Pages

Saturday, May 4, 2013

අපි දන්න KFC හෙවත් "වයසක අංකල්ගේ" කුකුල් මස් විප්ලවය - Do you know KFC? – Ok! Come and see where it all began…


The Kentucky fried Chicken එහෙමත් නැතිනම් අපි දන්න KFC කිව්වාම ඉතින් නොදන්න කෙනෙක් නැති තරම්!
මාස දෙකකට විතර කලින් ගාල්ලේ දැම්‍ම KFC එක පැත්තට ගියේ ළගදී.. ඒ හින්දම හිතුනා මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඒක එහේම කිව්වට වැඩියෙන්ම හිතුනේ
මේ ලාංජනයේ ඉන්න ඩයල් එක “අංකල්” කවුද කියලා හොයාගන්න..


අන්තර්ජාලෙට පින්සිද්ධ වෙන්න කතාව, පින්තූර සේරම හොයා ගත්තා මෙන්න කතාව ඉසව්ව කියවන හැමෝටමත් එක්ක..



1890 සැප්තැම්බර් 09 වැනිදා ඇමරිකාවේ ඉන්දියානා හි උපත ලද Harland David Sanders මහත්තයා විවිධ රැකියාවල් කිහිපයක්ම කරලා අන්තිමට තමන්ගෙම කියලා වාහන සඳහා ඉන්ධන සපයන මධ්‍යස්ථානයක් කෙන්ටකි හි කෝබින් නගරයේ අරඹනවා..

වාහන වල පැමිනෙන්නන් එම විවේකයෙදී කෙටි ආහාර සපයාගන්නා බව දුටු එවකට වයස අවු.40 ක් වු සැන්ඩර්ස් මහත්තයා තමන්ගේ ව්‍යාපාරයට අමතරව ඉන්ධන මධ්‍යස්ථානයේ ඉදිරියේ තිබු කුඩා කාමරයේ Sanders Court & Cafe නමින් කුඩා අවන්හලක් අරඹන්නේ 1930 දී තම හිතට ආපු ඒ අදහස ක්‍රියාත්මක කරමින්...


එහි තිබු කුකුල් මස් කෑම කුලුබඩු වර්ග ඇසුරින් තමන්ගේම මිශ්‍රණ 11ක් ඇසුරින් තැනු වට්ටෝරු ජනප්‍රිය වීමත් එක්කම ඉන්ධන මධ්‍යස්ථානයේ පාරෙන් අනික් පස ඔහු එකවර 142 අසුන් ගත හැකි අවන්හලක් ආරම්භ කරන්නේ ඒ තමන්ගේ මුල් අවන්හල ගින්නකින් විනාශ වීමත් සමඟයි.
වර්තමානයේ එම ස්ථානය KFC අවහන්හලක් හා කෞතුකාගාරයක් ලෙස පවත්වා ගෙන යනු ලබයි.



තම ආහාරය සකස් කර දීමට විනාඩි 30 ක් ගත වීම ඉතා අවාසිදායක වීම නිසා ඔහු විසින් පීඩන උදුන - නැත්නම් Pressure cooker  හදුන්වා දුන් අතර එමගින් එම කාලය වඩාත් අඩු කර ගැනීමේ හැකියාව ඔහුට හැකිවිය. අදටත් එම ක්‍රමය එලෙසම යොදා ගැනීම සිදුවේ.


1936 දී එවකට කෙන්ටකි ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වන
Ruby Laffoon විසින් ඔහුට ගෞරව නාමයක් ලෙස Kentucky Colonel යන්න ලබා දෙනවා..
පසුව බොහෝ දෙනා ඔහුව Colonel Sanders ලෙස
හදුන්වන්නට වෙනවා...

