Pages

Monday, May 9, 2011

පෙම්බර්ටන්ගේ ප්‍රංශ වයින් කොකා හෙවත් අපේ කාලයේ කොකා කෝලා ......





ලෝගෝ එක දැක්ක ගමන් කොකා කෝලා කියාලා ඉතින් දැනුම් තේරුම් තියෙන පොඩි එකෙක් මනුස්සයෙක් මේ නම නොදන්න කෙනෙක් නැ කියලායි මට හිතෙන්නේ...
මොකද ඒ තරමටම මේ කොකා කෝලා අපේ ජිවිත වල තියෙනවා!




ඉතින් මට හිතුනා දාන්න කොහෝම ද, කවදාද මේ කොකා කෝලා ලෝකේට ආවේ කියාලා!
ඉංග්‍රිසී ලිපියක් සිංහලට හරවලා තමා දැම්මේ...
දිගට තිබුනත් අවශ්‍ය දේ පමණක් මම මේකට දැම්මා!

වැදගත් වේවි කියාලත් හිතෙන නිසා....
මේ කොකා කෝලා හැදිච්ච හැටි
කියවලා බලලා ඔයාලගේ අදහස් අනිවාර්යයෙන් ම දාලා යන්න!


ඇමරිකාවේ ජෝර්ජියා හි ඇට්ලන්ටා වල හිටපු දොස්තර ජෝන් පෙම්බර්ටන් මහත්තයා
1886 මැයි 08 මාසයේ කොකා කෝලා සොයා ගත්තා බෙහෙත් ශාලාවක...
ජැකොබ් බෙහෙත් ශාලාවයි....
දොස්තර ජෝන් පෙම්බර්ටන්


ඔහුගේ මේ බීම වලට අන්තර්ගත කරන සාන්ද්‍රණය අත්හදා බැලුවේ තඹ කේතලයකින් මේ බෙහෙත් ශාලාවේ තමන්ගේ කාර්යාලයේ පිටුපස තමා...
ඉතින් මෙහේම හදපු මේ බීම ජාතියට නම දුන්නේ
ඔහුගේ පොත් තබන්නා වු
පැන්ක් රොබින්සන් තමා......
පැන්ක් රොබින්සන්


ඔහුගේම ජැකොබ් බෙහෙත් ශාලාවේ ප්‍රථම වරට
කොකා කෝලා අලෙවි වුයේ අ.ඩො.සත 05 ටය.
ඒ දෙහි කුරුදු හා කොකා කොල හා බ්‍රසීල ඉතා කුඩා ගසක කරල් වගයක්
එකට මිශ්‍ර කර සාදා ගත් සාන්ද්‍රණයකින්.
පසුව එයට කාබනේට් ජලයද එකතු කර අද ඇති කෝකා කෝලා සාදන ලදි.


1986 වන විට ඇට්ලන්ටාවේ තිබු නිතියක් අනුව ඔහුට මෙහි නම වෙනස් කිරීමට සිදුවු අතර ඔහු නැවතත් මෙහි අන්තර්ගතය ඔහු සතුව හිසේ කැක්කුමකට දෙනු ලබන
ටොනික් එකක්ද එකතු කර
“පෙම්බර්ටන්ගේ ප්‍රංශ වයින් කොකා“
ලෙස වෙනස් කලා ඒක මෙකල බෙහෙත් සපයන්නන් අතර ඉතා ජනප්‍රිය විය..
විශේෂයෙන් එය මහන්සිය නැති කරන පානයක් ලෙසත් ජනප්‍රිය වුනා..


එකල “පෙම්බර්ටන්ගේ ප්‍රංශ වයින් කොකා“ පුවත්පතක දැන්වීමක්!


1886 දි ප්‍රංශ වයින් කොකා ගැලුම් 25 දිනකට විකුණු පෙම්බර්ටන් මේ බීම ව්‍යාපාරයට ඩොලර් 76.96 වියදම් කලත් ලැබි තිබුනේ ඩොලර් 50 ක් වු අතර ඔහුගේ අයහපත් වු රෝගී තත්වයත් සමග ඔහු මේ සාන්ද්‍රණය හා සමාගම හෙවත් ජැකොබ් බෙහෙත් ශාලාව ඩොලර් 2300 කට
අසා ගිග්ලර් කැන්ඩ්සර් නැමත්තාට විකුණා දැමු අතර
පෙම්බර්ටන් මහතා 1888 දි මිය ගියේය.


අසා ගිග්ලර් කැන්ඩ්සර්

කැන්ඩ්සර් විශාල ලෙස මේ සමාගම දියුණු තත්වයට පත් කල අතර 1899 දි ඔහු මෙතෙක් කල් කෝප්ප වලට දමා විකුණු කොකා කෝලා බෝතල් ලෙස විකිණිම ආරම්භ කල අතර
1915 දි දැනට කෝකා කෝලා සදහාම ආවේනික වු බෝතලය
Root Glass company ය මගින් සාදන ලදි.

