Pages

Sunday, February 19, 2012

නිවාඩු දිනයක් වුන "මහා ශිව රාත්‍රිය" ගැන ඔබ දන්නවාද? Lets Know about The Legend of MahaShivaratri !!

හෙට නිවාඩු දිනයක් ලු..
ඒ පාර හදිස්සියෙම කැලැන්ඩරය බැලුවම තමා ඒකත් දැනගත්තේ...


හෙට මහා ශිව රාත්‍රි දිනයයි...
අන්න ඒක හින්දා තමා නිවාඩු..

මොකක්ද මේ මහා ශිව රාත්‍රිය?


මම දැනගෙන හිටියෙත් නෑ..
ඒ හින්දම අන්තර්ජාලය පීරලා ඒ ගැන විස්තර ටිකක් හොයා ගත්තා..
දැන් නම් ඒ ගැන දන්නවා..

ඔයාලත් ඒ ගැන දන්නවද? දන්න අය නොදන්න අය ඔක්කෝටම
“චාමිකයගේ බ්ලොග් ඉසව්ව පැත්තට “

ඒ ගැන මම හොයා ගත්ත දේ දාන්න හිතුවා..
කියවලා බලලා අදහසක් අඩුපාඩුවක් තිබුනොත් දක්වන්න අමතක කරන්න එපා...

හින්දු භක්තිකයන් සමරනු ලබන මහා ශීව රාත්‍රීය ආරම්භය ගැන වු ජනප්‍රවාද නැතිනම් කතා 06 ගැන ප්‍රධාන වශයෙන් දැක්වේ..

කොහෝම වුනත් එයින් එකක් මම ඉසව්වේ පළ කරන්න හිතුවේ ඒක වඩාත්ම ගැලපෙන කතාව කියලා හිතලා..

අනිත් ටික බලන්න මෙතනින් යන්න...

හින්දු පුරාණ ග්‍රන්ථ තුනක් වන කුර්ම පුරාණය, වායු පුරාණය, ශිව පුරාණය යන තුනෙහිම මෙම කතාව සඳහන් වෙනවා කියලා තමා දැක්වෙන්නේ
( Kurma Purana, Vayu Purana, Shiva Purana)

ඈත අතීතයේදී විශ්ණු දෙවියන් හා බ්‍රහ්ම දෙවියන් අතර ගැටුමක් පටන් ගත්තා..

ඒ ඔවුන්ගේ බලය වැඩි තමන්ගේය කියා මේ දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වු අතර පසුව එය ටිකෙන් ටික ඉතා විනාශකාරී සටනක් බවට පත්විය.
මේ සටන යම් අවසානයකට ගෙන එන්නයි සියලු හින්දු දෙවිවරුන් ශිව දෙවියන්ගෙන් ඉල්ලා සිටි අතර එය පිලිගත් ඔහු විශ්ණු හා බ්‍රහ්ම අතර ඉතා විශාල වු ගින්නක් ඔහුගේ සලකුණ ලෙස දැක්වෙන ශිවලීංගය මතින් ඇති කරන ලදි.


ඉන් පසුව එම ගින්නේ අවසානයත්, උපතත් මුලින් ම සොයා දෙන්නා බලවත් බව පිළිගන්න බව ශිව දෙවියන් දෙදෙනාටම අභියෝගය ලෙස පවසනවා....
එය ඉතාම පහසු කාර්යයක් ලෙස වටහා ගත් දෙවිවරු දෙපලගෙන්
බ්‍රහ්ම දෙවියන් එය අවසානය සෙවීම ඉතා පහසු යයි සලකා හංස වෙසක් ගෙන ඉහල පියඹා ගිය අතර

ඊට වඩා ගින්නේ ආරම්භය සෙවිම පහසු යයි සිතු විශ්ණු දෙවියන් වල් ඌරකු ලෙස වෙස් මවා ගෙන පොළව යටට යන ලදි..
දෙදෙනාම පහසු යයි සිතුවත් එය ඉතාම අපහසු කාර්යයක් විය.

සැතපුම් ගණන් ඇවිදිමින් උපතත්, අවසානයත් සෙව්වත්
සොයා ගත නොහැකි වී තිබුනි.

බ්‍රහ්මගේ මේ ගමන අතර තුරදී ඔහුට “කේතකි පුෂ්පය“ හමුවෙනවා...
ඔහු එය රැගෙන අවසානයේ ශීව දෙවියන් ලගට පැමිණෙන්නේ තමන් එම ගින්නේ අවසානය සොයාගත් බව එම මල පෙන්වා ශිව දෙවියන්ට බොරු කීමට සිතාගෙනයි..

