Pages

Monday, August 1, 2011

ඉක්මනට වැඩ ටික කර ගන්න K Computer එකක් ගමුද? Let’s get a K computer… which is as quick as one MILLION desktop PCs!!


ඉක්මනට වැඩ ටික කර ගන්නK Computer එකක් ගමුද?

K Computer එකක් කිව්වට මේක අලුත් පරිගණක ජාතියක් නම් නෙවේ..
මේ කියන්න හදන්නේ දැන් ලොව තියෙන සුපිරි පරිගණකය වෙන
K
Super Computer එක ගැන තමා..

අනික ඉතින් මේ වගේ එකක් ගන්නව නම් විදුලි බලාගාරයකුයි, බිල්ඩිමක් එක්කම
තමා ගන්න වෙන්නේ...


මේ ගැන තොරතුරු ,පින්තුර ඉතින් අන්තර්ජාලයෙන් තමා සොයාගත්තේ!
සමහර අය දන්නවත් ඇති නොදන්න අයත් ඇති දෙගොල්ලොම කියවලා බලලා අදහසක් දාලාම යන්න හරිද?


පසුගිය අවුරුද්දේ නොවැම්බර් සිට චීනය සතුව තිබු ලොව වේගවත්ම සුපිරි පරිගණකය අභිමානය අහිමි කරමින් ජපානය විසින් එය හිමිකරගනු ලැබුවා. ඒ K යන සුරතල් නමින් හදුන්වන Kei - ලෙස ජපන් නමින් හදුන්වන සුපිරි පරිගණකයත් සමගයි.



පසුගිය ජුනි මස ජර්මනියේ හැම්බර්ග් හි සුපිරි පරිගණක පිලිබඳ සමුළුවේදි මේ පිළිබඳ ලොවට දැනුම් දුන්නා.
සුපිරි පරිගණකයන් හි අගය මනින්නේ එහි pet flops අගය ගණනය කිරීමෙනි.



Kei -යන්නේ අදහස 10 Quadrillion යන්නයි.එනම් තත්පරයකට සිදුකල හැකි කාර්යය ප්‍රමාණය යන්නයි (පරිගණකයේ වේගය) එහි අගය මෙලෙස දැක්වේ - 10,000,000,000,000,000 වේ. (10 petaflop නැතිනම් 10^16)

පුජිට්සු සමාගමේ නිර්මාණයක් වන මෙය සඳහා ජපාන ආණ්ඩුව විසින් ප්‍රතිපාදන සලසා දී ඇත.K සුපිරි පරිගණකයේ වේගය 8.16petaflop/s එහෙමත් නැතිනම් 8.16 Quadrillion වේ.එය ගිය වසරේ මෙම ස්ථානය හිමිකරගත් චීනයේ Tianhe – 1Aනැමති චීන ජාතික ආරක්ෂාව හා තාක්ෂණය පිළිබඳ විශ්ව විද්‍යාලය නිපද වු පරිගණකය මෙන් 03 ගුණයකි. Tianhe – 1A වේගය වුයේ 2.507 petaflop/s ය.

දැන් මේක ජපානයේ කොබේ නුවර පෝට්සිටි හි රයිකෙන් උසස් පරිගණක විද්‍යාව පිළබඳ ආයතනයේ පිහිටා කාලගුණ හා පරිසර තත්වයන්ට ඔරොත්තු දෙන ලෙස සැකසු ශාලාවක මෙය නිර්මාණය කරලා තියෙනවා. මිලියන එකක් වන Desktop පරිගණක එකතුවක වේගයට සමාන වේගයක් ඇති බව කියන මෙහි ඇතුලත CPU – 68544 ක් ද, ප්‍රොසේසර - 70,000 ක්ද යොදා ඇති අතර රාක්ක 672 තුල ගබඩා කොට ඇති මේ සඳහා ඇමරිකන් ඩො.බි. 1.2 මුදලක් වියදම් කොට ඇත.

