Pages

Friday, March 6, 2015

ජනපති ඔබාමා එක්ක එහේට මෙහේට යන ඔබාමාගේ තිරිසනා....It's called "The Beast",The President Barack Obama's'Cadillac' !


ඔබටත් ඔබාමාගේ යුධ ටැංකියකට සමාන කරපු කාරයක් ගැන අහලා දැකලා තියෙන්න පුලුවන් පහුගිය දවස්වල අන්තර්ජාලයේ ප්‍රසිද්ධ මාතෘකාවක් වුනා... මේ ඒ ගැන විස්තරයක්...‍
ලොව ප්‍රමුඛතම ආරක්ෂ පද්ධතියට හිමිකම් කියන මේ හයිබ්‍ර්ඩ් වර්ගයේ මෝටර් රථය නිපදවා ඇත්තේ ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගම විසිනි. ඒ 2009 වසරේදීයි. චවලට් ( Chevrolet ) හා කෝඩියැක් ( Kodiak ) යන මොටර් රථ නිපදවන සමාගම් වල තාක්ෂණය එකතු කර ගෙන මෙය නිර්මණය කිරීමත් සමග එය 'Cadillac' නමින් හදුන්වන්නට වුනා.


අඩි 18 දිග අඩි 5 අගල් 10 උස,බර 6800 Kg වන මෙය නිලවශයෙන් හදුන්වන්නේ 'Cadillac 1' ලෙසයි.එය “ද බීස්ට්“ නැතිනම් “තිරිසනා“ යන අනුවර්ථ නාමයෙන්ද හදුන්වනු ලබයි. වෙනත් ලිමොසීනයන්ට වඩා ප්‍රමාණයෙන් වෙනස්වන අයුරින් නිපදවා ඇත.


ත්‍රස්තවාදී ප්‍රහාර වලින් වැලකීම සඳහා ඉතා ඝන යකඩයෙන් නිපදවු බඳ හා දොරවල් අඟල් 8 ක ඝනකමින් යුතු ඒවා බෝයිං 757 යානයක දොරකට සමාන බරෙන් යුතු බව සඳහන් වේ.

රසායනික ප්‍රහාර වලින් ද ආරක්ෂා වන ආකාරයෙන් තනා ඇත. 7දෙනෙකුට එහි ආසන සකසා ඇතත් බොහෝ විට ගමන් කරන්නේ රියදුරු ප්‍රධාන බුද්ධි අංශ නිලධාරී හා ජනාධිපති පමණි.


රථය තුළ සිට කදුලු ගෑස් එල්ල කිරීමටත්, බිම් බෝම්බ පිපිරීමකදී ටයර් උණුවී ගියද රිම් මගින් ගමන පවත්වා ගැනීමට හැකිවීම හා ජනපතිගේ රුධිර කාණ්ඩය සහිත ලේ බැංකුවක්ද මේ තුල පිහිටවා ඇති අතර ඔක්සිජන්ද ගබඩා කොට ඇත.
එහි පහසුකම් වැඩිපුර පහත රූපයෙන් දැක ගන්නට පුළුවන්.....

රථයේ සවිකර ඇති ප්‍රධාන කොඩි දෙකකි.එකක් ඇමරිකානු ජාතික ධජය හා අනෙක ඇමරිකානු ජනපති නිල ලාංජනය සහිත කොඩියයි. විදේශ සංචාරයකදි ජනපති ධජය ඉවත් කොට අදාළ රටෙහි කොඩිය සවි කරනු ලබයි.

මෙම රථයේ අංකය ලෙස සඳහන් වන්නේ 800-002 යන්නය.

විදේශ රටක සංචාරයකට පෙර මෙම රථය ගුවන් මගින් එරටට ගෙන යනු ලැබේ. ඒ සඳහා C-17 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් යොදා ගනු ලබයි.

මෙම රථයත් සමඟම තවත් ආදේශක රථයක් ද බර ආයුධ සහිත රථයක්ද ගෙන යනු ලබයි. එය Road Runner යන ආදේශක නාමයෙන් හදුන්වයි.

ජනපති රථ භාවිතයේ අතීතය...

2 comments:

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??