Pages

Tuesday, June 7, 2011

මයිකල් අයියගේ Dell කොම්පැණිය... Let's know about Dell Computers...

මයිකල් අයියගේ Dell කොම්පැණිය...


මාතෘකාව එහේම තිබුනට කියන්න නම් යන්නේ අපි කන්න ගන්න දෙල් ගැන නම් නෙවේ..
මේ උනන්දුවෙන් දියුණු වෙච්ච අපි කවුරුත් දන්න Dell පරිගණකයේ නොදන්නා
ඉතිහාසය ගැනයි ඒකේ අයිතිකාරයා ගැන තමා!...
හරිම සිත්ගන්නා සුළුයි..
කියවලා බලන්න අදසක් දාලාම යන්න කියලාත් ඉල්ලා සිටිනවා...



අවුරුදු 19 ක් වෙච්ච මයිකල් ඩෙල් 1984 හිටියේ ඇමරිකාවේ ඔස්ටින් හි ටෙක්සාස් සරසවියේ ඉගෙන ගනිමින්..මෙහේම ඉන්න ගමන් ඔහු නැවතිලා හිටපු පොඩි කාමරේ ඉදගෙන හැදුවා කෑලි එකතු කරලා පරිගණක..

ඔහුගේ කාමරය පසු කලෙක..


ඒ හදපුවා එකල ජනප්‍රිය වෙච්ච IBM පරිගණකයේ තත්වයටම සාදමින් කැලි එකලස් කරමින් අඩු මුදලකට විකීණිම කල අතර එය බොහෝ දෙනා අතර ජනප්‍රිය වීමත් සමඟම මයිකල් ඩෙල් ඩොලර් 1000ක් යොදමින්
PC’s Limited නමින් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කලා..

විශ්ව විද්‍යාලයෙන් අයින් වුනු ඩෙල් තමාගේ පවුලේ සහයෝගයෙන් තවත් ඩොලර් 300,000ක් වියදම් කරමින් මේ ව්‍යාපාරය වැඩිදියුණු කලා..

1985 දි ටර්බෝ පීසී Turbo PC නමින් දියුණු කරන ලද පරිගණකයක් මයිකල් ඩෙල් විසින් ඇමරිකානු ඩොලර් 8000 අඩුවෙන් විකුණන්නට පටන් ගත්තා..
ඒ තුල Intel 8088 ප්‍රොසෙසරයක් ඇති 8MHz වේගයෙන් වැඩකරන පරිගණකයක් වුනා.
එකල ඉතා උසස් තත්වයේ පරිගණකයක් විය.

Turbo PC නමින් දියුණු කරන ලද පරිගණකය


කෙලින්ම පරිගණකයක් මිලදී ගන්නවාට වඩා තමාට උවමනා කරන ආකාරයේ අතේ ඇති මුදලට පරිගණක සාදා ගත හැකි නිසාම මයිකල් ඩෙල්ගේ PC’s Limitedහි ආදායම ඉතා ඉහල ගිය අතර ආදායම 1985 දි ඩොලර් මිලියන 73 වුනා.

ටර්බෝ පීසී Turbo PC පරිගණකය හා ඩෙල්



PC’s Limited ආයතනයේ ලාංජනය
හා මයිකල් ඩෙල් ගේ අත්සන



1988 දි මයිකල් ඔහුගේ PC’s Limited ආයතනයේ නම Dell ලෙස වෙනස් කලා.
රටවල් 34 සේවා සපයන විශාල ප්‍රමාණයේ ආයතනයක් බවට පත් කලා..
අද වන විට 96,000 ක පිරිසක් සේවය කරන අතර ඇමරිකාවේ
අය පමණක් 22,000 පමණ වෙනවා.



ඩෙල් සමාගමේ මුලස්ථානය



1990 දි ආයතන වලට පමණක් පරිගණක විකිණිමට
පමණක් ඩෙල් ආයතනය පටන් ගත් අතර එමගින් පාඩු සිදුවීමත්
එක්කම නැවත පරණ ආකාරයට විකිණිමේ කටයුතු කරන ලදි.