1939 දී ඔහුගේ අවන්හල “Adventures in Good Eating.” නැමැති සම්මානය හිමිකරගනු ලබනවා..
රූපවාහිනියේ තම ඉවුම් පියුම් හා Kentucky fried Chicken වැඩසටහන් ඉදිරිපත් කල ඔහු එමගින් වඩාත් ප්‍රසිද්ධියක් අත්කර ගන්නා ලදි.එමගින් ඔවුන්ගේ එකල පාඨය වු
“It's Finger Lickin' Good” ට වඩා හොද ප්‍රසිද්ධියක් ද ලැබුනි.


පසුව තම ආහාර වට්ටෝරු රටවටා ජනප්‍රිය කිරීමේ අරමුණීන් ර‍ට පුරා පිහිටි අවන්හල් සඳහා හදුන්වා දුන් අතර 1952 දී  ලොව පලමු KFC අවන්හල සැන්ඩර්ස් හා Pete Harman එකතුව ඇමරිකාවේ South Salt Lake, Utah හි අරඹන ලද්දේ Harman café ලෙසයි.




1957 දී කුකුල් මස් බකට් එකකට ලබා දීම මුලින්ම ආරම්භ කරනු ලැබුවේ මුල්ම පලමු KFC අවන්ලේ අයිතිකරු වු Pete Harman විසිනි. මුලින් එම භාජන වෙලෙන්දකුගෙන් මිලදී ගත් අතර පසුව ඔහු විසින් සාදමින් දැන්වීම් මගින් යම් ප්‍රසිද්ධියක් ලබාදෙමින් එම භාජනයක කුකුල් මස් කැබලි 14 ක් , අල ඇතුලු කිහිපයක් ඩො.3.50 අලෙවි කරන මිල දක්වන ලදි.


1962 ඔහියෝ හි කොලොම්බස් හි පිහිටි KFC අවන්හල් කිහිපයකට අයෝජනය කිරීමේ අවස්ථාවක් එහි සේවකයකු වු Dave Thomas හට හිමි වු අතර එම අවන්හල් වල ලාභයෙන් 45% ක ප්‍රමාණයකුත් ඔහුට හිමිවිය. අවසානයේ ඔහු සතු එම කොටස් නැවත සැන්ඩර්ස් වෙත විකුණා දැමුවේ ඩො.මි.1.5 මුදලකටයි.
ඔහු එයින් 1969 දී Wendy's  නමින් ඔහුගේම අවන්හලක් ආරම්භ කරන ලදි.

1964 වනවිට ඇමරිකාව හා කැනඩාව යන රටවල අවන්හල් 600 කට වැඩියෙන් පිහිටුවා තිබුනි.


වර්තමානය වන විට ලොව පුරා විසිරුණු ශාඛා 18000 ක් වසර 2012 වන විට KFC සතුව ඇති අතරම 2011 වසර අවසානයේ එයින් 3701 ක් ම පිහිටා ඇත්තේ ලොව වැඩිම ආර්ථිකය අතින් දෙවැනි තැන සිටින චීනයේයි.

චීනයේ ප්‍රථම KFC  අවන්හල 1987නොවැම්බර් 12 වැනිදා චීනයේ බීජීන් නුවර  Qianmen දිස්ත්‍රික්කයේ විවෘත කල අතර එය චීන භාෂාවෙන් Kěn Dé Jī (肯德基) ලෙස හදුන්වයි. එලෙසම ප්‍රථම විදේශ කෙටි ආහාර අවන්හලක් ලෙස චිනයේ විවෘත වුයේද එයයි.


එතෙක් කාලයක් Kentucky fried Chicken ලෙස හැදින්වුන KFC ලෙස වෙනස්වන්නට වුයේ 1990 දී ඇමරිකාවේ කෙන්ටර්කි ප්‍රාන්තයේ ඇති කල නීතීයක් අනුව Kentucky යන්න තම නිල නාමයක් ලෙස යොදාගන්න සෑම ආයතනයකින්ම ඒ සඳහා බලපත්‍රයක් සඳහා මුදලක් අය කර ගැනීමේ කටයුතු කිරීම නිසා එසේ ගෙවීම වලක්වා ගැනීම සඳහා 1991 වර්ෂයේදීයි. එය වෙලඳ උපක්‍රමයක් විය.


