ලොව ප්‍රථම ලැප් ටොප් (Laptop ) පරිගණකය ගැන ඔබ දැන සිටියාද??




ලැප්ටොප් , නෝට් බුක්,නෙට් බුක් වගේම ස්මාට් ෆෝන්ස්, ටැබ්ලට්ස් ලෙස වු විවිධාකාර නම් වලින් හදුන්වන පරිගණක හා ෆෝන් වර්ගයන් ඇති බව අපි දැකලා අහලා තියෙනවා!


එලෙස අතෙහි රැගෙන යා හැකි පරිගණකයන් හි ඇරඹුම කොතනද කියලා
නිකමටවත් ඔබ දන්නවාද?



Osborne 01 පරිගණකය පිලිබඳ එකල පළවු දැන්වීමක්...


ම්....බොහෝ දෙනා දන්නවා ඇති අතරම නොදන්නා අයද බොහෝ විටම ඇති...


එහි ඇරඹුම වුයේ බ්‍රිතාන්‍ය ජාතික පොත් ලියන්නකු හා මෘදුකාංග ඉංජිනේරුවකු වු 1939 දි තායිලන්තයේදි ඉපදුනු Adam Osborne ගේ ලොව ප්‍රථම අතෙහි රැගෙන
යා හැකි ලෙස නිර්මාණය කල වු
Osborne 01 පරිගණකය සමඟයි.


Adam Osborne මහතා..


අන්තර්ජාලය තුලින් කරුණු හා ජයාරූප උපුටාගත්
අතර කියවලා බලලා ඔයාලගේ අදහස් එකතු කරන්න කියලත් ඉල්ලා සිටිනවා!


මිට අවුරුදු 30 පෙර එනම් 1981 අප්‍රේල් මස 03 දින ඇමරිකාවේ සැන්ෆැන්සිස්කෝ හි පැවති West Cost Computer Faire හිදි ප්‍රථම වරට අතෙහි රැගෙන යා හැකි Osborne 01 පරිගණකය
හදුන්වා දෙන ලදි.

Osborne 01 පරිගණකය


මෘදුකාංග කිහිපයක් සමඟ ප්‍රථම වරට ලබා දුන් ප්‍රථම පරිගණකය වු මෙහි Basic, Word star, හා Super Calc මෘදුකාංග
ඇතුලත් කොට තිබුනි.



4MHz Zilog Z 80 නම් වු CPU එකක්ද, Floppy Drive දෙකක්ද, 64Kවු රැම් එකක්ද, අඟල් 05 ක CRT මොනිටරයක් ඇතුලත් ව තිබුනු අතර මෙහි බර රාත්තල් 24 ක් විය...


හැඩලයක් සහිත රැගෙන යා හැකි පරිදි ප්ලාස්ටික් සුට්කේසයක් තුල මෙය ඇතුලත් කොට තිබු අතර වොට් 110 ක් වු බැටරියන් ඇතුලත් කොට තිබු බැවින් පිටින් විදුලිය සැපයිය යුතු නොවිය.


ප්ලාස්ටික් ආවරණය තුල දමා වැසු පරිගණකය..


ආවරණය ඉවත් කල පරිගණකය දිස්වන අයුරු...


අගල් 05 වු තිරය මත පේලියකට අකුරු 52 ක් දිගට ලිවිය හැකි වු අතර Arrow Key භාවිතා කොට එය අකුරු 128 දක්වා දිගට ලිවිය හැකි හා බැලීමට හැකි ආකාරයට මෙය සකසා තිබුනි. මෘදුකාංග සහිතව එහි විකුණුම් මිල වුයේ ඇමරිකානු ඩොලර් 1795 කි.


1981 දි Adam Osborne හා Lee Felsenstein හා එක්ව
OsborneComputer Corp. ලෙස පරිගණක සමාගමක්

ආරම්භ කල අතර එයින් එකල මසකට Osborne 01 පරිගණක 10,000 වඩා විකිණීමට හැකිව තිබුනි.එතරම් ඒ සඳහා ඉල්ලුම තිබුනි.


එකල පරිගණක සමාගම් වු IBM හා Compaq සමාගම් ද Dos මගින් ක්‍රියාකරන පරිගණකයන් වෙලඳ පොළට හදුන්වා දුන් අතර එමගින් Osborne 01 සඳහා වු ඉල්ලුම අඩුව යමින් තිබෙද්දි,
1983 දි OsborneComputer Corp සමාගම OsborneExecutive නම් අගල් 07 ක තිරයක් සහිත පරිගණකය හදුන්වා දෙන ලදි.


1983 සැප්තැම්බර් 13 වන දිනයේදි OsborneComputer Corp සමාගම වසාදමන ලදි.
ඒ දුර්වල ආර්ථික කළමණාකරණය නිසා බැංකු කිහිපයකටම ණය වීම හේතුවෙනි.


පරිගණකය ක්‍රියා කරන අයුරු දැක්වෙන විඩියෝවක්!
මේසය මත තබන පරිගණකයට වෙනසක් ඇති කර ලොව තාක්ෂණ පෙරලියකට ගෙන යාමේ මුලාරම්භය ලෙස Adam Osborne මහතාගේ Osborne 01 අතෙහි ගෙන යා හැකි ප්‍රථම ලැප්ටොප් පරිගණකය හදුන්වා දිම වරදක් නොවනු ඇත..



2003 මාර්තු 18 දින ඉන්දියාවේ තමිල්නාඩුවේදී එතුමා මිය යන විට වයස අවුරුදු 73 ක් තිබුනි.

මේ ඒ ගැන ඔබ දැන සිටියාද??


අදසක් එකතු කරලාම යන්න...

