Pages

Wednesday, July 24, 2013

පත්තර වැඩියෙන් විකුණන්නට දුන් තරුණ කොල්ලාගේ අදහස හෙවත් “ප්‍රංශ පාපැදි සවාරියේ“ තතු! How Newspaper promotion became “Tour de France”

ලොව වඩාත් අවධානය දිනාගන්නා  හා වඩාත් දුෂ්කර තරඟාවලියක් ලෙස නම් දරන ප්‍රංශ පාපැදි සවාරිය හෙවත්
ටුවර් ඩී ෆාන්ස් තරඟාවලිය
මෙවරත් ජුනි 29 වැනිදා සිට ජුලි 21 දක්වා දින 21 ක් පුරා පැවැත්වුන ප්‍රංශ පාපැදි සවාරිය කොර්ෂීයාවෙන් ආරම්භ වුනා..


දුර කි.මී.3403 ක් වු ක්‍රිඩකයන් 198 ක් කණ්ඩායමකට 9 බැගින් කණ්ඩායම් 22 මෙවර එකතු වු අතර අවසානයේ ජයග්‍රහණය හිමිකර ගත්තේ  බ්‍රිතාන්‍ය නියෝජය කල SKY කණ්ඩායමේ  වයස 28 ක් වු Chris Froome  ජය හිමි කර ගත්තා!!

“ප්‍රංශ පාපැදි සවාරිය“ හෙවත් “ටුවර් ඩී ෆාන්ස්“ තරඟාවලිය මේ පැවැත්වුයේ 100 වෙනි වරටයි..
පත්තර වල ටීවි වල අවුරුද්දකට සැරයක් මේ ගැන ඇහුනට මෙවර පැවැත්වෙන්නේ සියවන වරට කිව්වාම චාමිකයට හිතුනා මේ ගැන ටිකක් හොයලා බලන්න.. මොකද ඉතින් 100 ක් කිව්වාමත් ඉතින් ලේසි නෑ නේ!!

මේ තියෙන්නේ ප්‍රංශ සවාරිය පිළීබඳව හා එයට විශේෂිත වු කරුණු කාරණා ගැන “ඉසව්ව“ කියවන ඔබේ දැනුමට ..
වෙනදා වගේම තොරතුරු සියල්ලම උපුටා ගත්තේ අන්තර්ජාලයෙන්..
පින්තූරත් එහේමමයි!! අදහස් දක්වන්න අමතක කරන්න එපා.. 

 

1902 ඇරඹි සඟරාවට L’Auto නම් වුන ප්‍රංශයේ දිනපතා මුද්‍රණය කල ක්‍රීඩා පුවත්පතට වඩා හොද ප්‍රචාරයක් ලබා දෙන්න කරපු  එහි සේවක පිරිස කල යෝජනා හා අදහස් අතරින් එකක් තමයි මේ බයිසිකල් ධාවන තරඟය ආරම්භයට හේතු කාරණා වෙලා තියෙන්නේ!!

එම අදහස Geo Lefevre නම් වු තරුණ මාධ්‍යවේදීයා ලබා දී තිබු අතර එම අදහස ක්‍රියාවක් බවට පත්කිරීමේ ස්තූතිය හිමිවෙන්නේ එහි එකල එම පුවත්පතේ ප්‍රධාන කතෘ වු Henri Desgrange ටයි.

පලමු ප්‍රංශ සවාරිය ආරම්භ වෙන්නේ 1903 මැයි මාසේ 31 වැනිදා....

එය ජුනි 05 වැනිදා වෙනකම් පැවතුනා..  
ඒ පාපැදි කරුවන් 60ක් එක්ක..

පලමු සවාරියට පුවත්පතේ පිටපත් විකිණීම  සීග්‍ර යෙන් වැඩිවිමට පටන් ගත් අතරම  ප්‍රංශ සවාරිය වසරකට වරක් සංවිධානය කිරීමටද පටන් ගත්තා.. ඒ සඳහා වඩා හොඳ ජනප්‍රසාදයක්ද හිමිකර ගත්තා...

පැවැත්වෙන සෑම වසරකදීම ප්‍රංශ පාපැදි සවාරියේ ගමන් මාර්ගය වෙනස් වෙනවා... ඒවගේම දුර ප්‍රමාණයත් වෙනස් වෙනවා... මෙච්චර කාලෙකට තියපු වැඩිම දුර සහිත තරඟය 1926 දී තමා තියලා තියෙන්නෙ ඒකේ දුර කි.මී.5745 ක්... මෙච්චර කාලෙකට පැවැති අඩුම දුර කි.මි.2420 ක්..

මේ තරඟාවලියේ තවත් විශේෂත්වයක් වන්නේ තරඟකරුවන්ගේ දක්ෂතාවයන් වර්ණ කමීස මගින් පෙන්වීමයි!!
එවැනි වර්ණ කමීස හතරක් ඇත.


