Pages

Saturday, November 30, 2013

අවුරුදු 1000 ක් පැරණි වු “නිල්පාටක් නැති” අපේ කාලේ “නිල් වු දත” බ්ලු ටුත් - Bluetooth ! හා... හා.. -Why is it called Bluetooth? King Harald Bluetooth; who was famous for unite the PC and cellular!

ඉස්සර දුරකතන දෙකක් එක ලඟ නොසෙල්වී තියලා විනාඩි ගාණක් බලන් ඉදලා Infrared නැතිනම් අධෝරක්ත කිරණ වලින් සිංදුවක් ඒකේ ඉඳලා මේකට දා ගත්ත අපිට Bluetooth ආවට පස්සේ මල් හතයි. අමුතු තාලේ නමක් වුනා‍ට වෙන දේ නම් අපි දන්නවා.. ඒ ගැන ඉතින් කියන්න දෙයක් නෑ...

බ්ලු ටුත් - Bluetooth නිල්දත හා... හා..

ඇත්තට මේ නම මේකට ආවේ කොහොමද?? නිකමට හිතුන හින්දා මාත් හොයලා බැලුවා....

 
මේ විස්තරය Bluetooth වල නොදන්න රසවත් තොරතුරු ගැනයි. වෙනදා වගේම තොරතුරු ජයාරූප අන්තර්ජාලයෙන් තමා...

වර්තමාන තාක්ෂණීක ලෝකයේ පරිගණක, දුරකතන, ආදියෙහි එකිනෙක අතර දත්ත හුවමාරු කරන ක්‍රම රාශියකි. වයර, කේබල, අධෝරක්ත කිරණ, රේඩියෝ සංඥා වැනි එකී මෙකි නොකි ක්‍රම අතර වඩාත් ජනප්‍රිය පහසු ක්‍රමයක් විදිහට Bluetooth බොහෝ දෙනා පිලිගනී.
මුලු ලොවම වෙනස් කල පවුලේ උදවියගේ “පොටෝ කඩේ“ හෙවත් අපි දන්න Photoshop!



එය නිර්මානය ‍කරන කා‍ලයේ එම නිෂ්පාදනය හැදිනුවු රහස් වචනයම අවසානයේ එහි නිල නාමය ලෙසම ජනප්‍රිය වුනා. ඒ 1994 දීයි.



ස්විඩනයේ එරික්සන් සමාගමේ එකල රාජකාරී කල Jaap Haartsen සහ Sven Mattisson යන පරිගණක ඉංජිනේරුවන් විසින් මෙය දියුනු කරන ලද අතර පසුව Bluetooth ලෙස නම් කරන ලදි.



එය වයර රහිත දත්ත හුවමාරු ක්‍රමයකි. එය වඩාත් දියුනු කිරීම සඳහා Ericssion, Nokia ,Intel, Toshiba, IBM යන ආයතන මෙහි ඉදිරි දියුණුවට Special Interst Group නැතිනම් SIG එකතුවක් නිර්මාණය කර ගනිමින් එහි දියුණු කිරීම ආරම්භ කරන ලදි.





දුරකතන එ‍ෆ් එම් රේඩියෝ හා රූපවාහිනි තම සම්ප්‍රේෂන සඳහා දුර සම්ප්‍රේෂණය වන රේඩියෝ තරංග යොදා ගනී. Bluetooth සඳහාද රේඩියෝ තරංග යොදා ගන්නා අතරම එය කෙටි දුරක් සඳහා ‍සීමා කර ඇත. එය ඉතා පහසුය.

සදහන් වෙන විදිහට 10 වැනි ශතවර්ශයේ (940-986) ඩෙන්මාර්කයේ රජ කල ස්කැන්ඩිවේනියානු වයිකින්වරයකු රජ කෙනෙකු වු Harald Blatand එහෙමත් නැතිනම් ඉංග්‍රීසියෙන් හදුන්වන Harald Bluetooth හට උපහාරයක් විදිහට මෙය එම නමින් නම් කර ඇත.


ඔහු විසින් වර්තමානයේ නොර්වේ,ස්විඩනය හා ඩෙන්මාර්කය යන රටවල් තුන එක රාජධානියක් ලෙස එක්සේසත් කරන ලදි.ඔහුගේ පියාට හා මවට උපහාර ලෙස තැනු ස්මාරකයක් තවමත් ඩෙන්මාර්කයේ Jelling පල්ලිය අසල ඇති අතර එය Jelling stones ලෙස හදුන්වයි.



එයට උපහාරයක් ලෙසත් නිෂ්පාදන රැසක් එකට එක් කිරීමට ලැබුන සොයා ගැනීමක් නිසාත්, ස්විඩන සමාගමකින් සොයා ගත් නිසාත් එයට Bluetooth නම තබන්නට ඇති බව
විශ්වාසයයි. අවසානයේ තම පුතු අතින්ම මෙම Harald Blatand රජු මරණයට පත්වන්නේ අවුරුදු 1000 වැඩි කාලයක් වෙලත් තම නම අමරණීය කරමිනි.


ඔබ Bluetooth ලාංජනය දැක ඇති. එහි සලකුණ ඉංග්‍රීසි හෝඩියේ B අකුරට හා K අකුරට සමානයයි ඔබ හිතනවාද? බොහෝ විට ඔව්..!

නමුත් එය නිර්මානය කර ඇත්තේ පැරණි හෝඩියකිනි. Harald Blåtand යන නම කෙටි කොටයි.එය වර්තමාන ලතින් භාෂාවේ H (Haglaz) අකුරට හා B (Berkanan) අකුරට සමාන වේ.
වර්තමානය වන විට 95% ක් පමණ දුරකතන වල Bluetooth තාක්ෂණය ඇත. එලෙසම විද්යුත් උපකරණ බොහෝමයක මෙය ඇතුලත් වේ.

චාම්කයගේ නමත් දා ගන්න ඕන...ගුගල් එක නම් දෙයියනේ කියලා “චාමිකයව” උඩින්ම පෙන්නවා.....

5 comments:

  1. අම්මප දැනන් හිටියෙ නැ නොව.තැන්කුයි තැන්කුයි

    ReplyDelete
  2. ලිපිය බොහොම හොඳයි! ඒත් මේ වගේ මැදින් ඇඩ් දාන එක නම් හරි නෑ. කතාව කියවන්න බාධාවක්.

    //වඩාත් ජනප්‍රිය පහසු ක්‍රමයක් විදිහට Bluetooth බොහෝ දෙනා පිලිගනී.
    මුලු ලොවම වෙනස් කල පවුලේ උදවියගේ “පොටෝ කඩේ“ හෙවත් අපි දන්න Photoshop! //

    ReplyDelete
  3. චාමිගේ බ්ලෝග කියවනකොට හැමදාම හිතෙන දේ තමයි "අපි මොනවද බං දන්නේ" කියන එක

    ReplyDelete
  4. එතකොට ඔය කියනවිදියට මේක ටූත් වුනාට දත් එක්ක සම්බන්ධයක් ඇත්තෙම නැහැ නෙව.

    ReplyDelete
  5. ඉතිහාස කතාව දැන ගත්තේ අද.

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??