Pages

Monday, October 28, 2013

හැදි,ගෑරුප්පුවෙන් කෑම කන්න ඔබට ටිකක් අවුල් වගේද? එන්න මුල සිට ඉගෙන ගන්න...(දන්න අය වුවද කම් නැත.) - Dining Etiquette Seminar - Handling Utensils & Eating Styles

ඔබ කෑම වේලක් සඳහා ප්‍රංශයට ගියහොත් ඔබට ඒ සමඟ හැදි ගෑරුප්පු හමු වේවි... ඔබ මැදපෙරදිග, ඉන්දියාව වගේ රටකට ගියොත් හැමදාම අපි කන විදිහට අතින් තමා..
එත් කොරියාව,ජපානය චීනය පැත්තට කෑම වේලකට ගියොත් පොඩ්ඩක් අමාරුයි. කන්න වෙනනේ කෝටු දෙකකින්....

ටිකක් අවුල් වගේද?
නෑ... කියන්න යන්නේ අනා නොගෙන කෑම කන විදිහ ගැනයි. හැබැයි අතින් නොවෙයි...
වර්තමාන ගෝලීයකරණ ආර්ථිකයත් සමඟ දස දෙස විහිදීයන චාරිත්‍ර අතර හැදි ගෑරුප්පු භාවිතයෙන් ආහාර ගැනීම,භාවිතය ඉතා සුලභ වී ඇත.වර්තමානයේ ප්‍රියසම්භාෂණ,රාජකාරි උත්සව,මගුල් ගෙවල් වලදී ඔබත් මේ අත්දැකීම ලබා ඇති. එලෙසම දැන් එය හුරු පුරුදු වුවත් නුපුරුදු වු අවස්ථාවක් ඔබටත් දැනී ඇති.


“ඉසව්වේ“ මේ උත්සාහය හැදි ගෑරුපුප්පුවේ නිවැරදිව භාවිතය පිළිබඳ හා එහි නිතී රීති පිළිබඳ රූප සටහන් මගින් පොඩි දැනුවත් කිරීමක් කරන්නයි. එමගින් පහසුවෙන් අවබෝධ කරගන්නට හැකි වේවි.

වෙනදා වගේ තොරතුරු, ජායාරූප සියල්ලම අන්තර්ජාලයෙන්ම තමා...
සාමාන්‍යයෙන් හැදි ගැරුප්පු භාවිතයේ පිලිගත් ක්‍රම දෙකකි. එනම් American හා Continental (European) ක්‍රමයයි. මෙහිදී ගෝලීයකරණය සමඟ බොහෝම දෙනා Continental (European) හුරුවී ඇත.

මෙම ක්‍රම දෙකේදී පටන් ගන්නා ක්‍රමය වමතින් ගෑරුප්පුව හා දකුණතින් පිහිය තබා ගෙන ඇති අතර ගෑරුප්පුව මගින් සිරකරගත් ආහාරය දකුණත පිහිය මගින් කපා ගැනීමයි.
එය එසේ වුවත් භාවිතා කරන ක්‍රමයේදී වෙනසක් ඇත.



ඇමරිකානු ක්‍රමය American Style

Zig- Zag Style ලෙසද මෙය හදුන්වයි.වමතින් ගෑරුප්පුව හා දකුණතින් පිහිය තබා ගෙන ඇති අතර ගෑරුප්පුව මගින් සිරකරගත් ආහාරය දකුණත පිහිය මගින් කපා ගෙන පිහිය පිගානේ ඉහල
කෙලවර තබා වමතේ ඇති ගෑරුප්පුව දකුණතට මාරු කරගෙන අනුභව කිරීම මෙහි ප්‍රධානම වෙනසයි.(දකුනතින් ගැරුප්පුවෙන් කෑම)


අනිත් ප්‍රධානම වෙනස්කම ලෙස දැක්විය හැක්කේ “විවේක ගන්නා ආකාරයේදී උපකරන තබන අයුරුත්, අවසාන වු බව හැගවීමේදී ගෑරුප්පු දැති ඉහලට සිටින සේ දැක්වීමත් වේ.“