1952 මුල්වරට හදුන්වා දුන් KFC ලාංජනය වර්තමානය වෙද්දී හත් වරක් වෙනස් වී ඇත. 1952 දී සුදු කබාය හා කලු කලිසමෙන් සැරසි බැරෑරුම් මුහුණ සහිත ලාංජනය වර්තමානය වෙද්දී භාවිත වන්නේ 1991 දී හදුන්වා දුන් ලාංජනය 2007 දී වෙනස් කරන ලදි ලාංජනයයි.

එහි ඉතා සුහදශීලී ලෙස එළු රැවුලක් සහිතව සිනාසෙන Sanders මහත්තයා දකින්නට පුළුවන්.. 2007 දි හදුන්වා දුන් එහි එතෙක් පැවති සුදු කබාය වෙනුවට එයට උඩින් පලදින රතු හා සුදු මිශ්‍ර ඒප්‍රණයක් අන්දවා ඇත.


සඳහන් වන ආකාරයට සෑම වසර 4 වරක්ම KFC ආපන ශාලා දෙගුණයක් බවට පත්කරන බව පැවසේ.. එනම් 2015 දී එය 36000ක් වනු ඇතැයි විශ්වාස කෙරේ.මේ වසරේදී ඔවුන් විසින් අප්‍රිකාවේ රටවල් 7 ක් තුල ආපනශාලා 1200 ක ප්‍රමාණයක් සඳහා 
ඩො. බි. 2 ක් ආයෝජනයට සුදානම් වේ.

ඔබට  KFC අවන්හලක් ඇරඹීමට උනන්දුවක් ඇත්නම් ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ භාණ්ඩ ආදිය සඳහා අවම වශයෙන් ඩො.මි. 1.5 සිට 2.5 දක්වා මුදලක් අවශ්‍ය වන බව පැවසේ.

මේ වන විට KFC අවන්හල් රටවල් 115 ක් පුරා විහිදී ඇත.(2008 ලේඛණ අනුව)

එලෙසම දිනකට මිලියන 12 ආසන්න පිරිසක් ලොව පුරා KFC අවන්හල් වෙත පැමිණෙන බව සඳහන් වේ.

ඇමරිකාවේ පමණක් දිනකට මිලියන 4 ක් පැමිණෙන බව පැවසෙන අතර  අවුරුද්දකදී බිස්කට් මිලියන 800ක්,

කෝල්සෝ රාත්තල් මිලියන 100 ක් අල පෙති රාත්තල් 200 ක් විකිණෙන බව පැවසේ.

වසරකට සමාගම කුකුල් මස් කැබලි බිලියන 1.8 ක් විකුණන බව සඳහන් කෙරේ.

2011 වාර්තාවන් අනුව ‍ලෝක වෙලඳපොලේ  ‍කුකුල් මස් නිෂ්පාදනයෙන් 40% ක් පමණ ප්‍රමාණයක් ඔවුන් සතු බව පැවසේ.

වර්තමාන‍ය වෙද්දී සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව විවිධ රටවල ගැලපෙන ව‍ට්ටෝරු හා රසයන් සමගින් තම කුකුල්මස් නිපැයුම් යම් වෙනස්කම් සහිතව ඉදිරිපත් කරන්නටත් ඔවුන් අවධානය යොමු කර ඇත.



වර්තමාන‍ය වෙද්දී සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව විවිධ රටවල ගැලපෙන ව‍ට්ටෝරු හා රසයන් සමගින් තම කුකුල්මස් නිපැයුම් යම් වෙනස්කම් සහිතව ඉදිරිපත් කරන්නටත් ඔවුන් අවධානය යොමු කර ඇත.



