Pages

Wednesday, May 25, 2011

අම්බර හින්දා තල්මසුන්ටත් දැන් මරණ තර්ජනලු..!!!

තල්මහ ගැන නොදන්නේ කවුද නේද??
අපි පොඩි කාලේ තල්මස්සු ගැන තිබුන කතාමතකද???
ඕෂන් ගර්ල් කතාවේත් ඉන්නවා...ඇයි ෆී විලි....


මොබි ඩික් හෙවත් සුදු තල්මසා කතා පොත...

දැන් ඒකෙන් පිල්ම් එකකුත් ගහලා!


ඒත් ලොකු වුනාට තල්මසුන්ටත් දැන් මරණ තර්ජනලු..
ඒ වෙන මාලුවෙක්ගෙන් නම් නොවේ...

ඒ මිනිසාගෙන්ම තමා!

මේ අධික ලෙස තල්මසුන් මැරීම නිසා අනිවාර්යයෙන් ම කාලයකදී තල්මසාව කෞතුක භාණ්ඩයක් වේවි කියාලාත් හිතෙනවා!ලංකාවේ මුහුදු සීමාවෙත් තල්මස් දඩයට සිදුකරනුයේ අම්බර නමින් ඇති ද්‍රව්‍යක් ලබා ගැනීමටයි....මෙ ඉතා මිල අධික බවද කියනවා..ඒත් දැකලා නම් නැ!

ඉතින් මම හිතුවා මේ තල්මසුන් ගැන හා ඔවුන් දඩයම කරන්නේ ඇයි කියාලා පොඩි දැනුවත් කිරීමක් කරන්න...
එහෙනම් පටන් ගත්තා හරියෙයි...
ඔයාලගේ අදහස් දාලාම යන්න...




මුලින්ම තල්මසුන් ගැන කියාලා ඉන්නම්....
තල්මස් වර්ග රාශියක් ඇති අතර බොහෝ දෙනෙකු
ගැන මෙහි විස්තර වේ..
එයිනුත් දත් ඇති හා කෙදි මගින් ආහාර පෙරා ගන්නා තල්මසුන් ලෙසද දෙවර්ගයක් සිටි



කෙදි මගින් ආහාර පෙරා ගන්නා තල්මසුන්

නිල් තල්මසා
Blue whale



තල්මසුන්ගේ හා මිහිපිට ජිවත් වන විශාලම සත්වයායි...අඩි 108 වඩා නැතිනම් මීටර 33 පමණ වැඩෙන මේට්රික් ටොන් 180 බර වේ..අලු පාටට හුරු සමක් ඇත...ඇට්ලාන්ටික් පැසිපික් හා ඉන්දියානු සාගරවල දැකිය හැකිය...

Fin whale
ෆින් තල්මසා....
නිල් තල්මසාට පසු විශාලම තල්මස් වර්ගය වේ...විශාල ලෙස දඩයම් කිරීම නිසා මේ වර්ගය වදවී යන තත්වයට පත්ව ඇත.



The Right Whale


අඩි 60 දක්වා වර්ධනය වෙන අතර උපදින විටම අඩි 12 ක් පමණ වේ...හොදින් වැඩුනු සතකු ටොන් 60 පමණ බර වේ...ගැහැණු සතුන් වයස අවු 13 වන තෙක් පැටවුන් දැමීම සිදුනොකරයි.. අවුරුදු 3-4 වරක් පැටවුන් දැමීම සිදුකරයි...වර්ණයෙන් තද කලු පාට වුවත් ඇතැම් අවස්ථා වල සුදු වර්ණයද තැන්තැන් වල ඇත...

sie Whale

සි තල්මසාද ලෝකයේ ඹ්නැම මුහුදක දක්නට හැකිවේ...ගැඹුරු මුහුදේ ජිවත් වන අතරම අවුරුදු පතා වෙනත් මුහුදු වලට සංක්‍රමණයද වේ....වර්ග දෙකක් ද ඇත එනම් the northern sei whale සහ the southern sei whale ලෙසයි.