යුරෝපීය ක්‍රමය - Continental (European) Style

ඇමරිකානු ක්‍රමය මෙන්ම වමතින් ගෑරුප්පුව හා දකුණතින් පිහිය තබා ගෙන ඇති අතර ගෑරුප්පුව මගින් සිරකරගත් ආහාරය දකුණත පිහිය මගින් කපා ගෙන වමත ඇති ගැරූප්පුවෙන්ම අනුභව කිරීමත් එම අවස්ථාවේ දකුණතේ පිහිය එලෙසම තබා ගැනීමත් කරනු ලබයි.
(වමතට ගැරුප්පුව මාරු නොකරන අතර පිහිය එලෙසම තබා ගනී.)
තාවකාලික විවේකයකදී ගැරුප්පුවේ තුඩු ඉහලට සිටින සේ උපකරණ සකසන අතර අවසාන වු විට දී තුඩු පහලට තිබෙන සේ සකසයි.

ඔබ යම් අයකුට කෑම වේලකට ආරාධනවක් කරනවානම්, ඔබ වේලාසනම එම ස්ථානයේ සිටිය යුතු අතරම පැමිණෙන අයගේ නිලය, තනතුර,වැදගත්කම අනුව ආසන පැනවීම පිලිබඳව කලින් සිතාගෙන සිටිය යුතුවේ.



හැදි,ගෑරුප්පු පිරුණු මේසයක ඔබ වාඩිවු විට බලපාන ප්‍රධාන ගැටලුවක් වන්නේ “මොනවද මගේ ටික??“ යන්නයි. ඔබ වාඩිවු විට ඔබේ වම් අත පැත්තේ ඉහලින්ම පාන් පිඟාන හා බටර් පිහිය ඇත. විදුරු ඔබේ දකුණු පසින් ඇත.



එය මතක තබා ගැනීමට පහසු ක්‍රමයක් දක්වා ඇත. එනම් B M W ලෙසයි. කාර් එක නම් නෙවේ..
(වමත) B –Bread -------
M – Main Course (මැද) ----------
W – Water (දකුණත) ලෙසයි.





ආහාර අනුභවයට පෙර අත්පිස්නාව උකුල මත එලා ගැනීමට මතක තබා ගන්න.

ඔබ තාවකාලිකව මේසය හැර යනවානම් අත්පිස්නාව ඔබ වාඩිවු පුටුව මත තබා යන්න. එමගින් ඔබ නැවත පැමිණෙන බව වේටර්වරයා අවබෝධ කර ගන්නවා ඇති.


එය ඔබේ කට වට පමණක් පිසි දැමීමට භාවිතා කරන්න, නාසය,මුහුන පිසි දැමීමට භාවිතා නොකරන්න.



ඔබ කෑම වේල අවසන් කල පසුව එය සරලව නවා ඔබේ මේසයේ වම් පසින් තබන්න.

ව්‍යාපාරික ප්‍රිය සම්භාෂණයන් හි දී යොදා ගන්නා ආහාර වේල
Four Course – Semi formal ලෙස හදුන්වයි. එනම් පළමුව සුප්, දෙවනුව සැලඩ්, ප්‍රධාන කෑම වේල තෙවනුවද, අවසානයේ අතුරුපස ලෙසයි.


එහිදි සැලඩ් කන හැන්ද වමත පැත්තේ ප්‍රධාන පිගාන ලඟම ඇත්තේ නම් එයින් වටහා දෙන්නේ ප්‍රධාන ආහාරයට පෙර සැලඩ් එක ලබා දෙන බවයි.

