Pages

Sunday, June 12, 2011

Che Guevara "සදාකාලික යෞවනය - චේ" ගැනයි මේ.....

"සදාකාලික යෞවනය-චේ"

බොහෝ දෙනාගේ
ඇවටර් එක ‍ලෙස ද
,පසුබිම් පින්තුරය ලෙස ද මේ රෑපය යොදා ගෙන තියෙනවා
මම
දැකල තියෙනවා!
ඔයගොල්ලෝත් දැකලා ඇති ‍

දැන්නම් ගොඩාක්ම වෙලද භාණ්ඩ වලත් මේ රූපය...
කම්ස,කැප් වල තමා ගොඩාක්ම...


ටී ෂර්ට් වල ඇදලා තිබුනට මේ ලොව වෙනස් කරපු පුද්ගලයෙක්..

කවුද මේ ...?

කියන්න නම් දෙයක් නෑ අදුරනවා නේද??

ඒ තමා 2010 මාසයක ටයිම් සඟරාව මගින් විසි වන සියවසේ ලොවට බලපෑම් කල පුද්ගලයන් 100න් කෙනෙකු ලෙස නම් කර ඇති චේ හෙවත් අර්නෙස්ටෝ චේ ගුවේරා ..



2011-06-14 වෙනිදට ඔහු ඉපදිලා
අවුරුදු 83 වෙනවා.



මේ චේ ගැන තොරතුරු ටිකක්..වැදගත් වෙයි කියලා හිතෙනවා!
හොදනම් ඔබේ අදහසකුත් දාලාම යන්න........

කියුබානු විප්ලවයේ ප්‍රධාන වීරයා වු චේ නැත්තම් මේ එල් චේ 1928 ජුනි 14 ආජන්ටිනාවේ රොසයිරෝ හි උපත ලද අතර 1953 දී බුවනෝස් අයිරිස් සරසවියෙන් තම වෛද්‍ය උපාධිය ලබා ගත් අයකුවිය.

ලතින් ඇමරිකානු රටවල් වල මිනිසුන් පිඩාවට පත්ව ඇති ආකාරය වෛද්‍ය පුහුණුව අතරේම ආජන්ටිනාව හා අනෙකුත් රටවල ඇවිද යන අතර චේ හොදින්ම දකින ලදි.
ඔහු එසේ දකුණු ඇමරිකාවේ යතුරු පැදියකින් කල සංචාරය අද‍ටත් ලෝ ප්‍රසිද්ධය.


එමගින් ලියු පොත්පත්ද, මෝටර් සයිකල් ඩයරීස් නම් චිත්‍රපටියක් ද නිර්මාණය කර ඇත.





චේ ගේ සංචාරයට එක්වු යතුරු පැදිය ආර්ජින්ටිනාවේ අල්ටා ග්‍රාසියා හි චේ ගුවේරා කෞතුකාගාරයේ තබා ඇති අයුරු....


මේ සංචාරයට ඔහුගේ සහකයා වුයේ ඇල්බර්ටෝ ග‍්‍රැනාඩෝ ජිමෙනෙස්ය.


ලතින් ඇමෙරිකානු රටවල දුප්පත්කම සහ සමාජ අසාධාරණය වැළැක්වීම සඳහා චේ හා ග‍්‍රැනාඩෝ විසින් මාස 08 ක් පුරා සිදු කරන ලද සුප‍්‍රකට 1951 යතුරුපැදි චාරිකාවට එක්වු ඔහු වයස 88 ක් වෙද්දි පසුගිය 2011 මාර්තු 05 වෙනිදා මිය යන ලදි.

මේ සවාරියේදි දුටු දැ ඔහුගේප්‍රචණ්ඩකාරී විප‍්ලවයක මග විය.
වයස අවුරුදු
02 වන විටදි ඇදුම රෝගයෙන් පීඩාවිදි ඔහු පිහිනීම ගොල්‍ෆ් වෙඩිතැබීම,රග්බි ක්‍රිඩා වලට මහත් දස්කම් දක්වා තිබු අතර ඔහු කාල් මාර්ක්ස්, ජුලස් වර්න්,ජීන් පෝල්,වැලඩිමිර් ලෙනින් ,‍ජවහර්ලාල් නේරු වැනි අයගේ පොත පතට වැඩි කැමත්තක් දක්වා තිබිනි.


ගෝතමාලාවේදි හමුවු හිල්ඩා ගාඩියා චේ ගේ පලමු බිරිය වු අතර විවාහයෙන්එක් දරුවකු චේ ට සිටියේය.


ඇලිඩා මාර්ච් ඔහුගේ දෙවැනි බිරිද වු අතර ඒ
විවාහයෙන් දරුවන් 04 දෙනෙකු චේ ට සිටි.


1959 දී චේ කියුබාවේ ගෞරවපුරවැසි භාවය ලැබු අතර 1961-1965 දක්වා එරට කර්මාන්ත ඇමැති ධුරය හොබවමින්රුසියාවේ, ඉන්දියාවේ හා අප්‍රිකාවේ සංචාරය කරමින් ‍ජවහර්ලාල් නේරු, නිකිතාකෘෂ්වෙච් වැනි ලෝ ප්‍රකට නායකයන් හමුවෙමින් රුසියාව හා කියුබාව හා මිත්‍රකම් ගොඩනැගුවේය.

