Pages

Tuesday, May 17, 2011

අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන දැන ගනිමු...

නමෝ බුද්ධාය !

මේ 2600 බුද්ධ ජයන්තියයි.


බුදුන් වහන්සේ නමක් චතුරාර්ය සත්‍යය අවබෝධය කරගෙන පාරමිතා පුරා බුදුබවට පත්වේ.



එම උතුම් තත්වයට පත්වීම ඉතා අපහසු කාර්යයකි.මෙතෙක් ඒ අපහසු තත්වය දිනාගෙන බුදු බවට පත්වු බුදුරජාණන් වහන්සේලා විසි අටකි.

මේ ඒ පිළිබඳවයි.

01.තණ්හංකර බුදුරජාණන් වහන්සේ
සුනන්ද පිය රජු හා මනෝනඤ මව් දේවිය මවු පදවිය ලබා උපන් තණ්හංකර බුදුරජාණන් වහන්සේ දින හතක් දුෂ්කර ක්‍රියා කොට රුක් අත්තන ගසක මුල බුදුබවට පත්විය.

02.මේධංකර බුදුරජාණන් වහන්සේ
සුදේව රජු හා යසෝධරා දේවියට මවුපියන් වු මේධංකර බුදුන් සති 02 ක් දුෂ්කර ක්‍රියා කොට කෑල නැමති බෝධි මුලයේදී බුදු බවට පත්විය.

03.සරණංකර බුදුරජාණන් වහන්සේ
සුමංගල රජු හා යසවතී දේවිය මවුපියන් වු සරණංකර බුදුරජාණන් වහන්සේ පුලිල බෝධි මුලයේදී මාසයක කාලයක් දුෂ්කර ක්‍රියා කොට බුදු බවට පත්විය.

04.දීපංකර බුදුරජාණන් වහන්සේ
සුදේව රජු හා සුමේධා දේවිය මවුපියන් වු දීපංකර බුදුරජාණන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්‍රියා කොට පුලිල බෝධි මුලයේදී බුදු බවට පත්විය.

05.කොණඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ
සුනන්ද රජුත්,රම්‍යාවති දේවියත් මවුපියන් වු කොණඩඤ්ඤ බුදුන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්‍රියා කොට සල් ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.

06.මංගල බුදුරජාණන් වහන්සේ
මංගල බුදුන් වහන්සේ මාස 08 ක් දුෂ්කර ක්‍රියා කොට නා ගස් සෙවණකදී බුදුබවට පත්විය.උත්තර රජු හා උත්තර දේවිය මවුපියන් විය.

07.සුමන බුදුරජාණන් වහන්සේ
සුදත්ත රජු හා සිරිමා බිසව මව්පියන් වු සුමන බුදුරජාණන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්‍රියා කොට නා ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.

08.රේවත බුදුරජාණන් වහන්සේ
විපුල රජු හා විපුල බිසව මව්පියන් වු රේවත බුදුරජාණන් වහන්සේ මාස07ක් දුෂ්කර ක්‍රියා කොට නා ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.

09.සෝභිත බුදුරජාණන් වහන්සේ
සෝභිත බුදුරජාණන් වහන්සේ සතියක කාලයක් දුෂ්කර ක්‍රියා කොට නා ගසක මුල බුදු බවට පත්විය.සුධම්ම රජු හා සුධම්ම දේවිය මව්පියන් විය.

10.අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ
යසවන්න රජු හා යශෝධරා දේවිය මවුපියන් වු අනෝමදස්සී බුදුන් වහන්සේ මාසයක් දුෂ්කර ක්‍රියා කොට කුඹුක් ගස සෙවණේදී බුදු බවට පත්විය.

11.පදුම බුදුරජාණන් වහන්සේ
සුදේව රජු හා අනෝමා දේවිය මව්පියන් වු පදුම බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්‍රියා කොට මුරුත බෝධි මුලයේදී බුදුබවට පත්විය.

12.නාරද බුදුරජාණන් වහන්සේ
මුරුත බෝධි මුලයේදී බුදුබවට පත්විය.