සමහර ප්‍රධාන උත්සව අවස්ථවන්හී ආහාර වේල Five Course වේ. එහීදි මුලින්ම Seafood Cocktail, දෙවනුව සුප්, මාලු සැලඩ්, ප්‍රධාන කෑම වේල, අතුරුපස යන පිළිවෙල ගනී.
ප්‍රිය සම්භාෂනයන් හි තැටියක හෝ භාජනයක තබා ඇති කුඩා ප්‍රමාණයේ පාන් ඔබත් දැක ඇති. එය කෑම වේලට පෙර අනුභවය සිරිතයි.
ඔබ ළගම පාන් භාජනය ඇත්නම් ඔබ එය ඔබේ වමත සිටින පුද්ගලයාට මුලින්ම පිලිගන්වයි.ඉන්පසුව ඔබගේ දකුණු අත සිටින පුද්ගලයා හරහා පිලිවෙලින් අතින් අත දකුණු පැත්තට යවනු ලබයි.


ලබා ගත් පාන් - පාන් පිඟාන මත තබා ගෙන බටර් ආලේප කර ගනු ලබයි.
ගම්මිරිස් හා ලුණු ඔබ කිසිවෙකුට ලබා දෙනවානම් දෙකම එකවිට ලබා දෙන අතර තනි තනිව ලබා නොදේ.

ඔබ ආහාර පිලිගන්වන්නේ නම් පිලිගැන්වීම වමතින්ද, අවසන් වු පිගාන දකුණු පසින්ද රැගෙන යා යුතුය.



සුප් බීමේදී හැකිතාක් සුප් භාජනය ඔබේ ශරීරයට ඈතින් තබා ගන්න. ඔබ බෙදාගන්න ලද සුප් කෝප්පය අතර මග දමා යනවානම් හැන්ද එම භාජනයේම තැබීමටත්, සුප් බී අවසන් බව පැවසීමට හැන්ද සුප් භාජනය තබා ඇති පිගානේ දකුණ පස තබන්න.

ඔබ ගන්නා ලද අතුරුපස ඝණ හා දියර සහිත නම් වමතින් ගෑරුප්පුවද, දකුණතින් හැන්දද භාවිතා කරනු ලබයි.



ඝන දෙවල් නම් ගෑරුප්පුවද, දියර ජාති සඳහා හැන්ද ද වෙන වෙනම භාවිතා කල හැකිය. එය අවසාව බව හැගවීමට හැන්ද හා ගැරූප්පුව පිගානේ කෙලින් අතට තබන්න.

ආහාර අනුභව කරන අතරේ නොකල යුතු දෑ පහලින් බලන්න...






දැන් බලන කොට නම් අතින්ම අනාගෙන කන එක හොදයි වගේ.... ඒ වුනත් මේ ගැන දැන ගෙන ඉන්න එකත් හොදයි නේ...!

මේ ගැන ඔබ දන්න “ චාමිකයත් නොදන්න“ දේ ,අඩුපාඩු තියෙනවනම් හැමෝටම දැනගන්න අදහසක් දාලාම යන්න...

84 comments:

  1. sehenna watinawa............ :-D

    ReplyDelete
  2. මල හත් ඉලව්වයි, එතකොට මෙච්චර කල අපි කන තැන වල ඉඳපු එවුන් මේවා දන්නේ නැතුව හිටියද , නැත්තං දැනගෙන නොදන්නවා වගේ හිටියද දන්නේ නෑ. හොඳ වෙලාවට චාමිකයා ඉන්න තැන්වල කාවේ නැත්තේ ...
    සුපිරි පොස්ටුව.

    ReplyDelete
  3. ගෑරුප්පුව තබන ක්‍රම දෙකක් ඇති නිසා හොදා. උඩු අතට තිබ්බත්, යටි අතට තිබ්බත් ඇමරිකන් හෝ යුරෝපියන් කියල ශේප් වෙන්න පුලුවන් :)

    මම නම් අහුවෙන විදියට කඩාගෙන කනව බොල. නැත්තං අතින්ම දීල අදිනවා. ගැරුප්පුවෙන් කැවම දැනෙනවා හොරයි.

    හොද ලිපියක්. ස්තුති දැනුවත් කලාට !

    ReplyDelete
  4. නියමයි මිත්‍රයා........!!!

    ReplyDelete
  5. ade bmw kiwama mn hituwa car eka wenna athi kiyala hikxx ptta pata pata,,mara system bn munta thiyenne

    ReplyDelete
  6. ප්‍රයෝජනවත් ලිපියක් .