Humback Whale

සාමාන්‍යයෙන් මීටර 12-16 දක්වා වැඩේ..ආසන්න වශයෙන් බර කිලෝගැම් 36,000 ක් වේ..ලෝකයේ සැම මුහුදකම දැකිය හැකිවේ...ඔවුන් අවුරුද්දකට කිලෝමීටර 25000 පමණ සංක්‍රමණය වේ..ඉතා දැඩි ලෙසම දඩයම් කරනු ලබන තල්මසුන් වර්ගයයි..ඕස්ට්‍රෙලියාව හා නවසීලන්තය කැනඩාව ඇමරිකාව අසල මුහුදේ සුලභව දැකිය හැකිවේ...
ඒ වාගේම කිසියම් ශබ්ද මගින් අදහස් හුවමාරුවක්ද මේ තල්මසා සිදුකරයි..
එය
whale song නම් වේ..


අලු තල්මසා

ආහාර පෙරා වෙන්කර ගැනීමට විශේෂ වු සිදුරු දෙකක් ඇත. අඩි 45 ක් දක්වා වැඩෙන අතර ඔවුන් තම උපන් ප්‍රදේශයේ සිට අවුරුදු පතා ආර්ටික් සාගරයේ ඇලස්කාව දක්වා ගමන් කර පැටවුන් දැමීම සඳහා නැවත මෙක්සිකෝව ආසන්නයේ මුහුදු සිමාවට පැමිනේ... මෙය ඔවුන් සතු විශේෂත්වයකි...ඒ සඳහා සැම අවුරුද්දකටම සාමාන්‍ය යෙන් සැතපුම් 12500 නැතිනම් කිලෝමීටර 20100 පමණ පිහිනීම සිදුකරයි..
Bowhead whale

විශාල තල්මසකු වන මෙම තල්මසාට ඉතා විශාල වු කටක් සහිත නිසා මෙම නම කියනු ලැබේ! මීටර 20 ක් පමණ දිග ටොන් 136 පමණ ආසන්න ලෙස බරවේ..කට ඇරගෙන පිහිනීම කරන අතර ආහාර පෙරා ගෙන වතුර පිටකරනු ලබයි..
Bryde's whales

සැම මුහුදකම දැකිය හැකිවේ..ලොව පුරා මේ වර්ගයේ තල්මසුන් 25000 ආසන්නව ඇති සඳහන් වේ.

Minke Whale

කෙදි මගින් ආහාර වෙන කරගන්නා තල්මසුන් අතරින් කුඩාම තල්මසා වේ...මුලු ලෝකය පුරා සාගර වල විහිද ඇත... එහේත් ජපානයේ මෙම තල්මසුන් වැඩි වශයෙන් දඩයම් කරයි. මීටර 08 දිගින් වේ. අලු සුදු හා කලු සුදු වර්ණ වලින් යුතු වේ..

දත් ඇති තල්මසුන්
The Beluga,
උතුරු ඇමරිකාවේ ආර්ටික් සාගරයේ ජිවත් වන අතර නිකුත් කරනු ලබන ශබ්දයක් මගින් අදහස් උනුන් අතර හුවමාරු කර ගනී



Pilot whales

පොදුවේ සැම මුහුදකම හා විහිදි ගිය තල්මස් වර්ගයයි.නවසිලන්තය..නොර්වේ ඕස්ට්‍රේලියාව හා රටවල් රැසක මුහුදු වල දැක ගත හැකිය....

Killer whales
ටිවි වැඩසටහන් මගින් ජනප්‍රිය වු තල්මස් වර්ගයයි..


මේ තල්මසාට දත් 03 ක් ඇති අතර ඒවා රවුම් හැඩති වේ....ඉතා කුඩා කන් ද ඉතා හොද පෙනීමක් හා රංචු වශයෙන් ගැවසී ආහාර දඩයම් කිරීම සිදුකරයි..සැතපුම් 30 දුරක් පැයකට පිහිනීම සිදුකරයි..

Sperm Whale
ලොව පුරාම මුහුදු වල දැකිය හැකිය..අඩි 67 ක් මිටර 20.5 දක්වා වර්ධනය වේ...ඒ වාගේම දත් ඇති ලොව විශාලම සත්වයාද ස්ප්‍රර්ම් තල්මසායි...ඉතා විශාල හිසක් ඇති සම කලු දුඹුරු පාටට හුරු සමක් සහිත වේ....


තල්මසුන් දඩයම් කරන්නේ ඇයි??


