ස්නයිපර් යන නම ඇසු සැනින් මතක් වෙන හැඩ රුව ගැන කියන්න දෙයක් නැහැ... 
පරිසරයට ගැලපෙන්න ඇදපු ඇදුමයි... දුරදක්නයක් සවි කරපු දිග තුවක්කුවක් ගත්ත ඒ සඳහා මනාව පුරුදු වුන හමුදා භටයෙක්..
යුධ චිත්‍රපටිවල, පරිගණක ක්‍රීඩාවල වගේම වසර 30 වැඩි යුද්ධයකට ගොදුරු වුන ලංකාවේ අපිට හොදට අහලා පුරුදු දෙයක්...

හතරවන ඊලාම් යුද්ධය නිමා කරමින් රට එක්සේසත් වී දැන් අවුරුදු 03 වේගෙන එනවා.. ඒ හින්දම රණවිරුවන්ට උපහාරයක් විදිහට ප්‍රසිද්ධ වෙච්ච ස්නයිපර්කරුවන්ගේ අප්‍රසිද්ධ තොරතුරු ටිකක් ගෙන එන්නට
“ චාමිකයගේ බ්ලොග් ඉසව්වටත්“ හිතුනා..
ආස හිතෙන මාතෘකාවක් කියවලා බලන්න..අදහසක් දෙන්න අමතක කරන්නත් එපා.. තොරතුරු ජායාරෑප අන්තර්ජාලයෙන් උපුටා ගෙන ලිපිය සකස් කලා...
යුද්ධයකදි වනගත සටන් වලදීත්, විවෘත භූමිවලත් නිශ්චලව රැදෙමින් ඉදිරි ආරක්ෂක භටයන්ට නිහඩවම මනා සේවයක් ලබා දෙන ස්නයිපර් භටයන් ඊට අමතරව පරිසරයට ගැලපෙන ඇදුමින් සැරසී ඔත්තු බැලීම, සතුරු ප්‍රදේශ වලට රහසින් ඇතුල්වීම වැනි කටයුතු වලටද පුහුනුවක් ලබයි.
දන්නවාද??
මේ ස්නයිපර් යන වචනය මුලින්ම ඇරඹී තිබෙන්නේ 1770 දී කාලයේ සිටයි.. ඒ ඉන්දියාවේ සේවය කල බ්‍රිතාන්‍ය සෙබළුන් විසිනි. ස්නයිප් (snipe bird) ලෙස හැදින්වෙන අල්ලා ගැනීමට අපහසු වටු විශේෂයට වෙඩි තැබීමට දක්ෂ වු සෙබලා දක්ෂ දඩයක්කරුවකු ලෙස සලකමින් ඔහුව ස්නයිපර් යන නමින් හදුන්වන්නට වී ඇත.
ස්නයිප් (snipe bird) වටු විශේෂය