    ReplyDelete
  7. Replies
    1. adaa hena kotanna mulluwa pawichchi karana hati danagena hitiyama madai bota.

      Delete
  8. thank you so much , . . very good post . .

    ReplyDelete
  9. ගොඩක් වැදගත් ලිපියක් ,, හදිගැරුප්පු යුරෝපා ක්‍රමය තමා වැඩිපුර පාවිච්චි කරන්න උනේ ,,නොදන්න දේවල් කීපයක්ම ඉගෙනදග්ත්තා ..ස්තුතී මේවගේ ලිපියක් පලකලාට

    ReplyDelete
  10. බොහොම ස්තුතියි සනා. very important :D

    ReplyDelete
  11. දුකාගේ පිහිටෙන් ආවේ. ඉතා හොද පෝස්ට්කටුවක්. ජය වේවා..

    ReplyDelete
  12. ඔක්කොමත් හරි.... හැඳි ගෑරොප්පු වලින් බත් කන්න වෙන එක නං මහම කරුමයක්.... මං නං ඔය කොහෙ ගියත් බත් කනව නං අතිං තමා කන්නෙ... මොකද කිව්වොත් බත් කන එකේ වැදගත්කම තියෙන්නෙ අතින් කන එකේ.. ඒක අපේ මේන් කෝස් එක... සුද්දන්ට රයිස් කියන්නේ අපි වෑංජන කනවා වගේ ජාතියක් හින්ද එයාලා එහෙම කෑවට සහ ඒ විදියට හදලා තියෙන තැන් වලදි අපේ අයත් එහෙම කෑවට කමක් නෑ... ඒත් අපේ විදියට බත් හදලා තියෙන තැන් වල හැදි ගෑරොප්පු වලින් කනවා කියන්නෙ මහ මෝඩ වැඩක් කියලමයි මට හිතෙන්නෙ....

    මාත් ඔය හැඳි ගෑරොප්පු සීන් එක හරියට ඉගෙන ගත්තෙ අපේ මහත්තයගෙන්.. ඒත් තාමත් එයා තරං හොඳට බෑ... හි හි...

    ReplyDelete
  13. කාලෙකට පස්සේ අද තමා ආවේ. මම මුලින්ම ආවේ අර ඔබතුමා කෝච්චි ගැන ලියල තිබ්බ එකක් බලන්න. 2011 ද කොහෙද. අද තමා ආපහු ලින්ක් එක හම්බුනේ දේශකයාගේ පොස්ට්වුවක් හරහා.
    බුදු අම්මේ මෙව්වා කර කර ඉන්න ගියහම කන එකත් එපා වෙනවා.. මම හොස්ටල් ඉන්නකොටත් අපිට හැඳි ගෑරප්පු තමා. ඒ කාලේ කනවට වැඩිය නොකන දවස් වැඩියි. :D
    ඇත්තෙන්ම කොහේ ගියත් අතින් කන්න පුළුවන් තරමට හොඳයි තමා..

    ReplyDelete
  14. හොඳට තියෙන අත්දෙකෙන් අනාගෙන කනව තරං මොන සැපතක්ද.

    නියම ලිපියක්.

    ReplyDelete
  15. අපො මෙව මතක තියා ගන්න එකට වඩා ලෙසියි ආපහු ඇඩ්වන්ස් ලෙවල් කරන එක බොලේ
    හය හතර

    ReplyDelete
  16. අතිශය වටින පෝස්ටුවක් මලයා

    ReplyDelete
  17. මේක වටිනවා බොලේ බලමුකෝ ඔහොමවත් කාලා

    ReplyDelete
  18. මතක ඇතුව මගේ ඊළග යුරෝපා අමරිකා සවාරියට අත් දෙක අරං යන්න ඕනි..නැත්තං කාල හමාරයි.

    ReplyDelete
  19. elazzzzzzzzzzzzzzzzzz machoooooooooooooo

    ReplyDelete
  20. elzzzzzzzzzzzzzzzzzzzzzzz machooooooooooo

    ReplyDelete
  21. අත හොඳා...මේවා මතක හිටින්නැහනේ...ලියාගෙන යන්න වෙනවා....

