Pages

Friday, March 6, 2015

ජනපති ඔබාමා එක්ක එහේට මෙහේට යන ඔබාමාගේ තිරිසනා....It's called "The Beast",The President Barack Obama's'Cadillac' !


ඔබටත් ඔබාමාගේ යුධ ටැංකියකට සමාන කරපු කාරයක් ගැන අහලා දැකලා තියෙන්න පුලුවන් පහුගිය දවස්වල අන්තර්ජාලයේ ප්‍රසිද්ධ මාතෘකාවක් වුනා... මේ ඒ ගැන විස්තරයක්...‍
ලොව ප්‍රමුඛතම ආරක්ෂ පද්ධතියට හිමිකම් කියන මේ හයිබ්‍ර්ඩ් වර්ගයේ මෝටර් රථය නිපදවා ඇත්තේ ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගම විසිනි. ඒ 2009 වසරේදීයි. චවලට් ( Chevrolet ) හා කෝඩියැක් ( Kodiak ) යන මොටර් රථ නිපදවන සමාගම් වල තාක්ෂණය එකතු කර ගෙන මෙය නිර්මණය කිරීමත් සමග එය 'Cadillac' නමින් හදුන්වන්නට වුනා.


අඩි 18 දිග අඩි 5 අගල් 10 උස,බර 6800 Kg වන මෙය නිලවශයෙන් හදුන්වන්නේ 'Cadillac 1' ලෙසයි.එය “ද බීස්ට්“ නැතිනම් “තිරිසනා“ යන අනුවර්ථ නාමයෙන්ද හදුන්වනු ලබයි. වෙනත් ලිමොසීනයන්ට වඩා ප්‍රමාණයෙන් වෙනස්වන අයුරින් නිපදවා ඇත.