තල්මසුන් දඩයම ගැන මුල් කාලයේ සදහන් වන්නේ 11 සියවසේ සිටි බාසක නම් ග්‍රෝත්‍රිකයන් බිස්කේ බොක්ක අසල තල්මස් දඩයමත් සමගයි.. තල්මසුන්ගේ තෙල් සඳහා ඔවුන් දඩයම විශාල වශයෙන් සිදුකරනු ලබයි..
ඒ සඳහා ජිවිත පුජා කරන තල්මස් වර්ගයන් ලෙස
බේලින් තල්මසා...
නිල් තල්මසා...
පින් තල්මසා
හැම්ප්බෑක්
හා සී
ස්ප්ර්ම්
තල්මස් වර්ගද මේ අතරින් විශේෂයෙන් ස්ප්ර්ම් නැමති තල්මසාගෙන් ගන්නා තෙල් Sperm oil ලෙස හදුන්වයි.

ආර්ටික් සහ ඇන්ටාර්ටික් සාගර වල වසන්ත හා ගිම්හාන කාලවල තල්මසුන් විශාල ලෙස දඩයම් කරන්නේ එම කාලවලදි ඔවුන් වැඩිපුර ආහාර ගන්නා නිසා වැඩිපුර තෙල් ඇති නිසාය....
සඳහන් වෙන විදියට නම් හොදින් වැඩුනු නිල් තල්මසකුගෙන් ලීටර 19080පමණද,
ස්පර්ම් තල්මසකුගෙන් ලීටර 7950 ද තෙල් ලබාගත හැකිලු....
19 සියවසේ දී නම් තෙල් වලින් කරන්නා වු සියලුම කාර්යයන් සඳහා තල්මස් තෙල් යොදා ගැනීම නිසා ඉතා වැඩි වශයෙන් දඩයම සිදුකර ඇත.. පසු කාලයේ එනම් 1946 දි තල්මස් දඩයම පාලනයට ජාත්‍යන්තර තල්මස් දඩයම් කිරීමේ කොමිසම (International Whaling Commission)


ආරම්භ කල අතර එයද නිසි ආකාරයකින් ක්‍රියාත්මක නොවු අතර අද වන විට නිල් තල්මසුන් ඉතා දුර්ලභ සත්ව කොට්ඨාසයක් බවට පත්ව ඇත.


අන්තිමටම ආස කරන සිංදුවක් දාන්න හිතුනා
මේකත් තල්මහෙක් ගැන!
අහල අති නේ...

Tuesday, May 17, 2011

අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන දැන ගනිමු...

නමෝ බුද්ධාය !

මේ 2600 බුද්ධ ජයන්තියයි.


බුදුන් වහන්සේ නමක් චතුරාර්ය සත්‍යය අවබෝධය කරගෙන පාරමිතා පුරා බුදුබවට පත්වේ.



එම උතුම් තත්වයට පත්වීම ඉතා අපහසු කාර්යයකි.මෙතෙක් ඒ අපහසු තත්වය දිනාගෙන බුදු බවට පත්වු බුදුරජාණන් වහන්සේලා විසි අටකි.

මේ ඒ පිළිබඳවයි.

01.තණ්හංකර බුදුරජාණන් වහන්සේ
සුනන්ද පිය රජු හා මනෝනඤ මව් දේවිය මවු පදවිය ලබා උපන් තණ්හංකර බුදුරජාණන් වහන්සේ දින හතක් දුෂ්කර ක්‍රියා කොට රුක් අත්තන ගසක මුල බුදුබවට පත්විය.

02.මේධංකර බුදුරජාණන් වහන්සේ
සුදේව රජු හා යසෝධරා දේවියට මවුපියන් වු මේධංකර බුදුන් සති 02 ක් දුෂ්කර ක්‍රියා කොට කෑල නැමති බෝධි මුලයේදී බුදු බවට පත්විය.

03.සරණංකර බුදුරජාණන් වහන්සේ
සුමංගල රජු හා යසවතී දේවිය මවුපියන් වු සරණංකර බුදුරජාණන් වහන්සේ පුලිල බෝධි මුලයේදී මාසයක කාලයක් දුෂ්කර ක්‍රියා කොට බුදු බවට පත්විය.