තරඟය ජය ගන්නා හා තරඟයේ පෙරමුණ ගෙන ඇති ක්‍රීඩකයාට තරඟයේ වඩා වැදගත්ම වන කහ වර්ණ කමීසය හිමිවේ. එලෙසම කහ වර්ණය හිමිවීමට සෑම අදියරක්ම ජයග්‍රහණය කල යුතු නොවේ . සිදුවිය යුත්තේ අදියර සියල්ල අඩුම කාලයකින් සම්පුර්ණ කිරීමයි.
එය එසේ කහ පාටින් ලබා දීමට තීරණය වී ඇත්තේ L’Auto සඟරාව එකල මුද්‍රණය කර ඇත්තේ කහ පැහැති කඩදාසි වල වීමයි.

සෑම අදියරක්ම අවසන් කරන 25 දෙනාගෙන් වැඩිම ලකුණු ලබා ගන්නාට කොළ පැහැති කමීසය හිමිවේ.

හොඳම කදු තරණය කරන්නට සුදු පසුබිමේ රතු තිත් ඇති කමීසය හිමිවේ...

 වයස අවු 25 ට අඩු තරඟයේ ක්‍රීඩකයාට සුදු පැහැති කමීසය හිමිවේ.

මෙතෙක් ප්‍රංශ සවාරිය ඉතිහාසය තුල සියලුම වර්ගයේ වර්ණ කමීස දිනු එකම පුද්ගලයා ලෙස සඳහන් වන්නේ බෙල්ජියමේ ක්‍රීඩක Eddy Merckx ය.ඒ 1969 වසරේදීයී.

කමීස ගැන මාත් දැනගත්තේ දැන් තමයි... හි.. හි..

දන්නවද??තරඟයේ අවසානම ක්‍රිඩකයා හදුන්වන්නේ Lanterne rough හෙවත් රතු එලිය යන අදහසිනි.

බෙල්ජියම් ක්‍රිඩක Wim Vansevenant  තෙවරක් අවසාන ක්‍රිඩකයා බවට පත්ව ඇත්තතේ 2006,2007 හා 2008 වසර වලදී තරඟයේ අවසාන ක්‍රිඩකයා වීමෙනි.

මෙතෙක් සහභාගී වු වයස වැඩිම ක්‍රීඩකයා 1904 දී ඉදිරිපත් වු Henri paret වේ. එවිට ඔහුගේ වයස අවු.52 දින 215 කි.
මෙතෙක් සහභාගී වු වයස අඩුම ක්‍රීඩකයා Macel Kerff වේ.
ඔහුගේ වයස අවු 17 දින 49 කි.‍

1944 සිට L’Auto සඟරාව තරඟ සංවිධානයෙන් ඉවත් විය. වර්තමානයේ එය සංවිධානය කරනුයේ  Amaury Sports Organisation ආයතනයයි.

ප්‍රංශය 36 වතාවක් ජයග්‍රහණය හිමිකර ගෙන ඇත.
බෙල්ජියම එහි දෙවනතැන ඇත.


මේ තියෙන්නේ දිනපු රටවල් හා පුද්ගලයන්...


1999 සිට 2005 දක්වා තරඟ ජයගත් ලාන්ස් ආම්ස්ට්‍රෝන් තහනම් උත්තේජක භාවිතා කල බව ඔප්පු වු නිසා ඔහුට ජයග්‍රහණ සියල්ල අහිමි විය. ඒ ගැන ඔබ බොහෝ විට අසා ඇති..
මතක තියෙන නමක් නේ!!

1944 සිට L’Auto සඟරාව තරඟ සංවිධානයෙන් ඉවත් විය.
වර්තමානයේ එය සංවිධානය කරනුයේ  Amaury Sports Organisation ආයතනයයි.

උදේ හවස වැඩට බයිසිකලෙන් පදින මට නිකන් ඇඩෙන්න වගේ
මේ තරගේ තියෙන දුරවල් දැක්කාම!!




8 comments:

  1. අර රතු පාටින් රවුම් කරලා තියෙන සින් එක මොකක්ද

    ReplyDelete
  2. හරිම වටිනා කතාවක් . ටීවී එකේ ඕවා දැක්කට මෙච්චර විස්තරයක් දන්නේ නෑ . හැබෑටම මොකද්ද ඒ රවුම් කරලා තියෙන්නේ ? හඃ හඃ

    ReplyDelete
  3. පට්ට වටිනව... මමත් ඕකට යන්න තමා හිතාගෙන හිටියෙ.. ලංකා රජය මට යන්න දෙන්න බෑ කිවුවනෙ...

    ReplyDelete
  4. හැමදාම වගේ අගනා පොස්ටුව. ඔබගේ මහන්සියෙන් අපි බොහෝ දේවල් නොමිලේම ඉගෙන ගන්නෙමු.

    ReplyDelete
  5. නොදත් බොහෝ තොරතුරු දැනගත්තා මේ ලිපියෙන්

    ReplyDelete
  6. නෙවි කෑම්ප් එක ලග ඉදන් ටවුන් එකට පදිනවා වගේද මේ පැදිලි චාමික අයියා...

    එල එල වටින දෙයක් 90% ක් විතර අද දැනගත්ත දේවල් තමයි..

    ReplyDelete
  7. ගොඩක් දේවල් දැනගත්තේ අදනේ. කමිස සීන් එකනම් අහල තිබුනෙම නෑ.

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??