Pages

Monday, March 3, 2014

“ඇකඩමි සම්මානය“ කොහේවත් නැති “ඔස්කාර් සම්මානය“ ලෙස ‍වෙනස් වුන රසවත් කතාව හා තොරතුරු රැසක්..The Academy Award of Merit: A History of the Oscar and How it Got its Name!


MGM ස්ටුඩියෝ හි ප්‍රධානියා වුන Louis B. Mayer මහත්තයාහා ඔහුගේ අමුත්තන් තිදෙනා වු චිත්‍රපට නළු Conrad Nagel, අධ්‍යක්ෂ Fred Niblo හා නිෂ්පාදක වු Fred Beetson  සිව්දෙනාගේ රාත්‍රි ආහාරය අතරතුර මාතෘකාව වී තිබුනේ හොලිවුඩ් සිනමාව ඉදිරියට ගෙන යාමට යම් කිසි සංවිධානාත්මක කණ්ඩායමක් හා අගය කිරීමක් කල යුතු බවයි.ඒ 1927මුල භාගයේදීයි.

ඊළග සතියේ ඔවුන් රාත්‍රී ආහාරයක් පිළියෙල කලේ එකල සිනමා කර්මාන්තයේ වැදගත් සියල්ලන්ටම ආරාධනය කරමිනි.


1927 ජනවාරී මස 27 වැනිදා ලොස් ඇන්ජලිස් හි Ambassador හෝටලයට රැස්වු 36 දෙනෙකු වු පිරිස එකතුව International Academy of Motion Picture Arts and Sciences(AMPAS) යෝජනාව සම්මත කරගනු ලැබුවා..
පසුව එහි International යන්න ඉවත්ව යන ලදි.

1927 මැයි 11 වැනිදා ලාභ නොලබන ආයතනයක් ලෙස අමුත්තන් 300 සහභාගීත්වයෙන් ප්‍රථම රැස්වීම පැවැත්වු අතර ඇකඩමියට $ 100 මුදලක් එක අයකු ගෙවමින් 236 දෙනෙකු එහි සමාජිකත්වය ලබා ගන්නා ලදි. ඒ Biltmore හෝටලයේදීයි. එහිදි ප්‍රථම ගෞරව සමාජිකත්වය දෙනු ලැබුවේ Thomas Edison මහතාටයි. 
එහිදි කොටස් 05 කට සංවිධානය වර්ග කරන ලදි. එනම් , නළුනිළියන්, නිෂ්පාදකයන් , අධ්‍යක්ෂකයන්, තිර රචකයන් හා කාර්මික වශයෙනි.

1928 දී ප්‍රථම ඇකඩමි සම්මාන උලෙල සඳහා හත් දෙනෙකුගෙන්  යුතු කමිටුවක් විසින් වර්ගීකරන 12 යටතේගෞරව සම්මාන බෙදා දීමට අදහස් කරන ලදි.
එය 1929 මැයි 16 වැනිදා නිල වශයෙන් බෙදා දෙනු ලැබුවේ Roosevelt හි පැවැති  black-tie  ලෙස පැවති රාත්‍රී සාදයකදීයි. (සවස 6 පසුව පැවැත්වෙන රාත්‍රී සාදයක් වන අතර ඒ සඳහා පිරිමි අය  කලු කෝට් ඇදුම හා කළු බෝ එකක් පැලදිය යුතු උත්සවයක්  වේ.  වැඩි විස්තර මෙතනින්.. ) ඒ 1927 අගෝස්තු 01 දා සිට 1928 ජුලි 31දක්වා කාලය තුලදී තිරගත වු චිත්‍රපට සඳහායි.


වර්තමානයේ වඩාත් උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස පිළිගැනෙන “ඇකඩමි  සම්මාන උලෙළ නැතිනම් “ඔස්කාර් සම්මාන උළෙලේ ඇරඹුමයි.“ අද චාමිකයගේ මාතෘකාව ඒ ගැනයි.. 

  86 වැනි “ඇකඩමි  සම්මාන උලෙළ” ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර Dolby Theatre  හි පැවැත්වීමට නියමිතයි..