භුකම්පා වගේම කාලගුණ වෙනස්වීම්, බෙහෙත් වර්ග නිපද වන දේ හා බලශක්තිය නිෂ්පාදන ක්‍රියා වලට තමා මේ පරිගණකය යොදා ගන්න හදන්නේ..


2011 මාර්තු මාසයේදී සිදුවු භු කම්පනයෙන්ද මෙයට හානි සිදුවු අතර මෙය හදුන්වා දීමද එමගින් ප්‍රමාද වී තිබුණී.

මේ තියෙන්නේ ඒ ගැන යු ටියුබ් විඩියෝ එකක්!



මේ සඳහා මෙගා වොට් 9.9 ක විදුලි බලයක් යොදන අතර එය කොපමණද කියනවනම් අවුරුද්දකට ගෙවල් 10000 විදුලිය ලබා දෙන්න පුළුවන් කම තියෙනවාලු...
ඒ වගේම මේකට අවුරුද්දකට ඩොලර් මිලියන 10 ක විදුලි බිලක් ගෙවන්න වෙනවා.

කොහොම වුනත් ඇමරිකානු තාක්ෂනික ආයතනය හා IBM ආයතනය මේ වන විටත් ඉල්නොයිස් සරසවිය තුල 10 Quadrillion වඩා වේගයෙන් තත්පරයට වැඩකල හැකි පරිගණකයක් නිර්මාණය කරමින් ඉන්නවලු.

දැනට ලොව සුපිරි පරිගණක 10 තුලට

ඇමරිකානු සුපිරි පරිගණක 05,

චීනය සතු සුපිරි පරිගණක 02,

ජපානය සතු සුපිරි පරිගණක 02 ක්
හා ප්‍රංශය සතු සුපිරි පරිගණකයක්
ඇතුලත් වෙනවා.‍


මේ තියෙන්නේ ඒ පරිගණක ලැයිස්තුව එහි කෙටි විස්තරයක්!



මෙන්න මේ අඩවියෙන් සුපිරි පරිගණක ගැන ඔයාලටත් විස්තර දැන ගන්න පුළුවන් වේවි...
ගිහිල්ලා බලන්න.

Click Here

දැන් ඉතින් ජපානය සතුව තමා ලෝකයේ වේගවත්ම පරිගණකය තියෙන්නේ...
කොහෝම වුනත් විවිධ රටවල් තමන්ගේ තාක්ෂණය දියුනු කරමින් විවිධ නිර්මාන කරන නිසා අනාගතයේදි සමහර විට ජපානය පරදවා තව රටක් මේ අභිමානය ලබා ගනීවි..

ගමුද K Computer එකක්...!

6 comments:

  1. පිස්සු හැදෙනවා අප්පා...තැන්කිව් වේවා දැනුවත් කරාට

    ReplyDelete
  2. කුජිතයි නෙහ්?

    ReplyDelete
  3. පට්ට නේ !!!
    මට මතකයි එක දවසක් මනුස්සයෙක් තමන්ගේ ලමයට කොම්පියුටර් එකක් ගන්න ඇවිත් එක එක ස්පීඩ් වල ඒවා අහනවා.
    අන්තිමේ කඩේ හිටපු එකා මේක තමයි දැනට තියෙන හොදම ස්පීඩ් එක තියෙන කොම්පියුටරේ කියලා කිව්වා.

    ඒ මනුස්සයා අහනවා "මේ ස්පීඩ් එක ළමයට ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේද ?" කියලා.

    ReplyDelete
  4. @ පිස්සු පුසා :- එපා වෙනවා මේවා දකිද්දී! ස්තුතියි යාලුවා අදහසක් දැම්මට..
    @නිකමා :- කුජිතයි..නවනිංගිරාවයි! ස්තුතියි මචා අදහසක් දාලා ගියාට!
    @මධුරංග :- හි...හි... පට්ට කතාව.."මේ ස්පීඩ් එක ළමයට ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේද ?" ස්තුතියි ගොඩාක්!

    ReplyDelete
  5. Thank you brother........ Jayawewa...!!

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??