1824 සිට සුක්ෂම වෙඩික්කරුවා යන අර්ථයෙන් “ස්නයිපර්” ලෙස හැදින්වීම ආරම්භ වී ඇත.
එක් එක් රටවල රාජකාරි ක්‍රම අනුව විවිධ රාජකාරි කටයුතු තිබුනත් සාමන්‍ය යුද්ධයකදී ඔවුන්ගේ රාජකාරිය වන්නේ ස්ථානයක සැගවී සිටිමින් සතුරාගේ තොරතුරු වාර්තා කිරිමත්, සතුරා පිටුපසින් රහසින් ගමන් කිරීම, සතුරාව අධෛර්යට පත් කිරීමට ඔවුන්ගේ ඉහල නිළධාරින්,සන්නිවේදන නිලධාරීන් වෙත නිහඩ ප්‍රහාරයන් එල්ල කිරීමත් සතුරු සුක්ෂම වෙඩික්කරුවන් විනාශ කිරීමත්ය.
මෙවැනි ප්‍රහාරක සෙබලුන් මෑත කාලයේ නවීන යුධ ආයුධ මෙවලම් සහිතව සටන් වැදුනත් මෙහි ආරම්භය අවුරුදු 200 ට වඩා පරණයි..
එහි පැරණිම සිද්ධිය ලෙස වාර්තා වනුයේ 1977 සැප්තැම්බර් 19 වැනිදා සරටෝගා සටනේදී ජනපදවාසීන් විශාල ගස් පිටුපස සැගවී බ්‍රිතාන්‍ය සෙබලුන්ට වෙඩි තැබු සිද්ධියයි.
දෙවන බොයර් යුධ සමයේදී
(1899 – 1902 ) ලොවාට් චර පුරුෂ සේවය ලෙසයි.
එහිදි සැගවි ඔත්තු බැලීම, ඉලක්කයට වෙඩි තැබීම හා යුධ උපක්‍රම පිලිබදව පුහුණුවක් දුන් අතර පසුව එය බ්‍රිතාන්‍ය සුක්ෂම වෙඩි තැබීම් ඒකකය ලෙස නම් කරන ලද අතර බොහෝම දෙනා ඔවුන්ව හදුන්වන්නට වුයේ සුක්ෂම වෙඩික්කරු නැතිනම්
Sharp Shooters ලෙසයි.
කාලයත් සමගම වර්තමාන ස්නයිපර් කරුවන් කරලියට ගෙන ඒමේ ගෞරවය හිමිවන්නේ ජර්මන් ජාතිකයන්ටයි.
පලමු ලෝක යුද්ධයේදි ඉලක්ක කර වෙඩි තැබීම වඩා පහසු කර ගැනීමට දුරදැකිය හැකි කාච යොදා ගන්නා ලද තුවක්කු භාවිතය ගෙන ආවේ ඔවුන් විසිනි.
බංකරයක් තුල හිස පමණක් පෙනෙන බ්‍රිතාන්‍ය සෙබලුන් වෙඩි තබා මරා දැමීම අහම්බයෙන් වු දෙයක් ලෙස බ්‍රිතාන්‍ය හමුදාව සලකා තිබුනේ ඒ පිලිබඳව ඔවුන් නොදැන සිටීම නිසායි.
පරිසරයට ගැලපෙන අයුරින් සැකසී උපක්‍රම ශීලිව ගස් අතර හා භූමියේ සැගවෙමින් නොර්මැන්ඩ් සටනේදි ජර්මන් ස්නයිපර් සෙබලුන් එල්ල කල ප්‍රහාරයෙන් ඇමරිකානු හමුදාවට බරපතල හානි සිදුවිය.
පලමු ලෝක යුද්ධයට පසුව ජර්මනිය තම ස්නයිපර් වරුන් විසිරුවා හැරියත් රුසියාව තමන්ගේ ස්නයිපර් රෙජිමේන්තුව තව තවත් උපක්‍රම අත්හදා බලමින් දියුනුවට පත් කිරීමට කටයුතු කල අතර දෙවැනි ලෝක යුද්ධයේදී ප්‍රසිද්ධ සටනක් වු සෝවියට් රුසියාවේ ස්ටැලිංග්‍රැඩ්හි සටන බොහෝ විටම ස්නයිපර් කරුවන් අතර සටනක් විය. ගල් ගොඩැලි සහිත නගරයේ සැගවී රුසියානු ස්නයිපර් භටයින් දැඩි ප්‍රහාරයක් ජර්මානු භටයින්ට එල්ල කරන ලදි.
ස්නයිපරයේ අතීත කතාව හා ඔවුන්ගේ ඉලක්කය ගැන කෙටි විස්තරයක් බලන්න පුළුවන් මෙන්න මේ පහල විඩීයෝවෙන්......
ස්නයිපර් කරුවන් අතර ජනප්‍රියම ස්නයිපර් කරුවකු ලෙස රුසියානු සෙබල වැසිලි සයිත්සෙව්(Vasily Zaytsev ) හැදින්වෙන අතර ඔහු අතින් 242 ආසන්න ගණනක් මිය ගිය බව සඳහන් වේ.
වැසිලි සයිත්සෙව් (Vasily Zaytsev )

ඔහුගේ චරිතය ඔබ බොහෝවිටම නරඹා ඇති Enemy at the gates චිත්‍රපටියෙන්ද, War of the rates නැමැති නවකතාවෙන්ද පෙන්වනු ලැබේ. Sniper ලෙස නම් වු ඇමරිකානු චිත්‍රපටි පෙලෙහි ස්නයිපර්කරුවන්ගේ රාජකාරිය මැනවින් විදහා දක්වනවා...
බොහෝ දෙනා බලන්නත් ඇති නේද?

පසුව මෙම උපක්‍රම සියල්ල මෙන්ම ඊට ගැලපෙන ලෙස ආයුධ, දුරදක්න, උණ්ඩ සියල්ල දියුණු කරමින් සෑම රටකම ස්නයිපර් රෙජිමේන්තු පිහිට වීමට පටන් ගත් අතර බොහෝ රටවල කණ්ඩායමක් ලෙස ස්නයිපර් වරුන් දෙදෙනෙකු ගෙන් සමන්විතව පිහිටවනු ලබයි.