ආසන 3300 සමන්විත එම ශාලාවේ රතු පලසේ දිග පමණක් අඩි 500ක් වෙනවා... එලෙසම වාර්තාකරුවන් වෙනුවෙන් ඒ දෙපස ආසන 700 පිහිටුවා ඇත.
ලොව පුරා රටවල් 200 කට අධික ප්‍රමාණයක මෙය විකාශය වන අතර 1976 සිට ‍ABC නාලිකාව මෙය මේ දක්වාම නොකඩවා විකාශය කරනවා.. 85 වැනි උලෙළ ඇමරිකාවේ පමණක් මිලියන 40.3 පමණ රූපවාහිනියෙන් නරඹා ඇති බව පැවසේ..


ඉහත විස්තර කිව්වට මේ ලිපියේ වැඩිපුරම කතා කරන්නේ නම් ඒ සම්මානය ගැන තියෙන නොදන්න තොරතුරු ගැන කියවලා බලන්නකෝ... ඒ වගේම අදහස් එකතු කරන්නත් අමතක කරන්න එපා.. ජායරූප විස්තර සියල්ලම අන්තර්ජාලයෙන් තමා උපුටා ගත්තේ...


ලොව බොහෝ දෙනා අසා තිබෙන, දුටු සැනින් සම්මානය කුමක්දැයි හදුනා ගන්න සම්මානය බොහෝවිටම ඔස්කාර් සම්මානයයි.
 
එය MGM ස්ටුයෝවෙහි කලා අධ්‍යක්ෂ වරයා වු Cedric Gibbons විසින් සැලසුම් කරන ලද්දකි. රන්පැහැයෙන් දිදුලන නයට්වරයකු සිය අසිපත පහලට තබා ගෙන  ෆිල්ම් රෝලයක සිට ගෙන සිටින එහි සිදුරු පහක් ඇති අතර එමගින් ප්‍රධාන කොටස් 05 දක්වනු ලබයි. එනම්,නළුනිළියන්, නිෂ්පාදකයන් , අධ්‍යක්ෂකයන්, තිර රචකයන් හා කාර්මිකයන් වේ.එහි මුර්තිය අඹන ලද්දේ මුර්ති ශිල්පී George Stanley විසිනි.

ඔහු විසින් ප්‍රමාණ තුනකින් මෙම මුර්තිය අඹන ලද අතර ඉන් එකක් තෝරා ගන්නා ලදි.

ආරම්භයේ ඇකඩමි සම්මානය නැතිනම්The Academy Award of Merit ලෙස හැදින්වු මෙය වර්තමානයේ මුලු ලොවම දැන හදුනන්නේ ඔස්කාර් සම්මානය ලෙසයි.

එය එසේ හැදින්වුයේ කවුද, කොහෝමද යන්න කිසිවකු හරියට දන්නේ නැති වුවත්,“ඇකඩමි සම්මානය““ඔස්කාර් සම්මානය“ ලෙස වෙනස් වීමට හේතු වු ප්‍රසිද්ධ කතා තුනක් පවතී. එහි ජනප්‍රියම කතාව වන්නේ එකල ඇකඩමි පුස්ථකාලාධිපති හා විධායක නිලධාරිනියක වු Margaret Herrick මහත්මිය මේ සම්මානය 1931 දී පළමු වරට දුටු සැනින් “ ඒක හරියට මගේ සහෝදරයා“ඔස්කාර්, වගේ“ වගේ යයි පැවසීමෙන් එම නම මේ සම්මානයට ලැබුනු බවයි.

අනෙක් කතාව වන්නේ දෙවරක් ඇකඩමි සම්මානය හිමි කරගත් නිළි Bette Davis එම සම්මානය තම සැමියා වු Harmon Oscar Nelson වෙනුවෙන් නම් කිරීමෙන් එම නම ලැබුනු බවයි.