13.පදුමුත්තර බුදුරජාණන් වහන්සේ
කිරිපලු ගසක යට බුදුබවට පත්වු පදුමුත්තර බුදුන් වහන්සේ සතියක් දුෂ්කරක්‍රියා කොට ඇත.සුජාතා දේවිය හා ආනන්ද රජු මව්පියන් වේ.

14.සුමේධ බුදුරජාණන් වහන්සේ
බක්මී ගසක් සෙවණේ බුදු බව ලැබු මාස 08 ක් දුෂ්කරක්‍රියා කලේ සුමේධ බුදුන් වහන්සේයි.එම හිමියන්ගේ මව්පියන් වුයේ සුමන දේවිය හා සුදත්ත රජතුමාය.

15.සුජාත බුදුරජාණන් වහන්සේ
උද්ගත රජු හා ප්‍රභාවති දේවිය මවුපියන් වු සුජාත බුදුන් වහන්සේ මාස 10ක් දුෂ්කර ක්‍රියා කොට හුණ ගසක සෙවණේ බුදු බවට පත්විය.

16.පියදස්සී බුදුරජාණන් වහන්සේ
සුදත්ත රජු හා සුවේන්ද්‍ර බිසව දෙමාපියන් වු පියදස්සී බුදුන් වහන්සේ මාසයක කාලයක් දුෂ්කර ක්‍රියා කරමින් කුඹුක් සෙවණකදී බුදුබවට පත්විය.

17.අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ
සපුගසක සෙවණේ මාස 08 ක් දුෂ්කරක්‍රියා කොට අත්ථදස්සී බුදුන් වහන්සේ බුදු බවට පත්විය.දෙමාපියන් සාගර රජු හා සුදර්ශණා දේවිය වේ.

18.ධම්මදස්සි බුදුරජාණන් වහන්සේ
සුනන්ද දේවිය හා සරණ රජු මව්පියන් වු ධම්මදස්සි බුදු හිමි ධම්මදස්සි බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්‍රියා කොට කරවි ගසක් යට බුදු බවට පත්විය.

19.සිදුහත් බුදුරජාණන් වහන්සේ
කිණිහිර බෝධිය කර ගෙන සිදුහත් බුදු හිමි බුදු බව ලැබු අතර මාස 10ක් දුෂ්කර ක්‍රියා කොට ඇත.පියා උදේනි රජුද, මව සුප්පා බිසව විය.

20.තිස්ස බුදුරජාණන් වහන්සේ
කොහොඹ ගසක මුලයේ බුදුබව ලැබු තිස්ස බුදුරජුන් මාස 08 ක් දුෂ්කර ක්‍රියා කොට ඇත. එම හිමියන්ගේ මව්පියන් වුයේ පදුමා දේවිය හා ජනසන්ධ රජතුමාය.


21.ඵුස්ස බුදුරජාණන් වහන්සේ
ඵුස්ස බුදුන් වහන්සේ මාස 06 ක් දුෂ්කර ක්‍රියා කොට නෙල්ලි ගසක සෙවනේ බුදු බවට පත්විය. එම හිමියන්ගේ මව්පියන් වුයේ සිරිමා දේවිය හා ජයසේන රජතුමාය.

22.විපස්සි බුදුරජාණන් වහන්සේ
පලොල් ගසක සෙවණේ මාස 08 ක් දුෂ්කරක්‍රියා කොට විපස්සි බුදුන් වහන්සේ බුදු බවට පත්විය. මාපියන් වුයේ මදුමති දේවිය හා බන්දුන්තු රජතුමායි.

23.සිඛි බුදුරජාණන් වහන්සේ
අඹ ගසක සෙවණේ මාස 08 ක් දුෂ්කරක්‍රියා කොට සිඩ් නම් බුදුන්වහන්සේ බුදු බවට පත්විය. එම හිමියන්ගේ මව්පියන් වුයේ ප්‍රභාවති දේවිය හා අරුණවන්තු රජතුමාය.