පැරණි KFC අවහන්හල් සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන ලෙස හැදින්විය හැක. එවැන්නක් ජොර්ජියා හි Marietta හි පිහිටා ඇත. එහි ඇති අඩි 56 ක් වු කුකුලකුගේ විශාල සලකුණ නිසා එම ස්ථානය the Big Chicken ලෙස හදුන්වයි. 

එහි කලින් තිබී ඇත්තේ Johnny Reb's Chick, Chuck and Shake නැමැති අවන්හලයි.


කුලුබඩු වර්ග ඇසුරින් තමන්ගේම මිශ්‍රණ 11 සතු එම වට්ටෝරුවේ රහස මෙම මුලස්ථානයේ ආරක්ෂිතව තබා ඇති අතර එය දන්නේ ඉතාම සුලු පිරිසකි.




KFC අවහන්හල් ජාලයේ වත්කම 2011 වෙද්දී ඇ.ඩො.බි. 15 වන අතර එහි සේවකයන් 190,000 කට ව‍ඩා ලොව පුරා සේවය කරයි.2002 සිට එහි හිමිකාරිත්වය දරන්නේ  Yum! Brands, Inc සමාගමයි.

මෙහි මුලස්ථානය වර්තමානයේ Louisville, Kentucky හි පිහිටා ඇත.

මීට අමතරව ලොව ප්‍රසිද්ධ තවත් Pizza Hut ,Taco Bell හිමිකාරිත්වය දරන්නෙත් මෙම Yum! Brands, Inc සමාගමයි.


සැතපුම් 250000 පුරා ඇවිදිමින් තම ආපන ශාලා නිරීක්ෂණය කල ඔහු වයස අවුරුදු 90 වෙද්දී ලියුකේමියා රෝගයෙන් 1980 දී ලොවින් සමුගත්තේය.


‍නිකමට කරපු ජොබ් එකට ගිය කල..
 පඩි ගත්තම ආපහු යන්න ‍ඕන KFC එක පැත්තේ..




27 comments:

  1. නියම ලිපියක්. ගැන KFC නොදන්න බොහෝ කරුනු ගොඩක් ඉගෙන ගත්තා. බොහෝම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... දිගටම එන්න කියවන්න!!

      Delete
  2. ඔය KFC නිර්මාතෘ කර්නල් කෙනෙක්නෙ. බලන්නකෝ අපේ කර්නල් කෙනෙකුට තවම බැරිවුනානේ හා පැටව් වත් බැදලා විකුණන ක්‍රමයක් හොයාගන්න. :D

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඇයි පන පිටින්ම බැද්දේ උතුරෙයි දකුණෙයි දෙකේම. ජිනීව වල අදටත් පරිප්පු කන්නේ අදින්නෙ මේ කර්නල්ලා ෆ්‍රයිඩ් චිකන් දාපු නිසානේ...

      පට්ට ලිපිය පුතේ...

      මේක ෆින්ගර් ලිකින් ගුඩ් වලටත් වඩා රහයි.. මේ මහන්සිය අගය කළ යුතුමයි..

      Delete
    2. විචාරක මහත්තය නොදන්නව උනාට ඝන වනාන්තර ඇතුලෙ බොහොම සුට්ටියට හදපු කාමර 4/5ක,ලැගුම් ගන්න එන අයට ඉතාම අහිංසක ලෙස ගෝන මස් ඩෙවල් වර්ග ක්‍රම 2ක 3 කට වගේ හදල දීල Echo Friendly Resort අම්බානකට හදාගෙන ප්‍රකෝටිපතින් වුන අය තුන් හමුදාවෙන් විශ්‍රාම ගිය කි දෙනෙක් නම් ඉන්නවද?අර බඩ තඩි ඔලුව ලොකු ගාමිණි ලොකුගෙ සිංහරාජ ඇතුලෙ තියෙන ගෙස්ට් එකට යන්නෙ කව්ද,මේ අපි වගේ නාකියෝ වැල නිලි ලා එක්ක මිසක් හස.......... දෙකක් අනුස්මරනය කොලාම නමුත් ටැපලෙනවා.මොන මල ඉලව්වක්ද මන්ද පොඩි එකෙකුගේ වැදගත් ලිපියක් කියවන්න ආවම එක එකාගෙ කොමන්ට් කියවල සිත කොලොප්පම් වෙලා .සමාවෙන්න දරුවෝ.