බොහෝ විටම ඇමරිකාව හා බ්‍රිතාන්‍ය යේ යුධ පෙරමුනු වල මෙවැනි ස්නයිපර් කණ්ඩායම් දක්නට ලැබේ. කෙනෙකු වෙඩික්කරුවා වන විට, අනෙකා දුර ප්‍රමාණයන්, සුලගේ වේගය ඉලක්කයේ දුර වැනි දත්ත සපයනු ලබයි. දෑස් විඩාව වලක්වා ගැනීම සදහා දෙදෙනා මාරුවෙන් මාරුවට මේ චරිත දෙක කරයි. සමහර අවස්ථාවන් හි හතර දෙනා බැගින්ද කණ්ඩායම් යොදා ගනු ලබයි. ඒ නාගරික පරිසරයන් තුලදීයි.

මේ කටයුතු වලට අමතරව සාමාන්‍ය භාවිතයේ පිස්තෝල හා තුවක්කු භාවිතයේ හැකියාවද පුහුණුවද ලබා දී ඇත්තේ හදිසි ප්‍රහාරයන්ට මුහුණ දීම සදහායි.
ලොව මෙතෙක් තබන ලද වැඩිම දුර ස්නයිපර් වෙඩිල්ල ලෙස සටහන් වන්නේ බ්‍රිතාන්‍ය ස්නයිපර්කරු ක්‍රෝප්‍රල් ක්‍රේග් හැරිසන්
(Corporal Craig Harrison) විසින් තලෙයිබාන් සටන් කරුවන් දෙදෙනෙකු 2009 නොවැම්බරයේදී මීටර් 2475 දුරක සිට වෙඩි තබමින් මරා දැමීමයි.

වැඩිම
පිරිසක් තම ඉලක්කයට හසුකර ගැනීමේ වාර්තාව පිහිටුවා තිබෙන්නේ දෙවන ලෝක යුධ
සමයේ පින්ලන්තය ආක්‍රමණය කිරීමට ආ රුසියානු සෙබලු 542 ක් මරා දැමු පින්ලන්ත
හමුදාවේ
සීමෝ හේහා Simo Häyhä විසිනි.
රතු හමුදාව ඔහුව නම් කොට තිබුනේ “ ධවල මරණය“
("White Death") ලෙසයි. ඔහුගේ කම්මුලට වැදුනු වෙඩි පහරක් හේතුවෙන් මුහුනේ වම් පැත්ත වීරෑපි වී තිබුනි.

පින්ලන්ත හමුදාවේ සීමෝ හේහා Simo Häyhä

කාන්තා ස්නයිපර්වරියක් ලෙස වැඩිම සතුරන් පිරිසක් මරණයට යවා තිබෙන්නේ රුසියානු හමුදාවේ ලුඩ්මිලා පැවලිචෙන්කෝ
(Lyudmila Pavlichenko) සෙබලියයි.
ඇය තම ඉලක්කය 309 දෙනෙකුට මරු කැදවා ඇත.
ලුඩ්මිලා පැවලිචෙන්කෝ (Lyudmila Pavlichenko) සෙබලිය

ඇමරිකානු යුධ ඉතිහාසයේ වැඩිම දස්කම් දැක්වු ස්නයිපර් තුවක්කුකරු ඇමරිකානු සීල් බලකායේ ක්‍රිස් කයිල්ය.

ඔහුගේ වෙඩි ප්‍රහාරයන්ට ගොදුරු වු ගණන 255 ක් වේ.
එයින් 160 ක්ම පෙන්ටගනය තහවුරු කර ඇත.

“ රහමදියේ යක්ෂයා“ හෙවත් ඇමරිකානු සීල් බලකායේ ක්‍රිස් කයිල්

එතෙක් එම වාර්තාව තිබී ඇත්තේ වියට්නාම යුද්ධයට දායක වී සතුරන් 109 ක් ඝාතනය කල ස්ටාෆ් සාර්ජන්ට් ඇල්බර්ට් වොල්ඩ්‍රෝන්ටයි.
( Staff Sgt. Adelbert F. Waldron)
“ රහමදියේ යක්ෂයා“
('Al-Shaitan Ramad'-the Devil of Rahmadi)
ලෙස ඉරාක සටන්කාමීන් ඔහුව හදුන්වා ඇත. එලෙසම ඔහු මරා දමන්නෙකුට හෝ ඔත්තුවක් ලබාදෙන්නෙකුට ඇ.ඩො.20000 ත්‍යාගයක් ලබා දෙන බවත් ඉරාක සටන්කාමීන් විසින් ප්‍රසිද්ධ කොට තිබුනි.
ඔහුගේ විශිෂ්ඨම වෙඩි ප්‍රහාරය ලෙස සැලකෙන්නේ යාර 2100 දුරින් රොකට් ලෝන්චරයක් සහිතව පැමිනි ඉරාක සටන්කාමියකුගේ හිසටම එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයයි.