24.වෙස්සභු බුදුරජාණන් වහන්සේ
සල් ගසක සෙවනේ බුදු බව ලබා ගත් වෙස්සභු බුදුන් වහන්සේ මාස 06 ක කාලයක් දුෂ්කර ක්‍රියා කොට ඇත. මාපියන් වුයේ යසවති බිසවත් හා සුප්පාසික රජතුමායි.

25.කකුසඳ බුදුරජාණන් වහන්සේ
කකුසඳ බුදුන් වහන්සේ මාස 10ක් දුෂ්කරක්‍රියා කොට බක් ගසක සෙවණේ බුද බව ලබාගත්තේය.ඛේම පියරජුත්,විශාකා දේවියත් මව්පියන් විය.

26.කෝණාගම බුදුරජාණන් වහන්සේ
දිඹුල් ගසක සෙවණේ බුදු බව ලැබු කෝණාගම බුදුන් වහන්සේ මාස 06ක් දුෂ්කර ක්‍රියා කරන ලදි.මව උත්තරා දේවියද, පියා යඤ්ඤදත්ත රජු ද විය.

27.කස්සප බුදුරජාණන් වහන්සේ
ධනවති දේවියත්,බ්‍රහ්මදත්ත රජු දෙමව්පියන් වු කස්සප බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්‍රියා කොට නුග සෙවණකදි බුදු බවට පත්විය.

28.ගෞතම බුදුරජාණන් වහන්සේ
මහාමායා දේවියත් සුදෝවුන් රජුත් දෙමව්පියන් වු ගෞතම බුදුන් වහන්සේ අවුරුදු 06 ක් දුෂ්කර ක්‍රියා කොට ඇසතු බෝධි මුලයේ දී බුදුබවට පත්විය.

මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඇතුළුව බුදුවරයන් වහන්සේ විසි නව දෙනෙක් වේ...

චාමිකගේ බ්ලොග් එක
බලන හැමෝටම

පින්බර සිතුවිලි වලින් සිත් පිරී ඉතිරෙන
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා…!
කියලා ප්‍රාර්ථනා කරනවා!


පොත පතින් උපුටා ගන්නා ලදි.

15 comments:

  1. බුදු සරණයි! lasa.lasa

    ReplyDelete
  2. නොදන්න නිසයි අහන්නේ ඇයි ඔය හැම බුදුවරයෙක් එක්කම ගහක් සම්බන්ධ වෙලා තියෙන්නේ....?

    අනික මම අහලා තියෙන විදිහට අලුත් බුදුවරයෙක් පහල වෙන්නෙ කලින් කෙනා ගැන අමතක වුනාමලු. එතකොට ඔය කලින් බුදු වෙච්ච අය ගැන කොහොමද දන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔව්,මිත්‍රයා එක් බුදු වරයෙකු ලොව පහල වී එතුමාගේ ධර්මය ලොවෙන් චුතවී බොහෝ කලකට පසුව අනෙක් බුදුවරු පහල වෙන එක සත්‍යයක් . මෙකල කිසිම පුද්ගලයකු ට මේ ගැන නිසි අවබෝධයක් නෑ,,, නමුත් නැවතත් බුදුවරයෙක් පහලවූ වොත්, එතුමාට තුන් කාලයම දැකීමේ නුවණ පහල වන්නේය, කල්ප ගණනාවක් පසුපසට උවත් බැලිය හැක....

      Delete
  3. ඇත්තටම සෑහෙන්න වැදගත් ලිපියක් ........

    "12.නාරද බුදුරජාණන් වහන්සේ" දුෂ්කර ක්‍රියා කරලා නැද්ද .....

