Pages

Friday, April 29, 2011

රජ මගුල හා නොකල යුතු දස පනත....


බ්‍රිතාන්‍ය විලියම් කුමරුගේ විවාහයට සියල්ල සුදානම් කර හමාරයි...
මේ උත්සවයට මාලිගාව, දේවස්ථානය සැරසීමට අමතරව මහා මාර්ගද සරසා...,
බ්‍රිතාන්‍ය ජනතාවද ලක ලහැස්ති වෙනවා!

තව දෙයක් තමා විවාහයට පස්සේ කේට් ට නොකර ඉන්න වෙන වැඩ 10 කුත් තියෙනවා!
රජ පවුලට එක්වු කේට් ට අත්හැරීමට සිදුවන දෑ දහයකි....
ඒවා වින්ඩ්සර් රජ පවුලේ පැවත ආ සිරිත් විරිත් වේ..

01 . “කේට් “ යන නාම භාවිතා කල නොහැකි අතර ඇයගේ නිල නාමය “ ප්‍රින්සස් විලියම් ඔෆ් වේල්ස් “ යන්න වේ..කැතරින් යන පාවිච්චි කල හැකි වුවත් කේට් යන්න භාවිත කල නොහැක.

02 . ජන්දය ප්‍රකාශ කිරිමට නොහැකිය.
රජ පවුලේ අයට ජන්ද අයිතිය හිමි නමුත් ඔවුන් එය නොසලකා කිසිදු පක්ෂයකට ගැති නොවී සිටියි.

03 . දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටින්නට නොහැකිය.

04. විවේචන වලට ලක්වීම් ඉවසා දරා සිටීමට සිදුවේ.

05 . නත්තල් සමයේ ජනප්‍රිය ක්‍රිඩාවක් වන මොනොපොලි ක්‍රීඩාව තහනම් වේ. ඒ රජ පවුලේ අයට එය තහනම් කොට ඇති නිසායි.

06. මතභේද වලට ඉඩ දෙන කිසිවක් කිරිම හා කියා සිටීම නොකල යුතුය.රජ පවුල ගැන හා තමන් ගැන රජකුමරු ගැන විස්තර හෙලි කිරීම නොකල යුතු දැ ඇතුලත්ය.

07 . කවච මාලුන් ...එනම් ඉස්සන්,පොකිරිස්සන්, බෙල්ලන් ආදිය ආහාරයට ගැනීමට නොහැක.

08 . රැකියාවක් කිරිමට නොහැකිය.

09 . නිල වශයෙන් නොවන කිසිවකට අත්සන් කිරිමට අවසර නැත.

10 . කෑම කෑමේදී ඉක්මන් විය යුතුය. ඒ බ්‍රිතාන්‍ය මාලිගාවේදී මහ රුජිණ හා එකම මේසයක ආහාර ගැනීමට සිදුවුවහොත්... මහ රුජිණ කෑම නැවත්තු විට සියලු දෙනාම කෑම අනුභවය නැවැත්විය යුතු නිසාය.


මේ විවාහයට පැමිණීමට ආරාධනා ලැබු අය ගැන කෙටි සටහනක්!

බලන්න ඔයාලත් අදුනන අය ඉන්නවාද කියලා!


විවාහයට ආරාධනා ලැබුවන් අතර ඩේවිඩ් බෙකම් ,එල්ටන් ජෝන්,
මිස්ටර් බීන් හෙවත් රෝවාන් ඇට්කින්සන්,


ගායකයකු වන කන්යේ වෙස්ට්...බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්,
උප අගමැති තික් ක්ලේග්..හා රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයන් 200ක්...
විලියම්ගේ රාජකීය ගුවන් හමුදාවේ මිතුරන් 30 ක් වගේම කේට් තම ගමේ ලිපි බෙදන්නාටත්,කිරි ගෙන එන්නාටත්,පත්තර මිලදි ගන්නා කඩේ මුදලාලිටත් ආරාධනා කරලා....


විලියම්ගේ හා කේට් ගේ ආදර කතා වලට පැටලුන අයටත් ආරාධනා ලැබී අතර ඉන් 04 දෙනෙක් විලියම් කුමාරයාගේ පැරණි පෙම්වතියන්ද,දෙදෙනෙකු කේට් ගේ පෙම්වතුන් ද වෙනවා!
මෙක්සිකානු තනාපති කාර්යාලයේ ඉස්සරහාට වී දින 10 ක් තමාට ආරාධනාවක් දෙන්නැයි උද්ඝෝෂණයක නිරතව සිටි අවුරුදු 19 ක් වු එස්ටිබලට් චාවේස්ට හිස් අතින් ගෙදර යාමට සිදුවුනා!