එහේත් අවංකවම තම දෙදෙනාගේම බලයට වඩා ශිව දෙවියන් බලවත් බව බ්‍රහ්ම හා විශ්ණු දෙවියන් පිළිගන්නේ ඉතා නිහතමානීවයි.

කොහෝම වුනත් ශිව දෙවියන් තමාට බොරු කීමට හිතාගෙන පැමිණි බ්‍රහ්ම දෙවියන්ට කිසිවකුට ඔහුට වන්දනා මාන කරන්නට එපායයි ශාප කරන අතර කේතකි පුෂ්පයට දඩුවම් ලෙස කිසිදු පුජාවකට නොගත යුතු මලක් ලෙස ප්‍රකාශ කරනවා..

මෙසේ බල අරගලයකට පත් බ්‍රහ්ම හා විෂ්නු දෙවියන්ට ලෝකයේ යථාර්තය අවබෝධයට සිදු කල පරීක්ෂණය සිහිකරමින් මහාශිව රාත්‍රිය සමරනු ලබනවා...


එදින රාත්‍රිය ලොව පුරා හිංදු බැතිමතුන් උපවාසයේ යෙදෙමින්, කෝවිල් හිනිදි වර්ජිතව රැය පහන් කරමින්, ශිව දෙවිඳුන්ට පුද පූජා පවත්වමින්, පහන්පූජා පවත්වමින් මෙන්ම ශීව දෙවියන්ගේ ගුණ වර්ණනා කෙරෙන දේව ස්තෝත්‍ර ගීතිකාගයමින් මහා ශිව රාත්‍රී උත්සවය සමරනු ලබනවා..



ඉන්දියානු තමිල්නාඩුවේ ඇති තිරුවන්නාමලෙයි නැමති ශිව කෝවිල
මහා ශිව රාත්‍රියේ ප්‍රධාන පහන් පුජාව පවත්වන බව සඳහන් වේ..

තිරුවන්නාමලෙයි නැමති ශිව කෝවිල රාත්‍රියක‍


එහි ඇතුලත...


ශ්‍රී ලංකාවේද හින්දු කෝවිල් වල මහා ශිව රාත්‍රිය උත්සවශ්‍රීයෙන් පවත් වන අතර එයට සහභාගී වීමෙන් ජීවිතයට ආලෝකයක් ලැබෙන බවත් ඉගෙනීම් කටයුතු කරන්නන් හට මහත් ආශිර්වාදයක් වන බවත් පිලිගැනීමයි.

ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේ සියලුම හින්දු බැතිමතුන්ට
“ සුභ ශිව රාත්‍රී දිනයක් වේවායි“

“චාමිකයගේ බ්ලොග් ඉසව්ව“
ප්‍රාර්ථනා කරනවා!!


8 comments:

  1. මෙන්න චාමිකගෙන් තවත් වටිනා ලිපියක්.දිගටම ලියන්න ඔබට දහිරිය ලැබේවා.

    ReplyDelete
  2. එල මචං. මේ පෝස්ට් එක කියවනකං හේතුව දැනගෙන හිටියෙ නෑ.

    ReplyDelete
  3. එතකොට ඇයි බං ඕක උඩ ඉදගන්නේ ;)

    ReplyDelete
  4. අදමයි ඕං සීන් එක දන්නේ...

    ReplyDelete
  5. ශා..... තැන්කූ වේවා.. ශිව රාත්‍රී දවස කිව්වට වෙන්නෙ මොනවද කියලා දැන ගෙන හිටියෙ නෑ නෙ...

    ReplyDelete
  6. "මේ සටන යම් අවසානයකට ගෙන එන්නයි සියලු හින්දු දෙවිවරුන් ශිව දෙවියන්ගෙන් ඉල්ලා සිටි අතර එය පිලිගත් ඔහු විශ්ණු හා බ්‍රහ්ම අතර ඉතා විශාල වු ගින්නක් ඔහුගේ සලකුණ ලෙස දැක්වෙන ශිවලීංගය මතින් ඇති කරන ලදි. ඉන් පසුව එම ගින්නේ අවසානයත්, උපතත් මුලින් ම සොයා දෙන්නා බලවත් බව පිළිගන්න බව ශිව දෙවියන් දෙදෙනාටම අභියෝගය ලෙස පවසනවා..."

    මචන් පුළුවන් නම මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දියන්කෝ.. මට මේ ටික තේරුනේ නෑ හරියට.

    ReplyDelete
  7. Puluwannam shiwarathiye sanscruthika watinakama gana denna puluwanda

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??