04.දීපංකර බුදුරජාණන් වහන්සේ
සුදේව රජු හා සුමේධා දේවිය මවුපියන් වු දීපංකර බුදුරජාණන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්‍රියා කොට පුලිල බෝධි මුලයේදී බුදු බවට පත්විය.

05.කොණඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ
සුනන්ද රජුත්,රම්‍යාවති දේවියත් මවුපියන් වු කොණඩඤ්ඤ බුදුන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්‍රියා කොට සල් ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.

06.මංගල බුදුරජාණන් වහන්සේ
මංගල බුදුන් වහන්සේ මාස 08 ක් දුෂ්කර ක්‍රියා කොට නා ගස් සෙවණකදී බුදුබවට පත්විය.උත්තර රජු හා උත්තර දේවිය මවුපියන් විය.

07.සුමන බුදුරජාණන් වහන්සේ
සුදත්ත රජු හා සිරිමා බිසව මව්පියන් වු සුමන බුදුරජාණන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්‍රියා කොට නා ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.

08.රේවත බුදුරජාණන් වහන්සේ
විපුල රජු හා විපුල බිසව මව්පියන් වු රේවත බුදුරජාණන් වහන්සේ මාස07ක් දුෂ්කර ක්‍රියා කොට නා ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.

09.සෝභිත බුදුරජාණන් වහන්සේ
සෝභිත බුදුරජාණන් වහන්සේ සතියක කාලයක් දුෂ්කර ක්‍රියා කොට නා ගසක මුල බුදු බවට පත්විය.සුධම්ම රජු හා සුධම්ම දේවිය මව්පියන් විය.

10.අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ
යසවන්න රජු හා යශෝධරා දේවිය මවුපියන් වු අනෝමදස්සී බුදුන් වහන්සේ මාසයක් දුෂ්කර ක්‍රියා කොට කුඹුක් ගස සෙවණේදී බුදු බවට පත්විය.

11.පදුම බුදුරජාණන් වහන්සේ
සුදේව රජු හා අනෝමා දේවිය මව්පියන් වු පදුම බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්‍රියා කොට මුරුත බෝධි මුලයේදී බුදුබවට පත්විය.

12.නාරද බුදුරජාණන් වහන්සේ
මුරුත බෝධි මුලයේදී බුදුබවට පත්විය.

13.පදුමුත්තර බුදුරජාණන් වහන්සේ
කිරිපලු ගසක යට බුදුබවට පත්වු පදුමුත්තර බුදුන් වහන්සේ සතියක් දුෂ්කරක්‍රියා කොට ඇත.සුජාතා දේවිය හා ආනන්ද රජු මව්පියන් වේ.

14.සුමේධ බුදුරජාණන් වහන්සේ
බක්මී ගසක් සෙවණේ බුදු බව ලැබු මාස 08 ක් දුෂ්කරක්‍රියා කලේ සුමේධ බුදුන් වහන්සේයි.එම හිමියන්ගේ මව්පියන් වුයේ සුමන දේවිය හා සුදත්ත රජතුමාය.

15.සුජාත බුදුරජාණන් වහන්සේ
උද්ගත රජු හා ප්‍රභාවති දේවිය මවුපියන් වු සුජාත බුදුන් වහන්සේ මාස 10ක් දුෂ්කර ක්‍රියා කොට හුණ ගසක සෙවණේ බුදු බවට පත්විය.

16.පියදස්සී බුදුරජාණන් වහන්සේ
සුදත්ත රජු හා සුවේන්ද්‍ර බිසව දෙමාපියන් වු පියදස්සී බුදුන් වහන්සේ මාසයක කාලයක් දුෂ්කර ක්‍රියා කරමින් කුඹුක් සෙවණකදී බුදුබවට පත්විය.

17.අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ
සපුගසක සෙවණේ මාස 08 ක් දුෂ්කරක්‍රියා කොට අත්ථදස්සී බුදුන් වහන්සේ බුදු බවට පත්විය.දෙමාපියන් සාගර රජු හා සුදර්ශණා දේවිය වේ.