ජවහර්ලාල් නේරු මහතාගේ කාර්යාලයේදී

නිකිතා කෘෂ්වෙච් සමග චේ


චේ සහ පිදෙල් කැස්ත්‍රෝ


1959 අගෝස්තු 07 වෙනිදා චේ ලංකාවට පැමිණ තිබේ..
ඔහු හොරණ පිහිටි “යහල කැලේ“ රබර් වත්තට ගොස් එහිදී රබර් වගාවේ යොදා ගන්නා දෑ ගැන සොයා බලා ඇත. ඔහුගේ එම සංචාරයේදී මහෝගනී පැලයක් සංචාරයේ මතක සටහනක් ලෙස සිටුවා ඇත.







සිටවන ලද මහෝගනී ගස!

දේශපාලනයේ ප්‍රතිපත්ති වෙනසක් සමගම කියුබානු රජය හා චේ අතර ගැටුම් ඇති වු අතර චේ තනතුරින් ඉල්ලා අස්වී රටින් පලාගොස් ගරිල්ලා සටන් දියත් කලේය.


බොලිවියාවේදි ඔහු කපිතාන් ගැරී ප්‍රා‍ඩෝ විසින් අත්අඩංගුවට ගත් අතර 1967 ඔක්තෝම්බර් මස 09 වෙඩි තබා මරා දමන ලදි.
ඒ වන විට චේ
39 හැවිරිදි වියේ පසුවිය.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ චේ


වෙඩිතැබු‍ චේ ගේ සිරුර බොලිවියාවේදි

කෙසේ වුවත් අද ලෝකයේත් තවමත් චේ මිනිසුන් අතර
නොනැසෙන චරිතයක් ව ඇත.

බොලිවියාවේ චේ ස්මාරකය



කියුබාව ඔහු වෙනුවෙන් නිකුත් කල මුදල් නෝට්ටුවක්


කියුබාවේ ඇති චේ ගේ සමාධිය



ලොවපුරා කොතැනක හෝ සිදුවෙමින් පවතින්නාවු දේ පිළිබදව අප උදාසීනනොවිය යුතුය මන්ද මරණය තෙක් සිදුකරන මෙම සටනට සිමාමායිම් නොතිබෙන බැවිනි
අර්නස්ටෝ චේ ගුවේරා

14 comments:

  1. නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා ......
    බොහොම ස්තුතියි.........

    ReplyDelete
  2. මැත කාලයේ බිහි වු සැබැ විප්ලවවාදියෙක්!!!!!!!!!!
    හැබැයි අද ෆැෂන් එකට චේ හිතවාදියො කියල පෙන්නගන්න උන් මෙ මිනිස්සු කරපු කැප කිරිම් ගැන ඇල්පෙනෙත්තක දෙයක් දන්නෙ නෑ

    ReplyDelete
  3. viplawa wadiyaku bihi wanne adaraya pilibada hageem walini kiyala che kiyala thiyenawa...wairayen viplawa karan ape ayata eka hoda padamak..ganja gahala chewa fashan karana ayata me tika kiyewwoth dadiya dawi needa kollo...

    ReplyDelete
  4. චේගෙ සම්පූර්ණ නමවත් නොදැන චේගෙ පින්තූර ටී ශර්ට් , කැප් වල ගහගෙන ඉන්න (සම)හරක් විශේෂයෙන් කියවන්න ඕනෙ ලිපියක්....

    චේ ගැන අදහස නම් චේ හොඳයි ඒත් ගෑනු පස්සෙ ගියා වැඩියි

    ReplyDelete
  5. සදාකාලික යෞවනය

    ReplyDelete
  6. මම ආසම කෙනෙක් ...

    ReplyDelete
  7. ම්ම්ත් නොදන්න දේ ගොඩක් දැන ගත්තා. ජය!

    ReplyDelete
  8. ආදරණීය චේට හැමෝම ආදරේ ඇති.ඇත්තටම මමත් හුගාක්.ස්තුතියි යාලුවා ආදරණීය චේ ගැන හුගාක් දේවල් ලිව්ව‍ට...

    ReplyDelete
  9. හුඟක් අය චේගේ රූපය විලාසිතාවක් විදිහට භාවිතා කළාට චේ කියන්නේ කවුද මොනවද කළේ කියලාවත් හරියට දන්න අය නෙමෙයි.

    අනිත් එක තමා චේ කියුබාවෙන් ඉවත් වුණේ ගැටුමක් නිසා නෙමෙයි. චේට අවශ්‍ය වුනේ විප්ලවය සෑම තැනටම අරන් යන්න. දුක් විඳින් ජනතාවට නිදහස අරන් දෙන්න. චේට කියුබාවෙන් තමන්ගේ කටයුතු නිමා කරලා ඉන්න පුලුවන් වුණත් එයා අනිත් රටවල් ගැනත් හිතලයි තනතුරු අත හැරලා විප්ලවය සොයාගෙන ගියේ

    ReplyDelete
  10. ම්ම්ත් නොදන්න දේ ගොඩක් දැන ගත්තා. ජය!

    ReplyDelete
  11. mata hithana widhiyata chamicata podi waradak wela che cubawen pita wenna rajayath samaga gatumak athikaragana nowa,a gana hodata soya bala waradimak nam aya niwaradi karanna .obata jaya wewa

    ReplyDelete
  12. Thanks for the blog loaded with so many information. Stopping by your blog helped me to get what I was looking for.
    Prom Dresses

    ReplyDelete
  13. මම ගොඩක් ආදරය කරන නායකයෙක්............
    නොදන්නා දේවල් ටිකක් දැනගත්තා...........
    ගොඩක් ස්තූතිය් මේ ලිපිය දැම්මට..........

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??