1915 දී නිපද වු කොකා කොලා බෝතලය


1899 සිට මේ දක්වා බොතල් වෙනස් වෙච්ච හැටි....


1930 දි රේඩියෝ වේද, 1950 දී රූපවාහිනියේ ද ප්‍රචාර ගෙන යාම අරම්භ කර අද වන විට ඩොලර් බිලියන 50 ක් ඇති රටවල් 195 තම නිෂ්පාදනය සලසන ලොව විශාලම ආයතනයක් බවට පත්ව ඇත....
වසරකට ඔවුන් දැන්වීම් සඳහා ඩොලර් මිලියන ගණනක් වියදම් කරන අතර විවිධ රටවලට ආවේණිකව හා හැම රටකටම ආවේණිකව ද සකස් කරනු ලැබේ..

1996 දි ඔලිම්පික් ක්‍රිඩා උලෙළ පැවතියේ කොකා කෝලා උපන් නගරය වු ඇට්ලන්ටාවේදීය.
කෝකා කෝලා සමාගම පාසල් ශිෂ්‍යත්ව ආදි ලෝක ජනයාට වැදගත් වු දේද ඉටුකරයි.කෝකා කෝලා සමාගමේ අතිතයේ දැ සියල්ල ඇට්ලන්ටාවේ ඇති

visit the World of Coke in Atlanta
ස්ථානයේදී දැක ගත හැකිය.







මේ තිබෙන්නේ 1886 න් පසුව කොකා කෝලා ජනප්‍රියතාව සඳහා යොදා ගන්නා ලද පැරණි දැන්විම් කිහිපයක්!










කාලෙන් කාලෙට කොකා කෝලා වල ශීර්ෂ පාටයත් වෙනස් වෙනවා!
මේ බලන්න....

1929 - "The pause that refreshes"

1938 - "The best friend thirst ever had"

1942 - "The only thing like coca cola IS coca cola"

1945 - "Passport to refreshment"

1979 "Have a coke and have a smile"

2001 - "Life tastes good"

2006 - "The coke side of life"

2009 - Open happiness

මේ තියෙන්නේ නම් කෝකා කෝලා ලාංජනයන් වෙනස් වෙචිච හැටි...




කොකා කෝලා ‍Font 01



මෙතනින් ගන්න



පෙම්බර්ටන් මෙහෙම තමා කොකාකෝලා
හොයා ගත්තේ



දැන් නම් මේක ලෝකේටම කොච්චර ආවේනිකද නේද??
මොන බීම කොයි විදියට ගැහුවත් කොකා කෝලා වලට නම් ගහන්න ලැබෙන එකක් නැ කියාලයි මට හිතෙන්නේ!
මොකද කියන්නේ???

ලස්සන කොක් ඇඩ් එකක් දෙකක්!!




11 comments:

  1. පාර පාර චාමික..ඔහොම්මම කරගෙන යමු....එලකිරි තමයි........:-)

    ReplyDelete
  2. නියම ලිපිය කොකා කෝල ගැන මේ දේවල් දැනගෙන හිටියෙ නැ .

    ReplyDelete
  3. යකෝ මෙච්චර මෙවා බීල තියනවා මෙහෙම එකක් දන්නැනෙ .නියමයි ! නියම ලිපියක් ලස්සනට කරුනු ගලපලා ලියලා තියනවා.

    ReplyDelete
  4. නියම ලිපි ටික මචන්,දිගටම කරගෙන පලයන්.ගුඩ් ලක් මචන්!!!

    ReplyDelete
  5. melo wadak nathi beemak unath dala thiyena deewala watinawa...

    ReplyDelete
  6. thanks a lot for ur comments!
    ස්තුතියි හැමෝටම දිරිගැන්වීමට
    ..තවත් හොද දේ දාන්න බලාපොරොත්තු වෙනවා!
    ඉඩ තියෙන වෙලාවට ඇවිත් බලලා යන්න..

    ReplyDelete
  7. එල කිරි මචන්.. තව හොදට කරපන්..

    ReplyDelete
  8. mama nowaradawama balana Blog ekak meka...loke pawathmak thiyenne hamoma karana de karana minissunta newei....hamoma karana deta wada wenas deyak karana wenas minissunta....obata suba gaman....api wenuwen mahansi wunata nodhanna dewal kiyala dunnata uththamachara....!

    ReplyDelete
  9. ammapa machan ubata mahacharya pattamaka denna one. aththatama niyamai machan. wadi wadiyen liyanna shakthiya labewa

    ReplyDelete
  10. මෙච්චරකල් බිව්ව විතරයි.. අදයි විස්තරේ දැනගත්තේ... කියල වැඩක් නෑ....... දිගටම කරගෙන යන්න..... සුභ පැතුම්....

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??