Pages

Saturday, June 29, 2013

මුලු ලොවම වෙනස් කල පවුලේ උදවියගේ “පොටෝ කඩේ“ හෙවත් අපි දන්න Photoshop! - History of Photoshop: Journey from Photoshop 1.0 to Photoshop CS 6



යමෙකු වෙබ් ඩිසයිනර් කෙනෙකු වුවා නම් ඔහු තම මවුසය අතට ගත් දා පටන්ම Photoshop ගැන දන්නවා විය යුතුමයි. පරිගණකය අන්තර්ජාලය භාවිතා කරනවානම් ඒ ගැන නොදන්නවා වෙන්න බෑ...
ඇයි සුදු වෙන්න එහේමත් පාවිච්චි කරනවනේ!!   


මේ වැඩසටහනත් දැන් වයසයි.
2013 පෙබරවාරි 10 වැනිදා වෙද්දී Photoshop වලට අවුරුදු 23 ක් වුනා.. නෑ...!
දන්නේ නෑ නේද?........මම දන්නෙත් නෑ.. 

හැබැයි අවුලක් නෑ........දැන් දැනගන්න පුළුවන් අතීත කතාව
එකතුවන්න අපිත් එක්ක අපේ ජිවීතය වර්ණවත් කරන්න උදවු වෙන
Photoshop අතීතය ගැන දැනකියා ගන්න..

වෙනදා වගේ තොරතුරු ජායාරූප සියල්ලම අන්තර්ජාලයෙන්.....

ඔහුගේ පියා වුන Glen Knoll විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයකු වු අතර ඔහුට පරිගණක විද්‍යාවට අමතරව ජායාරූප ශිල්පයට වැඩි කැමැත්තක් දැක්වුවා.
ඔහු සතුව නිවසේ පහල තට්ටුවේ  කලුවර කාමරයක් සතු වු අතර Aplle II වර්ගයේ පරිගණකයකුත් ඔහු සතු වුනා.  
දෙදරු පියෙක් වුන Glen Knollට හිටියේ පුත්තුම දෙන්නෙක්... 

 
මිචිගන් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ශිල්පය ඉගෙන ගනිමින් සිටි ප්‍රශ්චාත් උපාධීධාරී ශිෂ්‍යකු වු Thomas Knoll තම පියාගේ අභාෂයෙන්  ජායාරූප ශිල්පය ගැන වැඩි වශයෙන් හා ජායාරූප පිටපත් කරන කලු කාමරය හා ඒ ගැන වැඩි වශයෙන් අධ්‍යනය කල අතර ඔහුගේ සහෝදරයා වු John Knoll එකල කැලිෆෝනියාවේ Industrial Light and Magic නැමැති සමාගමේ රාජකාරී කරමින් සිටියා. ඒ Visual Effects සුපරීක්ෂකයකු වශයෙනි...



පලමු වරට 1984 දී වෙළඳ පොලට ඉදිරිපත් කල Mac + පරිගණකයක් මිලදී ගනු ලැබු Thomas Knoll 1987 දි ඔහු වර්ණ ජායාරූපයන් අලු පැහැයට හැරවිය හැකි මෘදුකාංගයක් එකල නිර්මාණය කලේ තම එම පරිගණකය ආධාරයෙනි. එය සාර්ථක වීමත් සමගම තව තවත් වෙනස්කම් ජායාරූපයකට සිදුකල හැකි ලෙස ඔහු එය දියුණු කරන්නට විය. 
ප්‍රථමයෙන් එය Display නම් කරන ලදි.



බබා හම්බවුන පින්තූරයෙන් ලොවට ආ “කැමරාවක්සහිත ජංගම දුරකතනයේ“ අපුරු උපත් කතාව දැන ගන්නමෙතනින් යන්න.........


එම උත්සහය දුටු John Knoll විසින් තම සහෝදරයා තවත් උනන්දු කරමින්  හා එකට වැඩ කටයුතු කරමින් 1988  “Image pro” නමින් මෘදුකාංගයක් ඉදිරිපත් කරන ලදි. එය වෙළඳ පොලට ඉදිරිපත් කරමින් ඔවුන් ඒ සඳහා  ස්කෑනර් නිපදවන  Barneyscan සමාගම හා ගිවිසුම්ගතව ඒ හා තම මෘදුකාංගය අලෙවිකරනු ලැබුවා. එයින් පිටපත් 200 ක් අලෙවි කර ගැනීමට ඔවුනට හැකිවී තිබුනා.
අවසානයේ  Adobe සමාගම හා එකතු වීමට අවස්ථාව උදාකරගත් අතර එය ඔවුන්ගේ ස්වර්ණ යුගය උදාවීම වුනා. 
1990 දී පෙබරවාරි 10 වැනිදා තම මෘදුකාංගය Adobe 1.0 ලෙස නිකුත් කරන්නට වුනා.