    ReplyDelete
  22. chamikaya meka nam pattai mchn..thanks ahh...!!! good luck mchn....!!!

    ReplyDelete
  23. අපි ගොඩක් වෙලාවට පටල ගන්න දේ මේකනේ.. මටත් ඉතාලි ආවට පස්සේ තමයි ඕක හරියට හුරු වුනේ..

    ReplyDelete
  24. සුප් එකේ අන්තිම ටික ගන්නෙ bowl එක ඉස්සරහට ඇල කරල... :)

    ReplyDelete
  25. Saho mama adamay oyage blog ekata awe oyage post ekanam supiri godak deval dana gatta

    ReplyDelete
  26. ලිපිය නම් හොදයි..ඒත් සමහර තැන් වල පින්තූරේ තියෙන දේ ලියලා තියෙන දේ එක්ක පරස්පරයි වගේ නේද???

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පෙන්වලා දුන්නට!! ටයිප් කරද්දී වැරදිලා...මම වැරද්ද නිවැරදි කලා...... :) ස්තුතීයි!!

      Delete
  27. A social service.....................

    ReplyDelete
  28. බොහොම වටිනා ලිපියක් සහෝ.........

    ReplyDelete
  29. මේවා වලින් කැවට ඇගට අල්ලන්නේ නැ නේද?
    පුදුම දුකක් විදින්න වෙන්නේ මෙහෙම කනකොට.... සිංහල කැම නම් මෙහෙම කනකොට පිස්සු හැදෙයි...!

    ReplyDelete
  30. වටිනා පොස්ට් එකක් .........

    ReplyDelete
  31. It's really impotent to know that....thanks,

    ReplyDelete
  32. Very informative. One clarification please. You say the serviette should be placed on Right (dakuna) but the picture shows it in Left (Wama). Please clarify. Very good article. thanks

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පෙන්වලා දුන්නට!! ටයිප් කරද්දී වැරදිලා...මම වැරද්ද නිවැරදි කලා...... :) ස්තුතීයි!!

      Delete
  33. හැන්දෙන් ගෑරුප්පුවෙන් කිව්වට පිහියෙන් ගෑරුප්පුවෙන් කන විදිහනෙ තියෙන්නෙ. ලොල් පොඩි විහිලුවක් කලේ. අපි වගෙ ගොඩයන්ට එල පෝස්ට් එක. බොහොම තෑන්ක්ස් වේවා!

    ReplyDelete
  34. අද කාලෙට ඔබින බොහෝම වැදගත් පෝස්‍ටුවක්... බොහොම අගෙයි

    ReplyDelete
  35. ප්‍රයෝජනවත් ලිපියක්. මාත් මේටික හොය හොය හිටියේ
    බෝහෝම ස්තුතියි

    ReplyDelete
  36. Ok It's Excellent... Thank very much... very good training also..

    ReplyDelete
  37. machan honda post ekek. mage foreign yaluvo vagayak english translation eka illuva. hakinam laba denna

    ReplyDelete
  38. මෙ පින්තුර එකකවත් කෑම කන හැන්ද නෑනෙ? සුප් හැන්ද විතරය් තියෙන්නෙ :S

    ReplyDelete
  39. අපි වගේ මේසන්බාස්ලාටනම් මේවයේ ගැටළු නැහැ. (මොකද හැන්ද පාවිච්චි කරලා හොදට පුරුදුයි නොවැ)
    වටිනා සටහනක් !

    ReplyDelete
  40. Excellent Chamika,how Iappricite U!

    ReplyDelete
  41. Excellent Chamika,how Iappricite U!

    ReplyDelete
  42. හොඳ ලිපියක්.....මම මේ ට්‍රේඩ් එකට සම්බන්ධයි. මේ ලිපිය වටිනවා. වීදුරු තැබීමේ පිලිවෙල වෙන වෙලාවක ලියන්න.ගොඩාක් අය ටේබ්ල් එකේදී වීදුරු පටලගන්නවා.