      Delete
    3. මාතලන් අයියා එලකිරි ආ........

      Delete
    4. @ මාතලන්, ඔබේ අදහස විවාදාත්මකයි. මෙවැනි අදහස් දැක්වීමකින් කියන්න බැරි, සමහරවිට දින ගණනක් ගතවෙන, කරුණු තියනවා සාධාරණ අසාධාරණ බව පිළිබඳව. සමහර තිරතුරු සඳහා ඔබට යුද වාර්තා පවා පෙන්වන්න වෙනවා. මේ ඒ සඳහා තැන හෝ අවස්ථාව නෙවෙයි. ජිනීවා වල නාන්නේ, ඒ සඳහා සුදුසු පුද්ගලයන්, පිළිතුරු දෙන්න නොයවන නිසා. KFC ගැන මම කලේ බොහොම සරල හාස්‍යජනක ප්‍රකාශයක් පමණයි.

      @ කෙන්ජි, 'එක එකා ගෙ කොමෙන්ට්' නොකියා 'විචාරක කියන එකාගේ' කිව්වනම් වඩාත් කෙලින් කරන ප්‍රකාශයක් වෙනවා කියලයි මම හිතන්නේ.

      අසමි දකිමි සොයමි ලියන විචාරක



      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    5. @ විචාරක
      යුද්ධය, ත්‍රස්තවාදය කියන්නේ මහා කාළකන්නි දේවල්. සිත් රිදවීමක් වූවා නම් සමාවන්න මිත්‍රයා.

      Delete
    6. අනේ විචාරක දහස් වරක් සමාවන්න.
      ලියාගෙන යද්දී බොක්කෙන් අපේ කමට සුහදත්වය වැඩි කමට ලියවුන වචනයක් මිස,ඔබගේ කොමන්ට් එකට හෝ ඔබව අපහසුතාවයකට පත් කිරීමට සිතා මතා ලියූවක් නොවන බව කරුණාවෙන් සලකන්න.

      Delete
    7. යලිත් ඔබ දෙදෙනාවම අමතමි. හිත රිදීමක් ඇති නොවීය. සමාවෙන්න ඔබ දෙදෙනාම වරදක් කර නැත. දන්නවනේ ආමි එකේ අපි බැනුම් ඇසීම අතින් 'කම්මලේ බල්ලෝ' වගේනේ. මාතලන්, ඔය මානව හිමිකම් කඩවීම සහ යුද අපරාද කතාව ඔහොම නිකම්ම අතෑරලා දාන්න බැහැ. පටන්ගන්නකො හොඳ සංවාදයක් ඔබේ අඩවියේ. අපි සාකච්ඡා කරමු. කෙන්ජි, ඇත්තටම ඔයා ලිව්වනම් 'කොහෙද මේ විචාරකගේ පිස්සු හුටන් නිසා ඔලුවත් අවුල්වුනා' කියලා, අන්න මට තේරෙනවා.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    8. මට ලොකු වැරදීමක් වෙලා ඇති බව පිලි ගනිමි.

      Delete
  3. ඉතා මහන්සියෙන් ලියපු වටිනා ලිපියක් අගය කල යුතුයි.
    එක එක රටවලට අනුව හදන රෙසපි වලට අනුව මම සති කීපයකට පෙර කෑව >>කොරියන් ස්පයිසි & ක්‍රිස්පි <<කියල දරුවො දෙන්නට නම් ලෙසටම රසලු.
    අපිට නම් මිරිසට හදපු කටුත් එක්ක උයපු ගම් කුකුල් මාලුව වගේ වටින දෙයක් තියෙනවය.