 
පසුව ප්‍රධාන වැඩසටහනට එකතු කල හැකි කුඩා ප්‍රමාණයේ විශේෂ වැඩ සහිත කුඩා වැඩසටහන් නිපදවමින් ඒවා ප්‍රධාන වැඩසටහන හා සම්බන්ධ කල හැකි ක්‍රමයක් සොයාගත් අතර ඒවා Photoshop Plugins ලෙස මුලින්ම හදුන්වා දුන් අතර වර්තමානයෙන් එය දියුණුවෙමින් add-ons දක්නට හැක.


වසර 20 ක් සපිරීම නිමිත්තෙන් ඔවුන් හා කරන ලද සම්මුඛ සාකච්ජාවක් තමා මේ තියෙන්නේ.........


මුල්ම Photoshop වැඩසටහන ආරම්භ වන විට ප්‍රධාන මෘදුකාංගයට සහාය වු පරිගණක වැඩසටහන් නිර්මාණකරුවන් හතර දෙනෙකුගේ නම් සඳහන් වු අතර වර්තමානයේ වඩා විශේෂිත වු ප්‍රධාන පුද්ගලයන්ගේ නම් පමණක් සදහන් කරනු ලබයි.
මේ තියෙන්නේ මේ තාක් කල් නිකුත් වු සංස්කරණයන් ගැන කෙටි විස්තර සහිත පින්තූර පෙලක්.......... බලන්න කීයක් මතකද කියලා.......

















මේ හරිය නම් මතක ඇති.....
 

 











Photoshop CS4 දක්වාම කටයුතු කරනු ලැබු Thomas Knoll වර්තමානයේ Camara Raw Plugin නැමැති මෘදුකාංගය දියුණු කරමින් සීටී. එමගින් ඩිජිටල් කැමරා සමඟ ක්‍රියාකරනු ලබයි. ප්‍රථම වරට එය 2003 පෙබරවාරී මස නිකුත් කරන ලදි.



 එය සහය දක්වන කැමරා වර්ග මෙතනින් බලන්න පුළුවන්......


Industrial Light and Magic සමාගමේ Visual Effects සුපරීක්ෂකයකු වශයෙන් තවමත් කටයුතු කරනු ලබන John Knoll විසින් ප්‍රථම Star Wars චිත්‍රපටි වලට හා Pirets of the Caribbean,Mission Impossible (1996) චිත්‍රපටි සඳහා තම සේවය ලබා දී තිබේ.

අපිත් ඉතින් ඉඳලා හිටලා සුදු වෙන්න පැල්ලම් ටික මකාගන්න පාවිච්චි කරන හින්දා මේ ගැන කතා කරපු එකත් හොදයි නේද??
කොයි එකෙන්ද ඔයා පටන් ගත්තේ කියලා කියන්න බලන්න........

 

12 comments:

  1. මම පටන් ගත්තෙ 6.0 වලින්, දැන් Photoshop නැත්නම් සමහර අයට ලෝකෙට මූන පෙන්නන්නත් බෑනෙ :-)

    සිතුම් සයුර

    ReplyDelete
  2. මම පටංගත්තෙ 5.5 වලින් ඊට පස්සෙ 7 සහ දැන් CS2
    හොඳ විස්තරයක්.

    ReplyDelete
  3. mamath dan 10y pavichchikarata me gana danan hitiyema na, 5walin patan aran CS5 athaharinna baruwa inne, nodanna dewal hoyala apiwa denuwath karanawata obata godak pin...

    ReplyDelete
  4. thanx macho mage idea eka pili aran api wage photoshop use karana ayata wadagath wena widihe lipiyak dammata,,thnk you so much machn,,math oya idea eka awa dawse net eke search kara bt net eke hari wistharayak hoyaganna amaruine wikipidia eke thiyenneth softere eka gananane,ithn mata ubawa mathak una ubata kiyala dammoth therena sinhalaenma ekak hondata kiyawanna hmba wei kiyala ubta idea eka dunna,,ubata dunnoth ithn maxa details tikak thama danne ayeth thnxx,,mama Akila,fb eken idea eka dunne :)

    ReplyDelete
  5. මම නම් පටන්ගත්තේ 7 වලින්. දැන්නම් පාවිච්චි කරන්නේ CS6.කොහොම උනත් මේවගේ දේවල් හැමෝටම දැනගන්න දාන එක ගොඩක් වටිනවා. අපි කොච්චර මේවායෙන් වැඩකලත් අතීතය දන්නේ නෑනේ. චාමිකයා ඔයාගේ ලිපි නම් හරිම රසවත්. තවත් කරගෙන yannaයන්න. ඔබට ජය !!!

    ReplyDelete
  6. I'm Started with V. 4.0 & Now CC....

    ReplyDelete
  7. mama patan gatte 7.0 walin. Dan CS6... :)

    ReplyDelete
  8. mama patan gatte 7.0 walin. Dan CS6... :)

    ReplyDelete
  9. mama patan gatte 7.0 walin. Dan CS6... :)

    ReplyDelete
  10. Niyamai..............................Thanksssssssssss.........

    ReplyDelete
  11. හොද විස්තරයක්.. මම කවදාවත් පාවිච්චි කරල නෑ..

    ReplyDelete
  12. ගොඩක් හොදයි .ඒ වගේම වැදගත්

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??