1996 දි ඩෙල් සමාගම තම වෙබ් අඩවිය ආරම්භ කල අතර එය මගින් තම ආයතනයේ නිෂ්පාදන දැක බලා ගැනීමටත් , අවශ්‍ය නම් නිවසට
ගෙන්වා ගැනීමටත් හැකියාව සකසා දෙන ලදි.



2002 දී ඔවුන්ගේ ආදායම ඩොලර් බිලියන 25 ක් විය.
එම වසරේම ඔවුන් වෙනත් ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ නිෂ්පාදනය හා
වෙලදාම පටන් ගන්න ලදි.දැන් ඩෙල් ප්‍රින්ටර්ස්, LCD ටිවී ආදියද ඔවුන් සතුව ඇත.



මුල් අවුරුදු 20 තුලදීම ඉතා දියුණුම හා ජයග්‍රාහී ව්‍යාපාරය ලෙස
ලොව තුල පුදුමය ඇති කලා.
මේ ජයග්‍රහණය ගැන මයිකල් ඩෙල් 1999 දි පොතක් ලියු අතර
එය වඩාත් විකිනී ඇති පොතක් ලෙසද දැක්වේ.

Direct from Dell: Strategies That Revolutionized the Industry.
යන්නයි.


1999 දි තම බිරිඳ සුසාන් සමග Dell Foundation නම් ආයතනය



ඇරඹු ඔහු පෞද්ගලිකව ආධාර වැඩසටහන් සඳහා තම මුදල් පරිත්‍යාග කරන ලදි.
2004 සුනාමි ව්‍යසනයේදීද ආධාර කල ඔහු, 2006 දි ටෙක්සාස් හි තමා ඉගෙනගත්
සරසවියට ඇ.ඩො.මිලියන 50 පරිත්‍යාග කරන ලදි.

2011 වන විට ලොව 44 වැනි කෝටිපතියා ලෙස
ඩෙල්ගේ වත්කම ඇ.ඩො.බිලියන 14.6 කි.

1965 පෙබරවාරි 23 උපන් ඔහුට වයස අවු 46 වෙනවා!

විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න අවශ්‍ය වියදම සොයා ගැනීමට තම පොඩි කාමරයේ කම්පියුටර් හදපු මයිකල් ඩෙල් කඩේ 2011 වෙනවිට ලෝකයේ 44 වැනි කෝටිපතියා වගේම ලෝකයේ ලොකුම පරිගණක විකුණන ආයතනය වීමත් පුදුමයි නේද??

9 comments:

  1. he is superb. people born with a lot of potential but how few realize that.are you sure this is right? බොහෝ දෙනා අතර ජනප්‍රිය වීමත් සමඟම මයිකල් ඩෙල් ඩොලර් 1000ක් යොදමින්
    PC’s Limited නමින් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කලා.. 10000 Dollars?

    ReplyDelete
  2. @tharidu - its true. not $10000
    only $1000. i got this info from web.
    here the link U can see it!
    http://content.dell.com/us/en/corp/d/bios/michael-dell-bio.aspx
    thnx :)

    ReplyDelete
  3. අපෙත් කොලුවෙක් ඉන්නව...කෑලි අහුල අහුල අලුත් වැඩ කරන...ඒයත් දවසක හොද වැඩ කාරයෙක් වෙන හැඩය්....
    සුභ පැතුම්.........

    ReplyDelete
  4. nangita lap ekak ganna oona..hitha hitha hitiye mokak gannawada kiyala..meka baluwama hithne malli Dell ekak hoday kiyala..mokada pelapatha hoda bawa peena nisa..thanks...

    ReplyDelete
  5. මමත් දනවා දෙල් කියල කොම්ලැනියක්...මමත් පොසත් වෙයිද...නම හොදද...

    ReplyDelete
  6. DELL ලොක්ක තාම ජීවත්ව ඉන්නවා කියලත් දන ගත්තේ දැනුයි . . . එල කිරි වැඩක් අයියා

    ReplyDelete
  7. කොහොමහරි කෑලි හොයාගෙන අපට අප නොදන්නා තොරතුරු ලබාදෙන ඇ පුංචි චාමිකත් කවද හරි මොනවා නැතත් දැනීමෙන් හරි පොහොසතෙක් වෙනවාමයි.ස්තූතියි,චාමික.

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??