18.ධම්මදස්සි බුදුරජාණන් වහන්සේ
සුනන්ද දේවිය හා සරණ රජු මව්පියන් වු ධම්මදස්සි බුදු හිමි ධම්මදස්සි බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්‍රියා කොට කරවි ගසක් යට බුදු බවට පත්විය.

19.සිදුහත් බුදුරජාණන් වහන්සේ
කිණිහිර බෝධිය කර ගෙන සිදුහත් බුදු හිමි බුදු බව ලැබු අතර මාස 10ක් දුෂ්කර ක්‍රියා කොට ඇත.පියා උදේනි රජුද, මව සුප්පා බිසව විය.

20.තිස්ස බුදුරජාණන් වහන්සේ
කොහොඹ ගසක මුලයේ බුදුබව ලැබු තිස්ස බුදුරජුන් මාස 08 ක් දුෂ්කර ක්‍රියා කොට ඇත. එම හිමියන්ගේ මව්පියන් වුයේ පදුමා දේවිය හා ජනසන්ධ රජතුමාය.


21.ඵුස්ස බුදුරජාණන් වහන්සේ
ඵුස්ස බුදුන් වහන්සේ මාස 06 ක් දුෂ්කර ක්‍රියා කොට නෙල්ලි ගසක සෙවනේ බුදු බවට පත්විය. එම හිමියන්ගේ මව්පියන් වුයේ සිරිමා දේවිය හා ජයසේන රජතුමාය.

22.විපස්සි බුදුරජාණන් වහන්සේ
පලොල් ගසක සෙවණේ මාස 08 ක් දුෂ්කරක්‍රියා කොට විපස්සි බුදුන් වහන්සේ බුදු බවට පත්විය. මාපියන් වුයේ මදුමති දේවිය හා බන්දුන්තු රජතුමායි.

23.සිඛි බුදුරජාණන් වහන්සේ
අඹ ගසක සෙවණේ මාස 08 ක් දුෂ්කරක්‍රියා කොට සිඩ් නම් බුදුන්වහන්සේ බුදු බවට පත්විය. එම හිමියන්ගේ මව්පියන් වුයේ ප්‍රභාවති දේවිය හා අරුණවන්තු රජතුමාය.

24.වෙස්සභු බුදුරජාණන් වහන්සේ
සල් ගසක සෙවනේ බුදු බව ලබා ගත් වෙස්සභු බුදුන් වහන්සේ මාස 06 ක කාලයක් දුෂ්කර ක්‍රියා කොට ඇත. මාපියන් වුයේ යසවති බිසවත් හා සුප්පාසික රජතුමායි.

25.කකුසඳ බුදුරජාණන් වහන්සේ
කකුසඳ බුදුන් වහන්සේ මාස 10ක් දුෂ්කරක්‍රියා කොට බක් ගසක සෙවණේ බුද බව ලබාගත්තේය.ඛේම පියරජුත්,විශාකා දේවියත් මව්පියන් විය.

26.කෝණාගම බුදුරජාණන් වහන්සේ
දිඹුල් ගසක සෙවණේ බුදු බව ලැබු කෝණාගම බුදුන් වහන්සේ මාස 06ක් දුෂ්කර ක්‍රියා කරන ලදි.මව උත්තරා දේවියද, පියා යඤ්ඤදත්ත රජු ද විය.

27.කස්සප බුදුරජාණන් වහන්සේ
ධනවති දේවියත්,බ්‍රහ්මදත්ත රජු දෙමව්පියන් වු කස්සප බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්‍රියා කොට නුග සෙවණකදි බුදු බවට පත්විය.

28.ගෞතම බුදුරජාණන් වහන්සේ
මහාමායා දේවියත් සුදෝවුන් රජුත් දෙමව්පියන් වු ගෞතම බුදුන් වහන්සේ අවුරුදු 06 ක් දුෂ්කර ක්‍රියා කොට ඇසතු බෝධි මුලයේ දී බුදුබවට පත්විය.

මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඇතුළුව බුදුවරයන් වහන්සේ විසි නව දෙනෙක් වේ...

චාමිකගේ බ්ලොග් එක
බලන හැමෝටම

පින්බර සිතුවිලි වලින් සිත් පිරී ඉතිරෙන
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා…!
කියලා ප්‍රාර්ථනා කරනවා!


පොත පතින් උපුටා ගන්නා ලදි.

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??