    ReplyDelete
  43. ප්‍රයෝජනවත් ලිපියක් .ගොඩක් හොඳ ලිපියක්. තව මේ වගේ හොඳ දෙවල් කර ගෙන යන්න කියල සුබ පතනව...!

    ReplyDelete
  44. අඩෝ මම කන එක නවත්තනවා.බුදු අම්මෝ,හිරේ යනවා වගේනේ බන්.මිට වඩා හොදයි බ ඉබික්කමක් ආණ දෙකට කඩන් කනවා :B පොස්ට් එකනම් පට්ට ඈ

    ReplyDelete
  45. පට්ට පෝස්ටුව ආ....... සුපිරි.... සමහර තැන් වලට ගියාම කම්මලක් දාලා වගේ.සද්දේ. එල එල. තැන්කු යු වේවා මචාං.............
    .

    ReplyDelete
  46. ප්‍රයෝජනවත් ලිපියක්. ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොඩි කාලෙ ඉඳන්ම වමත හුරු වුණු අයට දකුණතින් පිහිය පාවිච්චි කරන්න ටිකක් අමාරුයි නෙ. මොකද කියනවනම් මමත් වමත්කරුවෙක්. දකුණතින් වැඩ කරන්න නුහුරුයි.

    ReplyDelete
  47. niyamai Sahooooo hiyamai........thawath mee wagee deewal post karanna :D suba pethum :D (y)

    ReplyDelete
  48. mata notherena deyak tyenawa machan... api boho durata lankawenam oya wage kanna sidda wenne bath(rice) ne. pihiya nam use wenawa adui ne. handenne kanne. ethakota machan othana garuppuwa bawitha karana widiyata handa pawichchi kaloth harida?

    ReplyDelete
    Replies
    1. චාමික වෙනුවට මම උත්තරයක් දෙන්නම්. කමක් නැද්ද මන්දා..

      රයිස් & කරි මෙනු එකකට ටේබ්ල් එක ලේ අවුට් කරන කොට පිහිය ලඟින්ම එතනින් ටේබල් ස්පූන් එකක් තියනවා. එතකොට ගෑරුප්පුව වම් අතිනුත් ස්පූන් එක දකුණු අතිනුත් පාවිච්චි කරන්න ඕන. පොඩි හෝටල් වල නම් පිහිය තියන්නේ නැහැ. නමුත් බත් එක්ක චිකන් තියෙනවා නම් පිහිය අවශ්‍යයිනේ කපාගන්න. පිහිය, ගෑරුප්පුව, හැන්ද අල්ලන ක්‍රම තියෙනවා. මතක තියාගන්න ෆෝක් & ස්පූන් එක පාවිච්චි කරන ගමන් ...නයිෆ් එක පාවිච්චි කරන්න වුනොත්,,,ස්පූන් එක ටේබ්ල් එක උඩ තියන්න එපා. ඔබේ පිඟානේම තියාගන්න. නැත්නම් ඔබේ සයිඩ් ප්ලේට් එක (වම් පැත්ත ) උඩ තියන්න..නැවත පාවිච්චි කරන කම්. මේවා එච්චර ලොකු වැඩ නෙමේ ක්‍රමවත්ව ඉගෙනගත්තාම. නැත්නම් හරි කැතයි .

      Delete
    2. ස්තූතියි ඔබට!!

      Delete
  49. එක්කෝ අත හොදයි බන්

    ReplyDelete
  50. පින්තූර නැහැනේ..

    ReplyDelete
  51. Meke thiyana Photo ekakwath pannanne nane...

    ReplyDelete
  52. මම දන්නා තරමින් හරි ඔර්ඩර් එක නම් Starter (salad ), Soup, Main course, Desert . නොදන්නා අයට ඉගෙන ගන්න වටිනා ලිපියක්

    ReplyDelete
  53. නියමයි.............ගොඩක් දෙවල් ඉගෙනගත්තා...මේ වගේ ලිපි තවත් දන්නත..

    ReplyDelete
  54. හොඳ ලිපියක් ස්තුතියි දැනුවත් කලට

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??