තෙවන කතාව නම් හොලිවුඩ් නළු නිලියන්ගේ තොරතුරු ලියු මාධ්‍ය වේදී Sidney Skolsky විසින් මේ නම ප්‍රසිද්ධ කල බවයි. ඔහු ඒ නාමය 1934  දී එම වසරේ එය ජයග්‍රාහී තොරතුරු සහිත ලිපියේ ලියා මුද්‍රණය කරන ලදි. පැවසෙන ආකාරයට ඔහු එය  "Will you have a cigar, Oscar?" යන විහිලුවකින් උපුටා ගත් බව පැවසේ. කෙසේ වෙතත්, නම ආපු විදිය කොහෝම වෙතත් 1939 දී ඇකඩමිය මෙම නම නිල වශයෙන් යොදා ගැනීම ආරම්භ කරන ලදි.

එහි උස අඟල් 13 ½(34 cm) කි.බර රාත්තල් 8 ½(3.85 kg) කි.  ව‍ට ප්‍රමාණය අගල් 5 4/1 කි.

ආරම්භයේ පටන්ම සම්මානයේ උස හා බර ප්‍රමාණය මේ දක්වාම එකම වන අතර යම් සුළු වෙනස් කම් කිහිපයක් සිදුකර ඇත. 1929 දී පිරිනමන ලද සම්මානය තනා ඇත්තේ තනිකරම ලෝකඩ වලින් වන අතර රන් ආලේප කර ඇති අතර පාදම සඳහා Belgian කළු මාබල්යොදා ගෙන ඇත.එය වඩා කල් තබා ගත නොහැකි වු නිසා Britannium නැමැති ලෝහයට මාරු වෙන ලදි.

දෙවන ලෝක යුධ  සමයේ ලෝහ සොයා ගැනීමේ අපහසුව සමග ප්ලාස්ටෝ පැරිස් මගින් මෙම සම්මානය නිර්මාණය කල අතර යුද්ධය අවසානයත් සමග එසේ ලබාදුන් සම්මාන සියල්ල නැවත ලෝහ සම්මාන වලට මාරු කරන ලදි.
1945 සිට මාර්බල් පාදම වෙනුවට ලෝහ මගින්ම එය නිපදවීම අරඹන ලදි. 1949 දී සම්මාන අංක කිරීම ඇරඹු අතර ඒ 501 ඉලක්කමේ සිටයි.එය සම්මානයේ පතුලේ ලියනු ලබයි.

මේ වන විට සම්මාන 2800 ක ප්‍රමාණයක් පිරිනමා තිබේ. එහි වටිනාකම $1,330 ආසන්න බව සඳහන් වේ.
1982 සිට වර්තමානය දක්වා එය නිර්මාණය කරනුයේ R.S. Owens සහ සමාගම විසිනි. එම සමාගම සම්මානය නිර්මාණය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පහතින් බලන්න..

9 comments:

  1. බොහොම හොඳ තොරතුරු එකතුවක්. අගනා විස්තරයක්. බොහොම ස්තුතියි ඔබට.

    ReplyDelete
  2. පස්ට වටිනා විස්තරයක් නොවැ

    ReplyDelete
  3. බොහොම වැදගත් විස්තරයක්..

    ReplyDelete
  4. බොලිවුඩ් සිනමාව ඉදිරියට ගෙන යාමට

    මෙතන හොලිවුඩ් වෙන්න ඕනෙ නේද?

    විස්තරයට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. වැරැද්ද නිවැරදි කලා... ස්තුතියි පෙන්නලා දුන්නට!!

      Delete
  5. නියම්යි.ටැන්කිවු මචො.
    //මේ වන විට සම්මාන 2800 ක ප්‍රමාණයක් පිරිනමා තිබේ. එහි වටිනාකම $1,330 ආසන්න බව සඳහන් වේ.//
    මො කොටසෙ අවුලක් තියෙනව නේද.ඩොලර් මිලියන වෙන්න ඔනද.

    ReplyDelete
  6. නොදත් කරුණූ රැසක් දැනගත්තා මේ සටහනින් . ස්තුතියි ඔබට

    ReplyDelete
  7. යකෝ වටින විස්තරයක්නේ ස්තුතී උඹට...!!!

    ReplyDelete
  8. ඇත්තටම මේ සම්මානෙ ගැන තිබුන ප්‍රශ්න ගොඩක් විසඳුනා අද. Than you very much චාමික...
    masandumal.blogspot.com

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??