    ReplyDelete
  4. හරී සොයුරාට
    මචං හරී, පුදු රජාණන් වහන්සේ නමක් ලොවට පහල වෙන්නේ කල්ප ගණනාවකට පස්සේ. කල්පයක් කියන්නේ මහා කාලයක් ඒක බුදුන්ගේ ධර්මයේ විස්තර වෙන්නේ මෙහෙමයි. "දිග පළල යොදුන බැගින් ඇති උසින් යොදුනක් ඇති ඒක ඝන කළුගලක් සිය වසරකට වරක් කසි සළුවකින් පිස දැමුවහොත් ඒ කළුගල කලකදී ගෙවි යන්නේය. නමුත් කල්පය ගෙවි නොයන්නේය." (වැඩි විස්තර http://piyamana.com/WebPortal/Navigation_bar/articles/piyamana_articls/loka-vinasaya.html)

    ඉතින් එවන් කල්පයක් ගෙවී යන විට බුදුන් දෙසූ ධර්මය මිනිසුන් කෙරෙන් ගිලිහී යයි. එවිට ධර්මයද බුදුන්ගේ මතකයද මිනිස් සිත් තුල නැති වී යයි. නමුත් යලිත් බුදු රජාන්න් වහන්සේ නමක් ලොවට පහල වී මිනිසුන් හට ධර්මය දේශනා කරයි. එවිට පෙර විසු බුදු රජානන් වහන්සේලා ගැන යලිත් මතක් කර දෙයි.
    ධර්මය ගැන විස්තර මෙම අඩවි වලින් බලා ගන්න
    http://www.mahamevnawa.lk
    http://sinhalabuddhism.blogspot.com/

    ReplyDelete
  5. ටොප් ලිපියකි! මේ කාරණය මට මතක් උනේ රේරුකාණේ හාමුදුරුවන්ගේ ග්‍රන්ථයක් මා සතුව තිබී නැති වී කාලයකට පසුය! වාසනාවකට මෙම වෙබ් අඩවිය මගින් උන්වහන්සේ ගේපොත් කියවීමට පහසුකම් සලසා තිබේ
    http://www.ogatharana.org/

    ReplyDelete
  6. thanks a lot for ur comments!
    ELAKIRI MAN
    පන්සල් හංදිය
    lasa
    Herath
    තනි අලියා
    ස්තුතියි හැමදෙනාටම...සහ දැනුවත් කිරීම් හා ඒ සඳහා අවශ්‍ය වෙබ් අඩවි ලබාදීම ගැන..

    ඔබට යමක් ලැබුනා නම් එය ඉතා වටිනවා!!
    තවත් හොද දේ දාන්න බලාපොරොත්තු වෙනවා!
    ඉඩ තියෙන වෙලාවට ඇවිත් යන්න..

    ReplyDelete
  7. වැඩේ නම් හොඳයි ඒත් පොඩි අඩුවක් තියෙනවා. මෙච්චර කල් පහල වෙලා තියෙන්නේ බුදුවරු 28 ක් නෙමෙයි ඊටවඩා ගොඩක් වැඩියි. නමුත් අපි කතා කරන බුද්ධ දේශනාවල සඳහන් අට විසි බුදුවරු ගැන කියවෙලා තියෙන්නේ මොකද දන්නවද. බුදු කෙනෙක් බුදු වීමට නම් බුදුවරුන් තුන දෙනෙක් ගෙන් අනියත විවරණ හා බුදුවරු 24 (සූ විසි නමක්) ගෙන් නියත විවරණ ලැබිය යුතුයි කියල. ඔබට මතක ඇති ගෞතම බුදුන් පළමු නියත විවරණ ලබන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් කියල. ඒ අනුව ගෞතම බුදුරදුන් විසින් පෙර සිටි බුදුවරු 27 නමක් සහ මීළඟ බුදුරදුන් පිලිබඳ විස්තර සඳහන් කළා.

    කොහොම උනත් මේ විස්තර බ්ලොග් එකක සටහන් කිරීම නම් ගොඩක් වටිනවා....

    ReplyDelete
  8. මම දන්නා විදියට බුදු හාමුදුරුවන් දුෂ්කර ක්‍රියා කලාට බුදු බවට පත් උනේ මැදුම් පිළිවෙත අනුගමනය කිරීමෙනි.එයත් එකතු කලානම් වඩා හොදයි .

    ReplyDelete
  9. very good article....Thank you very much....

    ReplyDelete

පහුගිය ආර්ටිකල් බැලුවේ නැද්ද??