1898 දී ජර්මන් බෙහෙත් නිපදවන සමාගමක් තම අලුත්ම බෙහෙත කැස්ස, ක්ෂය රෝගය නිවාරණය වෙනුවෙන් හදුන්වා දෙන ලදි. විශේෂත්වය වන්නේ අවුරුදු 100 කට වැඩි කාලයක් ගත වෙද්දී එය ලොව භයානකම මත්ද්‍රව්‍යයක් බවට පත්වීමයි. මොකක් ද මේ?? හෙරොයින් නැතිනම් සාමාන්‍ය භාෂාවෙන් නම් “ කුඩු “ ඉතා තදින් ඇබ්බැහි වන්නා වු ඇබ්බැහි වු පුද්ගලයා කුඩේ කුඩු වන මත්ද්‍රව්‍යයකි. දැක්වෙන පරිදි ලොව පුරා මිලියන 13.5 මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති අතර එයින් 9.2 ක් හෙරොයින් භාවිතා කරන බව සඳහන් වේ.

හැමදාම ලංකාවේ කුඩු ගැන ඇහුවට වර්තමානයේ විශේයෙන්ම කුඩු ගැන නිතර නිතර සඳහන් වෙන හින්දම මොනාද මේ “කුඩු“ කියලා නැත්නම් “හෙරොයින්“ කියලා හොයලා බලන්න හිතුනා.. මෙන්න චාමිකයට හොයාගත්ත විස්තර, පින්තූර... වෙනදා වගේම සියල්ලම අන්තර්ජාලයෙන් තමා! බලන්න..
දැනුවත් වෙන්න.. අන් අයත් දැනුවත් කරන්න..