. ක්‍ෂණයකින් අණ නිකුත් විය. වැලිකඩ සිරගෙදර දෙවනත් කරමින් එම වෙඩි හඩ පැතිරුණි.
මිය යන විට ඔහුගේ වයස අවු.28 කි..
ඔහු වෙනුවේන් නිකුත් කල මුද්දරයක්

කොළඹ හැව්ලොක් ටවුමේ ඉසිපතානාරාම විහාරය ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ දෙමව්පියන් විසින් හදා පූජා කළේ තම පුතාගේ වියෝගය දරාගත නොහැකිවයි. ඒ අසලම වු හැව්ලොක් පිටිය ඔහුට ගරු කිරීමක් ලෙස හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණය ලෙස 1970 දි ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතා විසින් නම් කොට නවීකරණය කොට විවෘත කරන ලදි..
ගාල්ල දංගෙදර “සරන්තුකඩේ හන්දිය සිට බෙලිගහ හන්දිය “ දක්වා මාවත ඔහුගේ නමින් හෙන්රි ප්‍රේද්‍රිස් මාවත ලෙස නම් කොට තිබුනත් දැන් එහි ඇත්තේ දංගෙදර මාවත ලෙස වු මාර්ග නමයි..
ගාල්ල ප්‍රධාන තැපැල් මුලස්ථානය ඉදිරියේ වු අනුස්මරණ පිලිරුව එකල ජනපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතා විසින්
1992 මැයි මස 09 වෙනිදා විවෘත කරන ලද්දකි.
ගාල්ල ප්‍රධාන තැපැල් මුලස්ථානය ඉදිරියේ වු අනුස්මරණ පිලිරුව එකල ජනපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතා විසින්
1992 මැයි මස 09 වෙනිදා විවෘත කරන ලද්දකි.
එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් තරුණ වීරවරයාගේ සිය ජීවිතය මව්බිමේ උරුමය වෙනුවෙන් පරිත්‍යාග කොට 2012 ජුලි මස 07 වැනිදාට වසර 97 ක් සපිරෙයි.
සියලු රට වැසියන්ට ආදර්ශයක් ,ස්තූතියි චාමික ,
ReplyDeleteඋඹ පෝට් එකක ලියන්න වෙන මහන්සිය මාරයි... ගල්ලෙ කොල්ලෙක් ගැන ගාල්ලෙ කොල්ලෙක්ගෙන්... :D :D
ReplyDeleteඅපිත් ගාල්ලෙ හරිය..
ස්තුතියි!! පොඩි මෑන්.. එලකිරි ආ...
DeleteGalle Roxx!!
අනිවාර්යයෙන්ම Galle Roxx!! :)
Deleteඅවුරුදු ගාණක් මේ නම අහල තිබුණත්, ජාතික වීරයෙක් කියල දැනගෙන හිටියත් හරි කතාව විස්තරත් එක්ක කියෙව්වෙ දැනුයි. ස්තූතියි මචෝ...
ReplyDeleteGreat work ! thumbs up bro!
ReplyDeleteපට්ටයි අයියා!!!
ReplyDeleteසිරාවටම එල..
ඇත්තටම වැදගත් , ඒ වගේම රසවත් ලෙසින් ලියූ ලිපියක් ....සිංහල බ්ලොග් පරිශ්‍රෙය් , විනෝදය , යෞවන සොඳුරු කතා , බණ දහම් අතරේ මෙවන් වැදගත් සටහන් ද තැබීම “අපේ සිංහල බ්ලොග් කළාව“ පරිපූර්ණ කරන්නටම හේතුවක් ..ස්තුතියි
ReplyDeletekeep writing machan..this is so valuable to the others...
ReplyDeleteඅපිත් ගාල්ලේ.. හරි ය..
ReplyDeleteනියමයි.......!!!
ReplyDeleteසුපිරි පෝස්ටුව.. කවුද මචං මේව දන්නේ.. ස්තුතී අපිව දැනුවත් කරනවට..
ReplyDeleteසුපිරියි! වෙඩි තිබ්බ කතාව නම් මම දැනගෙන හිටියා හේතුව දැනගත්තෙ අදයි...
ReplyDeleteනිදහස් දවසේදී මට විශාල පාසල් සිසුන් පිරිසක් අමතා නිදහස ගැන දේශනයක් පවත්වන්න තිබෙනවා. එහිදී පේද්‍රිස් මහතා ඇතුළු ජාතික වීරයන් රැසක් ගැන කරුණු මම ඒ දරුවන්ට කියනවා.
ReplyDeleteසුද්දා හදපු CDF = Ceylon Defence Force නමැති ආරක්ෂක හමුදාව යටතේ තිබුණු CTG = Colombo Town Guard ඒකකයේ තමයි මේ පේද්‍රිස් වීරයා සේවය කලේ. එතුමා වෙඩි තබා මරා දැමීමෙන් පස්සේ වෙඩි තබන අවස්ථාවේදී වාඩි කරවා සිටි පුටුව, ලේ පිටින්ම ගෙනල්ලා, ඒ කාලයේ සිරභාරයට ගෙන සිටි, ඩී.එස්. සේනානායක ඇතුළු ලාංකීය නිදහස් ව්‍යාපාරයේ නායකයන්ට පෙන්නුවා, ඔවුන්ව බය කරවන්න. නමුත් සුද්දගේ ඒ පාහර වැඩවලින් අපේ ජාතික වීරයන් බය කරන්න බැරිවුනා. පේද්‍රිස් වීරයාව යුද හමුදා අධිකරණයේ නියෝග පරිදි වැලලුවේ කාටවත් හොයාගන්න බැරි තැනක කොළඹ කනත්තේ. නමුත් එතුමාගේ පියාට ඒ ස්ථානය ගැන කනත්තෙන්ම ඔත්තුවක් ලැබී තිබුනා. එය පවුලේ රහසක් ලෙස දිගටම රැකගෙන ආවා. 1987 වර්ෂයේදී එම වල හාරා ඉතිරිව තිබුණු දෑ ගොඩගෙන නිසි හමුදා ගෞරවාචාර යටතේ නැවත මිහිදන් කළා. සුද්දාගේ හමුදා අධිකරණ නියෝගය අවලංගු කළා.
අසමි දකිමි සොයමි ලියන විචාරක
චාමික බොහොම අගෙයි මේ කරුණු ටික.බොහොමත්ම ස්තුතියි .විචාරක ඔබගේ කරුණු දැක්වීමටත් ස්තුතියි.
ReplyDeletejathika weerayan bihi une galle withrak newe uda ratin thama hodama weerayan bihi une keppetipola, kohukumbure rate rala , madugalle , ethipola disawe , ewagema oba sema kiyawanna 1592 danture satana ,1656 gannoruwe satana ,wagolle satana , randeniwela satana , 1818 sinhale wellassa satana , 1848 dambulla matale satana me hema satanakma udarata sinhalayage rudirayen me mawubima theth kala awastawan
ReplyDelete