2009
දී වසර 10 ක සීල් භටයකු ලෙස සේවයෙන් පසුව 37 හැවිරිදි ඔහු විශ්‍රාම ගිය
අතර ස්නයිපර් භටයකු ලෙස තම ජිවිතය පිලිබඳ American Sniper නමින්
ග්‍රන්ථයක්ද එලි දක්වා ඇත. දැනට ඔහු ස්නයිපර් භටයන් පුහුණු කරන්නෙකු ලෙස
රාජකාරි කරනු ලබයි. 

American Sniper ග්‍රන්ථයේ පිටකවරය.

ඉතාම මෑතක කොටි ත්‍රස්ථවාදින්ට එරෙහිව ශ්‍රි ලංකාවේ දියත් වුන මෙහෙයුම් වලදී ශ්‍රි ලංකා යුධ හමුදා ස්නයිපර් බලකායේ සෙබළුන් විශාලම දායකත්වයක් දැක්වූවා.

ඒ හතරවන ඊලාම් යුද්ධයේදි විතරක් කොටි ත්‍රස්තයන් 2800 ක් මෙම සැඟවුනු ස්නයිපර් උණ්ඩයට ගොදුරු කර ගනිමින්. නීරෝ, කැමා,ලාරා, මරර්,පිග්මි හා සූන් යන නම් වලින් මේ විශීෂ්ඨ ස්නයිපර් කරුවන් ලංකාව පුරාම ප්‍රසිද්ධ වුනා.

නීරෝ යන සංකේත නාමයෙන් හැදින්වුන කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි නිහඩවම තම සේවය ඉටුකරමින් තම මව්බිම වෙනුවෙන්
2009 අප්‍රේල් මස 28 දින මව්බිමෙන් සමුගත්තා...

ඒ වන විට ඔහුගේ නිවැරදි ඉලක්කයට ත්‍රස්ථවාදින් 214 ගොදුරුව තිබුනා..
ඔහුට අපගේ උපහාරය!

කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි හෙවත් නීරෝ අවසන් වරට භාවිත කල ආයුධ හා ඔහුගේ උපකරන..

පිග්මි විසින් ප්‍රභාකරන්ගේ හොදම ස්නයිපර්කරුවා පවා පරලොව යවා තිබුනා.

ඒ සුරු විරුකම් අතරේ පසුගිය දා තවත් ස්නයිපර් සෙබලුන් 26 දෙනෙකු දියතලාව සැගවුනු හා පුහුණු වෙඩික්කරුවන්ගේ පාසලෙන් විසිර ගොස් තිබුනා..

මේ ඒ පිලිබඳ සටහනක්...
කොටි
ත්‍රස්ථවාදින්ට එරෙහිව ශ්‍රි ලංකාවේ යුද්ධය නිම කිරීමට තම අත් පා, ජීවිත,
නිර්භයව තම රට ජාතිය හා රටේ අනාගත ආරක්ෂාව උදෙසා කැප කල වෙහෙසුනු
රණවිරුවන්ටත්, ඒ සදහා දායක වු සියලු දෙනාටත්, 
එම රණවිරුවන්ගේ පවුල් වල සැමටත් මේ පිරි නමන්නේ
“ඉසව්වේ උපහාරයයි“.
අගනා ලිපියක්. මමත් අවිආයුධ සම්බන්ධ ලිපි ලියන නිසා, ඔබේ මේ උත්සාහය ඉහලින්ම අගය කරනවා. විශේෂයෙන්ම නීරෝ ගැනත් තොරතුරු දැක්වීම බොහොම හොඳයි. ස්නයිපර් තුවක්කු සහ ස්නයිප් කරන්නේ කෙසේද යන්න පිළිබඳව නුදුරු අනාගතයේදී ලිපියක් බලාපොරොත්තුවන්න.
ReplyDeletehttp://jangun.wordpress.com/
වටින ලිපියක්, ගොඩක් දේවල් දැනගත්තා... ස්තූතියි!
ReplyDeleteනියමය් අය්යේ වැදගත් ලිපියක් හා ආසම මාතෘකාවක්
ReplyDeleteජය!!
Greate work bro
ReplyDeleteවටිනා ලිපියක්...විවිධ තොරතුරු රැස් කරන්නෙකුට මේ බ්ලොග් එක හුගක් වටිනවා
ReplyDeleteවටිනවා වටිනවා........... සුපිරි වැඩක් මචන්.. එල!!!!
ReplyDeleteසැහෙන වටිනා ලිපියක් එක හුස්මටම කියවලා ඉවරකලා ඒ වගේ සිරා....
ReplyDeleteලසන ලියවිල්ලක්.නීරෝ නැති කරපු කොටි ගණන 400 ක් වගේ ගානක් නෙවෙයිද?
ReplyDelete