මේ අතර කාම්බෝජ රජු තමා යොදා ගත් වෙනත් වැඩ නිසා විවාහයට නොපැමිණෙන බව දන්වලා!

මේ විලියම් යුවලගේ විවාහයට සුදානම් වන අය නිපදවපු විශේෂ ම මතක සටහන් හා සැරසිලි.....












Monday, April 25, 2011

Royal wedding හෙවත් අවුරුදු 30 කට පසුව රාජකීය මංගල්‍යය

විලියම් හා කේට් යුවලගේ රාජකීය මංගල්‍යයට එංගලන්තය මේ වන විට සියල්ල සුදානම් කරමින් පවතිනවා.


මාර්ග සරසමින් පෙර පුහුණුවීම්, ආහාර පාන සාදමින් මේ වන විට ඉතාම යුහුසුළුව සිදුවන බව අපිට දකින්නට පුළුවන්!

මේ ඒ පිළිබඳ තවත් තොරතුරු ටිකක්..
තොරතුරු අන්තර්ජාලයෙන් තමා සොයාගත්තේ...

කියවන්න ඒ වාගේම අදහසක් දාලා යන්න කියලත් කියනවා..


එංගලන්තයේ අවුරුදු 30 කට ආසන්න කාලයකට පසුව පැවැත්වෙන විශාලම වු රාජකීය මංගල්‍යය මෙයයි.

2011/04/29 දින මේ විවාහය, අවුරුදු 1000කට වැඩි වන ඉතිහාසයක් සහිත වු ලන්ඩනයේ පාර්ලිමේන්තුව අසල ඇති ශාන්ත පීතර වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවත්වීමට නියමිතයි.


දේවස්ථානය කරා විලියම් කුමරු 10.15 ටද, කේට් 10.51 ටද පැමිණීමට නියමිත අතර උදෑසන 11.00ට විවාහය සිදුකරනු ලබයි.
මෙය මේ දෙවස්ථානයේ පවත්වන 15 වන රාජකීය විවාහයද වේ.
තවත් විශේෂත්වයක් වන්නේ එලිසබෙත් රැජිණ හා පිලිප් කුමරුගේ විවාහයද, ඩයනා කුමරියගේ අවසන් කටයුතු සිදුකෙරුණෙත් මේ දේවස්ථානයේදීයි.


එදින දහවල් 1.35 වන විට නව යුවල බකිංහැම් මාලිගයේ සදළු තලයේ පෙනී සිටිනු ඇත.

ශාන්ත පීතර වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය හා එහි ඇතුලත 3D ආකාරයෙන්....

Click Here To see


රාජකීය මංගල්‍යය වෙනුවෙන් අප්‍රේල් 29 දින එංගලන්තයේ රජයේ නිවාඩු දිනයක් ලෙසද ප්‍රකාශ කර ඇත.


චාල්ස් හා ඩයනා විවාහයට පසුව පැවැත්වෙන්නා වු විශාලම රාජකීය විවාහය වන මෙහි උත්සව අවස්ථාවන් ලෙස විශාල පොප් සංගීතයක්,මහා මාර්ගයන්හි සාද මෙන්ම රාජකීය ගුවන් හමුදා සංදර්ශණයක්ද පැවැත්වීමට සුදානම් කර ඇත.

මාර්ග සරසා ඇති අයුරු..




විවාහයේ දී දෙවන මනමාලයා ලෙස සොහොයුරු හැරී කුමරුද, යෙහෙලිය ලෙස කේට් ගේ සොහොයුරිය පිලිපා මිඩිල්ටන් ද සිටින අතර මල් කුමර කුමරියන්ද 06 දෙනෙක් ද සහභාගි වේ.

හැරී කුමරු


පිලිපා මිඩිල්ටන්

විවාහය සඳහා වන සියලුම වියදම් පවුල් දෙකම සාමුහිකව සිදුකරන අතර එසේ කරන්නාවු මුල්ම අවස්ථාව මෙය නොවේ...
ඒ චාල්ස් ඩයනා විවාහයේදීත් මේ ආකාරයට ම සිදුකල නිසායි..
මේ සියලු කටයුතු වලට ඇ.ඩො.බිලියන 7.9ක් එනම් පවුම් බිලියන 500 ක් වියදම් කිරීමට සුදානම් වේ.