    ReplyDelete
    Replies
    1. කොරියාවේදීද අයියා කෑවේ???
      ස්තුතියි අදහස් දැක්විමට..
      ඉඩ තියෙන වෙලාවට මේ පැත්තේ එන්න!!

      Delete
    2. මැලේසියාවේදී මල්ලියො.
      කොමන්ට් නොකලට ඔබගෙ ලිපි හැම එකක් වගේම කියවනව.

      Delete
  4. නිකන් කාල කට පිහදන් එනව වෙනුවට මෙහෙම අග මුලහොයල ලියාපු එක අගය කරන්න ඕන. මම කටාර් ඉන්න කාලෙ එහෙ ඩිනර් මීල් එක දාපු පොඩි පෙට්ටියෙ ඔය ඉතිහාස කතාව කෙටියෙන් තිබ්බ. ඒත් මෙච්චර විස්තර දැනං උන්නෙ නෑ. අනික වයස සාර්ථක ව්‍යාපාරිකයෙකුට බාධාවක් නෙමෙයි කියන්න ලෝකෙ ගොඩක් කළමණාකරන විශේෂඥයො පාවිච්චි කරන උදාහරනයක් තමයි සැන්ඩර්ස් මහත්තයගෙ කුකුල් ව්‍යාපාරෙ.

    මම හිතන්නෙ ඔය කඩයක් අරින්න යන ගාන දාල තිබ්බ එක ටිකක් නෙමෙයි බොහොම වැඩියි කියලයි. හේතුව අපිත් ඔව්ව හදල තියෙන නිසා. සාමන්‍යෙන් එක ෂොප් එකක ෂොප් ෆිටින් වලට විතරක් ඩොලර් හැට දාහක් විතර වෙන්ව. ඉතුරු බඩු ටික තව ඩොලර් ලක්ෂයක් විතර තමයි. එතකොට ගාන ලක්ෂ දෙකට අඩු මිස වැඩි වෙන්නෙ කලාතුරකින් ( අළුත් ඉඩමක් අරන් බිල්ඩිමක් හදල ගත්තොත් වගේ ).

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි අදහසක් ලිව්වට!...
      ඉඩක් ලැබුනොත් එන්න මේ පැත්තට..!

      Delete
  5. අංකල් තවත් වයසට යයි වගේ ඉදිරියෙ.
    හොඳ ලිපියක් සහෝ.

    ReplyDelete
  6. දැනුම පිරි “රසවත් ලිපියක්“ අප වෙත දෙන්නට ඔබ වූ වෙහෙසට තුති

    ReplyDelete
  7. මේ කතාව එහෙං මෙහෙන් අහලා තැන් තැන් වලින් දැනගෙන හිටියට , පිළිවෙලට ඒක දිගට සියල්ල කියවූයේ අදයි. එලයි ,පස්ටයි. වී අති මහන්සිය ඉතා අගය කරමි.

    ReplyDelete
  8. සිරාවටම මහන්සිය නම රත්තරන් වටිනවා..:) චාමික අයියා ඉතින් කවදත් මේ වගේ දේවල්නේ ලියන්නේ..එහෙනම් KFC කතාවත් දැනගත්තා.බොහොම ස්තුතියි ඈ..:)

    ReplyDelete
  9. Patta Machan...api danne kanna witharane danuwath karata Pin....

    ReplyDelete
  10. එතකකොට පෙෂර් කුකර් එකත් එයාගෙම වැඩක්ද?
    වටින post එකක්! තුති!

    ReplyDelete
  11. good job Chamika.we eat. but didn't know where the start is..

    ReplyDelete
  12. මෙවැනි තොරකුරු එකතු කරල ඉදිරිපත් කරන එකට ස්තූතියි මම හැමදාම ඔබ ගැන ආඩම්බර වෙමි.

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??