අමුත්තන් 1900 කට ආරාධනා කර ඇති අතර ඒ සඳහා බ්‍රිතාන්‍ය රජ පවුලේ 50 දෙනෙක්ද, විදේශ රජ පවුල් වල 40 දෙනෙකුද ආරාධනා ලබා ඇති අතර සම්මත වු නිතිය අනුව විදේශ රටවල නායකයන් ලෙස ආරාධනා ලබන්නේ එම නායකයින් රජ පවුලක සමාජිකයන් වෙනවා නම් පමණකි.

හත්වන එඩ්වඩ් රජු 1902 සාදන ලද අශ්ව කරත්තයෙන් විවාහ යුවල දේවස්ථානයේ සිට බකිංහැම් මාලිගාවට තෝරා ගත් මාර්ගයේ යෑම සිදුවන අතර අශ්වයින් 06 දෙනෙකු කරත්තය ඇදගෙන යාම සිදුකරයි.

එදින වැසි දිනයක් වුයේ නම් 1881 දි සැදු විදුරු කුටියකින් මේ කරත්තය ආවරණය කරනු ඇත.1911 දි පස්වන ජොර්ජ් රජුගේ පදවි ප්‍රාප්තියට මෙය යොදා ගන්නා ලදි. කරත්තයට ඉදිරියෙන් අශ්වයින් 18 ගමන් කරනු ඇත.

විවාහා පෙරහැරේ ගමන් මාර්ගය ජයාරූප හා ගුගල් 3D ආකාරයෙන්....



3D Google Map tour of the royal wedding route

click Here for You Tube

ලොව පුරා බිලියන 02 පමණ ජනතාවක් මේ රාජකීය විවාහය රූපවාහිනියෙන් නරඹනු ඇති අතර ජයාරූප මිලියන 327 පමණ ගනු ඇතැයිද බලාපොරොත්තු වේ..
මේ වන විටත් පෙරහැර යන ගමන් මග දෙපස නිවාස විවාහය නැරඹීමට පැමිණෙන අය ඉතා ඉහල මුදල් වලට වෙන්කර ගෙන ඇත.

ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය පවුම් කෝටි 02 වියදම් දරමින් පොලිස් භටයන් 5000ක් හා පොලිස් සුනඛයින් යොදා ගනිමින් ආරක්ෂාව සඳහා සියලු කටයුතු සිදුකරමින් සුදානම්ව සිටී.


කේට් මිඩ්ලේටන් රජ පවුලකින් පැවත නොයෙන අයකු නිසා විවාහයෙන් පසුව ඇය රජ කුමරියක ලෙස නොව
“ වේල්සයේ කුමරිය“ ලෙස හදුන්වනු ඇත.ඩයනා කුමරිය හැදින්වුයේද වේල්සයේ කුමරිය ලෙසයි..
රජ කුමරිය ලෙස හැදින්වීමට නම් ඇයට රජ පවුලට ලේ නෑ සබඳතාවයක් තිබිය යුතුවේ..


මහරැජිණ කේට් පවුල රජ පවුලට සම්බන්ධ කරවීම සඳහා මාලිගාවේ විශේෂ පදවි පිරිනමා ඔවුනටම විශේෂ වු ලාංජනයක් ද පිරිනමයි..
මෙහි තිබෙන්නේ එම ලාංජනයයි.


විලියම් කුමරුගේ රාජකීය ලාංජනය


දැනටමත් එක එක ආකාරයේ සිහිවටන මේ වන විටත් විලියම් හා කේට් යුවලගේ විවාහය වෙනුවෙන් නිර්මාණය කරලා...
ඒ සඳහා නිකුත් කල මුද්දර ද ඇතුලත්! මේ එයින් කිහිපයක්..








ලොව පුරා බිලියන ගණනාවක් බලා සිටින මෙම විවාහය චාල්ස් ඩයනා විවාහයේ දික්කසාදයෙන් ඇති වු අදුර මකා දමමින් බ්‍රිතාන්‍ය රජ පවුලේ විශ්මය ලොවට කියාපාන අනගිතම අවස්ථාවක් ලෙස දැක්විය හැක.


පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??